අද මම කියල දෙන්න යන මැජික් එක සමහර විට ඔයා දන්න එකක් වෙන්න පුලුවන්. ඒත් නොදන්න කට්ටියට දැන ගන්නත් එක්ක මම කියල දෙන්නම්. මේ ඕපන් සෙසමි (Open Sesame).
මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.
කාඩ් 21ක් රැගෙන කාඩ් 21 වාර 3ක් කලවම් කිරීමන් අනතුරැව නරඹන්නා සිතා ගත් කාඩ් එක Open Sesame යන වචනය උපයෝගී කරගෙන නිවරදිව පෙන්වීම.
මෙන්න වැඩේ යන හැටි.
කාඩ් පැක් එකෙන් කැමති කාඩ් 21ක් වෙන් කරගන්න. දැන් මේ කාඩ් එකින් එක,මුහුණත (ඉලක්කම් ඇති පැත්ත)උඩට සිටින සේ වරකට එක වෙන්න ගොඩවල් 3කට වෙන් කරන්න.මෙලෙස කාඩ් 21 අවසන් වනතුරැ ගොඩවල් 3ට කාඩ් දමන්න. මෙලෙස වෙන් කරන අතර නරඹන්නාට යම් කාඩ් එකක් මතක තබා ගන්න කියන්න. දැන් ඔබට එක ගොඩකට කාඩ් 7 බැගින් වූ ගොඩවල් 3ක් ලැබී ඇති. දැන් නරඹන්නා මතක තබා ගත් කාඩ් එක ඇති ගොඩ නරඹන්නාගෙන් අසා දැන ගන්න. ඉන්පසුව එම ගොඩ (නරඹන්නා මතක තබා ගත් කාඩ් එක ඇති ගොඩ) මැදට එනසේ ඉතුරැ ගොඩවල් 2ත් එක් කර එක ගොඩක් සකසා ගන්න. නැවතත් පෙර පරිදිම කාඩ් 21 ගොඩවල් 3කට වෙන් කර පෙර කී පරිදිම කරන්න. මෙය වාර 3ක් කල යුතුයි. ඉන් පසු Open Sesame යන වචනයේ අකුරෙන් අකුර කියමින් එක අකුරකට එක කාඩ් එක වෙන්න මේසය මත තියන්න. වචනය කියා අවසන් වූ පසු අතේ ඉතිරිවන ගොඩේ ඊලගට තිබෙන කාඩ් එක නරඹන්නා සිතා ගත් කාඩ් එකයි.
මෙන්න ප්රයෝගය.
මෙහිදී මෙය නිවරදිව වාර 3ක් කල හොත් නරඹන්නා සිතා ගත් කාඩ් එක වාර 3 අවසානයේ 11 වෙනි කාඩ් එක ලෙස කාඩ් පැක් එකේ තිබේවි. Open Sesame යන වචනයේ අකුරැ 10ක් ඇත. එය කියා අවසානයේ ඊලගට අතේ ඇති ගොඩේ මුලින්ම ඇත්තේ 11 වැනි කාඩ් එකයි (නරඹන්නා සිතාගත් කාඩ් එක).Open Sesame යන වචනය කියන්න කලින් නරඹන්නාට කියන්න මේ වචනය ඔබේ මැජික් වචනය බව. එය යොදා ගෙන කාඩ් එක සොයා ගන්නා බව කියන්න.
යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣
5 comments:
WoW Nice magic..
@ Gaminda
thanx machan. keep in touch.
maxaaaa majic ahh keep it up
wow maxxaaa keep it ap machngzzz
@ විද්දාගේ පරිඝණක ලෝකය
thanx macho...... keep in touch.
Post a Comment