මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.
ඔයා නරඹන්නාට පැක් එකෙන් කැමති කාඩ් 2ක් ගන්න කියනවා. ඊට පස්සෙ ඔයාගෙ මානසික බලය යොදලා ඒ කාඩ් 2 මොකක්ද කියල කියනවා. මානසික බලය කියල කිවුවම බය වෙන්න එපා. අපි බලමු කොහොමද වැඩේ යන්නෙ කියල.
මෙන්න වැඩේ යන හැටි.
මුලින්ම මේ ප්රයෝගයට පෙර සූදානමක් වශයෙන් ඔයා පැක් එකේ තියෙන සියලුම, අංක 10, Jack(J), Queen(Q), King(K) යන කාඩ් ඉවත් කරන්න. ඒ වගේම මෙහිදී අසියා (Ace) ගේ වටිනාකම 1 ලෙස ගන්න.
දැන් ඔයා ප්රයෝගය ඉදිරිපත් කරන්න සූදානම්. දැන් නරඹන්නා ඉදිරියේ පැක් එක හොදින් Shuffle කරන්න. දැන් නරඹන්නාට කියන්න එයා කැමති තැනකින් පැක් එක Cut කරන්න කියල. පැක් එක Cut කලාට පස්සෙ ගොඩවල් 2ක් තියෙනවා. දැන් ඒ ගොඩවල් 2 මේසය මත තියන්න. දැන් නරඹන්නාට කියන්න මේ ගොඩවල් 2න් එයා කැමති ගොඩක් පෙන්වන්න කියල. එයා ගොඩක් පෙන්නුවට පස්සෙ ඔයා ඒ ගොඩ අතට ගන්න. අරන් මුහුණත යටට සිටිනසේ ඒ ගොඩ අවානක් සේ සකසන්න.(fan out කරන්න). දැන් නරඹන්නාට කියන්න කැමති කාඩ් එකක් ගන්න කියල.
දැන් නරඹන්නාට කියන්න එයා ගත්ත කාඩ් එකේ මුහුණත වටිනාකම 2න් වැඩි කරන්න කියල. ඊට පස්සෙ ඒ ආපු පිළිතුරට 5ක් එකතු කරන්න කියන්න. දැන් ලැබුනු පිළිතුර 5න් වැඩි කරන්න කියන්න. දැන් නරඹන්නාට කියන්න එයාට ලැබුනු පිළිතුර හොදින් මතක තියා ගන්න කියල.
දැන් කලින් පැක් එක Cut කරල ඉතුරැ වුන අනෙක් ගොඩ ගන්න. අරන් ඒකත් කලින් වගේ fan out කරල නරඹන්නාට කැමති කාඩ් එකක් ගන්න කියන්න. දැන් ඒ කාඩ් එකේ මුහුණත වටිනාකම කලින් ලැබුන පිළිතුරට ( මතක තියා ගත්ත පිළිතුරට ) එකතු කරන්න කියන්න. දැන් අවසාන පිළිතුර මොකක්ද කියල නරඹන්නාගෙන් අහන්න. එයා අවසාන පිළිතුර ඔයාට කිවුවට පස්සේ....
මෙන්න ප්රයෝගය.
.... ඔයා ඒ පිළිතුරෙන් 25ක් හිතෙන් අඩුකරන්න. දැන් ඔයාට පිළිතුරක් ලැබෙයි. ඒ පිළිතුර අනිවාර්යෙන්ම ඉලක්කම් 2කින් යුතු එකක්. ඒ පිළිතුරේ පළමු ඉලක්කම වෙන්නෙ නරඹන්නා මුලින්ම ගත්ත කාඩ් එකේ මුහුණත වටිනාකම. දෙවන ඉලක්කම වෙන්නෙ නරඹන්නා දෙවනියට ගත්ත කාඩ් එකේ මුහුණත වටිනාකම.
දැන් ඉතිං ඔයා පිහියෙන් ඇන්න වගේ පිළිතුර දෙන්න යන්න එපා. මේක Mind Reading Trick එකක්. ඒ නිසා ටිකක් නරඹන්නාගේ හිත කියවනවා වගේ පෙන්නලා, පොඩි වැඩක් එහෙම දාල පිළිතුර දෙන්න. එක පිළිතුරක් දීලා ආයෙත් ටිකක් රගපාලා එහෙම දෙවන පිළිතුර දෙන්න. ඔයා කැමති නම් මුලින් වැරදි පිළිතුරක් එහෙම දීල ආයේ චාන්ස් එකක් ඉල්ලලා නිවරදි පිළිතුර දෙන්න. එතකොට තමයි ප්රයෝගයේ අගය වැඩිවෙන්නෙ.
බලන්නකො මේ උදාහරණය.
අපි හිතමු මුලින්ම ගන්න කාඩ් එකේ මුහුණත අගය අංක 3 කියල.
මුලින්ම 3 * 2. ඒ කියන්නෙ 6.
දැන් ලැබුන පිළිතුරට 5ක් එකතු කරනවා. 6 + 5 = 11.
දැන් ලැබුන පිළිතුර 5න් වැඩි කරනවා. 11 * 5 = 55.
දැන් නරඹන්නාට මේ පිළිතුර හොදින් මතක තියාගන්න කියල දෙවනි කාඩ් එක ගන්න කියනවා. අපි හිතමු දෙවනි කාඩ් එකේ මුහුණත අගය 7 කියල. දැන් කලින් ලැබුන පිළිතුරට මේ අගය එකතු කරනවා.
55 + 7 = 62.
දැන් ඔයා නරඹන්නාගෙන් මේ පිළිතුර දැන ගත්තට පස්සෙ මේ පිළිතුරෙන් 25ක් අඩු කරන්න.
62 - 25 = 37
දැන් ඔබට ලැබුනු මේ පිළිතුරට අනුව නරඹන්නා ගත්ත පළමු කාඩ් එක වන්නේ මුහුණත අගය අංක 3 වන කාඩ් එකක්. නරඹන්නා ගත්ත දෙවන කාඩ් එක වන්නේ මුහුණත අගය අංක 7 වන කාඩ් එකක්.
යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣
0. you have numbers 1,....9 only.
ReplyDelete1. ((x*2)+5)*5 = 10x+25
2. y
3. 10x+25 +y = final answer
finidng digits
4.10x+y+25 -25 = 10x+y (two digit number)
so it is always x is the first digit (because of *10) and y is the last digit.
@ Anonymous
ReplyDeletethanx for your Comment and ur calculation. :)
මෙ මැජික් එකට කාඩ් පැක් එකක් නැතත් කමක් නැ. මාර මැජික් .......ත් නොකන කාඩ් පැක්
ReplyDelete@ Anonymous
ReplyDeleteස්තුතියි කමෙන්ට් එකට. ඔයාට කැමති විදිහට trick එක කරන්න අවස්ථාව තියෙනවා.
honda honda sira majika majic seeye
ReplyDelete@ UrDatabase.com
ReplyDeletethanx for ur comment. but i'm not a seeya. :)
@ බිඟූ...!
ReplyDeleteකමෙන්ට් එකට ස්තුතියි !!. :)
නියමයි
ReplyDelete@ සුපුෂ්පිත අතපත්තු
ReplyDeleteස්තුතියි කමෙන්ට් එකට. :)
මරු මරු මරු....................
ReplyDelete@ knightrider
ReplyDeleteතැන්කු.තැන්කු.තැන්කු !!! :)
very good.thank you
ReplyDelete@ Anonymous
ReplyDeletethanks for your comment.
ela......
ReplyDelete@ Anonymous
ReplyDeletethanks.
niyamai
ReplyDelete@ucm Sulochana
ReplyDeletethanks.