Pages

Tuesday, May 24, 2011

කාසි වලින් කරන මැජික් - Coin Trick Revealed !!!

                              ඔන්න යාලුවනේ මම කලින් වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරන්නයි යන්නෙ අද. මතක ඇතිනේ මම කලින් කිව්වෙ ඔයාලට කාසි වලින් කරන ප්‍රයෝග ( Coin Tricks ) කීපයක් කියල දෙනව කියල. ඔන්න ඉතිං අද ඒ ටික කියල දෙන්න තමයි යන්නෙ.



මුලින්ම මෙන්න මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්නකො. මේකෙ තියෙන් පොඩි හැදින්වීමක් වගේ එකක් ( intro එකක් ). ඒ කියන්නෙ මේ Coin Trick කිහිපය  Perform කරන විදිහය තමයි තියෙන්නෙ.




දැන් මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්නකො. මේකෙ තියෙන්නෙ කොහොමද මේ Coin Trick කිහිපය කරන්නෙ කියන එක. ඒ කියන්නෙ මේ ප්‍රයෝග වල රහස. ( Coin Trick Revealed )




එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙන කරල බලන්නකො.


යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Friday, May 20, 2011

සහෘදයෙකුගේ නික්ම යෑම !!!

                    කිසිදිනෙක හමුවී නැතත්, කිසිදිනෙක කතාබහ කර නැතත්, ඔබගේ නික්ම යෑම තදින්ම හදට දැනේ. ඒ අන් කිසිවක් නිසා නොව ඔබත් සිංහල බ්ලොග් අවකාශයේ අපේම සහෝදරයෙකු බැවිනි.

දිලුම් සොයුර, ඔබට නිවන්සුව !!!

Monday, May 9, 2011

කලකට පස්සේ වෙලකට බැස්සේ !!! [ ♠♦ මැජික් | Magic ♥♣]

                    මාසෙකින් විතර පොස්ට් එකක් ලියන්න ලැබුනේ. වෙබ් ප්‍රොජෙක්ට් එකක් කරන්න කාලය වැය කල නිසා පෝස්ට් එකක් දාන්න බැරිවුනා. හා හා පුරා කියල කරපු වෙබ් ඇප්ලිකේෂන් එක සර්වර් එකට දාලා ටික දවසයි තිබුනෙ. දැන් සයිට් එකට යන්න බැ.සර්වර් එකේ මොකක් හරි කේස් එකක්. ඊට පස්සෙ ඉතිං ‍ෆ්‍රී හොස්ටින් හොය හොය ඉන්න අතරෙදි තමයි වැප් බ්ලොග් එකේ තිබුන Google App Engine වල හොස්ට් කරන එක ගැන පෝස්ට් එක දැක්කෙ. ‍මේක දැක්ක වෙලේ ඉදන් මම වැඩේට බැස්ස. මම මුලින්ම කරපු වෙබ් ඇප් එක ඩේටාබේස් එක්ක යන Java Persistence එහෙම භාවිතා කරල කරපු ඇප්ලිකේෂන් එකක්. ඉතිං මේක Google App Engine එකේ හොස්ට් කරන්න කලින් මට හිතුන Google App Engine එකේ තියෙන වැඩ කෑලි ටික අල්ල ගන්නත් එක්ක වෙන පොඩි වෙබ් ඇප්ලිකේෂන් එකක් හදල දාන්න. වැඩේ කියන්නෙ Google App Engine එකේ විස්තර කරල තිවුනෙ Eclipse වලින් Google App Engine එකට වෙබ් ඇප් ඩිවලොප් කරන හැටි. ඉතිං 200MBට ටිකක් විතර වැඩියෙන් තිබුන Eclipse IDE එකත් අමාරැවෙන් භාගෙන වැඩේ සෙට් උනා. පුදන කොටම කාපි යකා කියල වැඩේට සෙට් වෙන කොටම JSP File Project එකට ඇඩ් කරන කොට Errors එන්න ගත්ත. ටික දවසක් වැඩේට ට්‍රයි කලා හරි ගියේ නැ. පස්සෙ ඉතිං ආයේ ගූගල් පීරල පීරල නෙට්බීන්ස් වලින් වැඩේ ගොඩදාගන්න ක්‍රමයක් හෙව්වා.සොයන්නාට සම්බවේ කියනවනේ. වැඩේ කරගත්ත කොහොම හරි.Google App Engine එකේ වැඩ ටික අල්ල ගන්නත් එක්ක කලේ පොඩි SEO සයිට් එකක්. දැන් ඉතිං මම මුලින්ම කරපු වෙබ් ඇප්ලිකේෂන් එකත් Google App Engine එකට දාගන්න ඕන. මේ දවස් ටිකේ ඒකට තමයි මහන්සි වෙන්නෙ. ඒ නිසා තමයි පෝස්ට් එකක් දාන්නත් බැරි උනේ.

මම ඊලගට කියල දෙන්න හිටියෙ කාසි වලින් කරන මැජික් ටිකක් ( Coin Tricks ). ඒත් ඒකේ වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න බැරි උනා. ඒ නිසා ඒක අප්ලෝඩ් කර ගන්න තෙක් වෙන මැජික් ට්‍රික් ටිකක් කියල දෙන්නම්.

ඊලග පෝස්ට් එක හෙට හෝ අනිද්දා විතර දාන්නම්. ඒ පෝස්ට් එකෙන් කියල දෙන්න බලාපොරොත්තු වෙන්නෙ කොහොමද මුද්දක් නූලක එල්ලලා නූල පුච්චන්නෙ මුද්ද වැටෙන්නෙ නැතිවෙන්න කියලයි.

එහෙනම් ඊලග පෝස්ට් එකෙන් හම්බවෙමු.

යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣