Pages

Tuesday, May 24, 2011

කාසි වලින් කරන මැජික් - Coin Trick Revealed !!!

                              ඔන්න යාලුවනේ මම කලින් වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරන්නයි යන්නෙ අද. මතක ඇතිනේ මම කලින් කිව්වෙ ඔයාලට කාසි වලින් කරන ප්‍රයෝග ( Coin Tricks ) කීපයක් කියල දෙනව කියල. ඔන්න ඉතිං අද ඒ ටික කියල දෙන්න තමයි යන්නෙ.



මුලින්ම මෙන්න මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්නකො. මේකෙ තියෙන් පොඩි හැදින්වීමක් වගේ එකක් ( intro එකක් ). ඒ කියන්නෙ මේ Coin Trick කිහිපය  Perform කරන විදිහය තමයි තියෙන්නෙ.




දැන් මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්නකො. මේකෙ තියෙන්නෙ කොහොමද මේ Coin Trick කිහිපය කරන්නෙ කියන එක. ඒ කියන්නෙ මේ ප්‍රයෝග වල රහස. ( Coin Trick Revealed )




එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙන කරල බලන්නකො.


යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Friday, May 20, 2011

සහෘදයෙකුගේ නික්ම යෑම !!!

                    කිසිදිනෙක හමුවී නැතත්, කිසිදිනෙක කතාබහ කර නැතත්, ඔබගේ නික්ම යෑම තදින්ම හදට දැනේ. ඒ අන් කිසිවක් නිසා නොව ඔබත් සිංහල බ්ලොග් අවකාශයේ අපේම සහෝදරයෙකු බැවිනි.

දිලුම් සොයුර, ඔබට නිවන්සුව !!!

Monday, May 9, 2011

කලකට පස්සේ වෙලකට බැස්සේ !!! [ ♠♦ මැජික් | Magic ♥♣]

                    මාසෙකින් විතර පොස්ට් එකක් ලියන්න ලැබුනේ. වෙබ් ප්‍රොජෙක්ට් එකක් කරන්න කාලය වැය කල නිසා පෝස්ට් එකක් දාන්න බැරිවුනා. හා හා පුරා කියල කරපු වෙබ් ඇප්ලිකේෂන් එක සර්වර් එකට දාලා ටික දවසයි තිබුනෙ. දැන් සයිට් එකට යන්න බැ.සර්වර් එකේ මොකක් හරි කේස් එකක්. ඊට පස්සෙ ඉතිං ‍ෆ්‍රී හොස්ටින් හොය හොය ඉන්න අතරෙදි තමයි වැප් බ්ලොග් එකේ තිබුන Google App Engine වල හොස්ට් කරන එක ගැන පෝස්ට් එක දැක්කෙ. ‍මේක දැක්ක වෙලේ ඉදන් මම වැඩේට බැස්ස. මම මුලින්ම කරපු වෙබ් ඇප් එක ඩේටාබේස් එක්ක යන Java Persistence එහෙම භාවිතා කරල කරපු ඇප්ලිකේෂන් එකක්. ඉතිං මේක Google App Engine එකේ හොස්ට් කරන්න කලින් මට හිතුන Google App Engine එකේ තියෙන වැඩ කෑලි ටික අල්ල ගන්නත් එක්ක වෙන පොඩි වෙබ් ඇප්ලිකේෂන් එකක් හදල දාන්න. වැඩේ කියන්නෙ Google App Engine එකේ විස්තර කරල තිවුනෙ Eclipse වලින් Google App Engine එකට වෙබ් ඇප් ඩිවලොප් කරන හැටි. ඉතිං 200MBට ටිකක් විතර වැඩියෙන් තිබුන Eclipse IDE එකත් අමාරැවෙන් භාගෙන වැඩේ සෙට් උනා. පුදන කොටම කාපි යකා කියල වැඩේට සෙට් වෙන කොටම JSP File Project එකට ඇඩ් කරන කොට Errors එන්න ගත්ත. ටික දවසක් වැඩේට ට්‍රයි කලා හරි ගියේ නැ. පස්සෙ ඉතිං ආයේ ගූගල් පීරල පීරල නෙට්බීන්ස් වලින් වැඩේ ගොඩදාගන්න ක්‍රමයක් හෙව්වා.සොයන්නාට සම්බවේ කියනවනේ. වැඩේ කරගත්ත කොහොම හරි.Google App Engine එකේ වැඩ ටික අල්ල ගන්නත් එක්ක කලේ පොඩි SEO සයිට් එකක්. දැන් ඉතිං මම මුලින්ම කරපු වෙබ් ඇප්ලිකේෂන් එකත් Google App Engine එකට දාගන්න ඕන. මේ දවස් ටිකේ ඒකට තමයි මහන්සි වෙන්නෙ. ඒ නිසා තමයි පෝස්ට් එකක් දාන්නත් බැරි උනේ.

මම ඊලගට කියල දෙන්න හිටියෙ කාසි වලින් කරන මැජික් ටිකක් ( Coin Tricks ). ඒත් ඒකේ වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න බැරි උනා. ඒ නිසා ඒක අප්ලෝඩ් කර ගන්න තෙක් වෙන මැජික් ට්‍රික් ටිකක් කියල දෙන්නම්.

ඊලග පෝස්ට් එක හෙට හෝ අනිද්දා විතර දාන්නම්. ඒ පෝස්ට් එකෙන් කියල දෙන්න බලාපොරොත්තු වෙන්නෙ කොහොමද මුද්දක් නූලක එල්ලලා නූල පුච්චන්නෙ මුද්ද වැටෙන්නෙ නැතිවෙන්න කියලයි.

එහෙනම් ඊලග පෝස්ට් එකෙන් හම්බවෙමු.

යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Wednesday, March 16, 2011

3 in 1 - Magic Videos...

 

ඉතිං කොහොමද යාලුවනේ... මාසෙකට විතර පස්සෙ තමයි බ්ලොග් එක පැත්තෙ එන්න ලැබුනෙ. මම නම් හිතන් හිටියෙ මේ වෙනකොට බ්ලොග් එකේ මකුණු දැලුත් බැදල ඇති කියලයි. ඒත් Stats බැලුවමයි ආපු ඊ මේල් බැලුවමයි නම් පෙනුන ඒක එහෙම නෙමෙයි කියල. මාසයක් විතර post එකක් දාන්න බැරිවුනත් කට්ටිය බ්ලොග් එකට ඇවිත් ගිහින් තිබුනා. පසුගිය මාස 2ක 3ක කාලය ගොඩක් කාර්යයබහුල වුනා. ඒකයි බ්ලොග් එක පැත්තෙ එන්න බැරිවුනේ.ඔන්න ඉතිං දැන් ආයෙත් සුපුරැදු විදිහටම බ්ලොග් එක කරගෙන යනවා.

මම මේ වෙනකොට ඔයාලට Magic Video Tutorials 3ක් දීල තියෙනවා. ඒ තමයි World Fastest Card Tick, 9 Cards Trick සහ Card Levitation Trick එකක්.

ඉතිං මෙච්චර කාලයක් අපි මැජික් කලේ කාඩ් පැක් එකේ කාඩ් උපයෝගී කරගෙන නේ. කාඩ් විතරක් නෙමේ කාසි,බෝතල්,ඔරලෝසු,පෑන්,පැන්සල් වගේ අපිට නිතර හමුවෙන ගොඩක් දේවල් උපයෝගී කරගෙන මැජික් කරන්න පුලුවන්. ඔයාල දැකල ඇතිනේ ඒ වගේ මැජික් ඉදිරිපත් කරනවා. තව දවස් කීපයකින් මම ඔයාලට කියල දෙන්නම් කාසි යොදාගෙන කරන්න පුලුවන් මැජික් කීපයක්. ඒකට අදාල Video Tutorial එක upload කරන්න උනේ නෑ තවම. ඒක upload කල ගමන් කාසි වලින් ඉදිරිපත් කරන්න පුලුවන් මැක්සා ප්‍රයෝග ටිකක් ඔයාලටත් ඉගෙන ගන්න පුලුවන්.

ඉතිං අද නම් මම අලුත් ප්‍රයෝගයක් කියල දෙන්නෙ නැහැ ඔයාලට. ඒත් මම කලින් දීපු Magic Video Tutorials 3 ගත්තෙ නැති අයට ගන්න මම ඒ ලින්ක් 3 අද ලබාදෙනවා. මේ තියෙන්නෙ ඒ ලින්ක් 3.

World Fastest Card Tick

9 Cards Trick

Card Leviation Trick (1)


මේ වීඩියෝ 3 ගත්තෙ නැති අය ගන්න. Card Levitation Trick එක සදහා උපදෙස් තමයි මේ තියෙන්නෙ.

Card Levitation Trick එකේ තියෙන සුදු පාට පටිය විදිහට ඔයාට විනිවිධ පෙනෙන (Transparent) පටියක් භාවිතා කරන්න පුලුවන්. එය  විනිවිධ පෙනෙන ෆයිල් කවරයකින් කපා ගන්න. විනිවිධ පෙනෙන ෆයිල් කවර stationary items තියෙන කඩවල් වල තියෙනවා.

ඒ වගේම ඒ පටිය කාඩ් එකට ති‍යල අලව ගන්න ඔයාට දෙපැත්තම ඇලවෙන ගම් ටේප් එකක් යොදා ගන්න පුලුවන්. නැත්නම් ගම් උනත් යොදාගන්න පුලුවන්.

මේ වීඩියෝ එකේ ඒ පටිය පැහැදිලිව පෙනෙන්නෙ පැත්තෙන් වීඩියෝ එක අරන් තියෙන නිසා. ඉදිරියෙන් බලන කෙනෙකුට මේ පටිය පෙනෙන්නෙ නෑ.

මැජික් එක ඉවර වෙනවත් එක්කම මේ පටිය කාඩ් එකෙන් වෙන් කරල ඔයාගෙ අතට අරන්, ඔයාගෙ සාක්කුවකට හරි වෙනත් නොපෙනෙන කොහේ හෝ තැනකට දාගන්න අමතක කරන්න එපා.

වෙන ප්‍රශ්න තියෙනව නම් mail එකක් හෝ comment එකක් දාන්න.



මෙන්න පාස්වර්ඩ් එක

magic4me


යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Tuesday, January 25, 2011

Card Levitation Trick - Magic Video

                           හොදයි යාලුවනේ සතියකින් විතර තමයි මේ ප්‍රයෝගයක් දාන්නෙ. මේ දවස් වල ටිකක් වැඩ වැඩියි. ඒ නිසා ටිකක් පරක්කු උනා ප්‍රයෝගයක් දාන්න. ගිය පාර මම ඔයාලට දුන්න Video Tutorial එක තමයි World Fastest Card Trick එක. ඒකෙ World Fastest Card Trick එකයි දෙකයි දෙකම තියෙනවා. ඉතිං අද මම දෙන්න යන්නෙත් තවත් ලස්සන Video Tutorial එකක්. මම හිතනවා ගොඩක් දෙනා මේකට කැමති වෙයි කියල.

ඉතිං මම අද ඔයාලට කියල දෙන්න යන ප්‍රයෝගය වෙන්නෙ Card Levitation Trick එකක්.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

මේ Video Tutorial එක Card Levitation Tutorial එකක්. ගොඩක් දෙනා නොපෙනෙන නූලක් ( Invisible Thread ) භාවිතා කරල තමයි Card Levitation Tricks ඉදිරිපත් කරන්නෙ. හැබැයි මේ වීඩියෝ එකෙන් නූලක් භාවිතා නොකර Card Levitation Trick එකක් ඉදිරිපත් කරන්නෙ කොහොමද කියල පෙන්‍වනවා.

ඒ වගේම තමයි නොපෙනෙන නූලක් ( Invisible Thread ) භාවිතා කරල මේ ප්‍රයෝගය කරන හැටිත් මම ඉදිරියෙදි ඔයාලට කියල දෙන්නම්.

මෙන්න වැඩේ යන හැටි.

ඉතිං කලින් වගේම මේ Video Tutorial එක ඕන අය පහත Email Address එකට Email එකක් දාන්න. Email එකේ Subject එකට Card Levitation (1) කියල දාන්න.

         magics4me@gmail.com
 යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣