Pages

Tuesday, September 7, 2010

ආසියන්ගේ සාදය (Aces Party)

       
          ඕං එහෙනං හා හා පුරා කියල පලවෙනි මැජික් එක කියල දෙන්නයි යන්නෙ. කට්ටිය කාඩ් පැක් එකක් හොයාගෙන වැඩේට සෙට් වෙලා නේද ඉන්නෙ? මේකට කියන්නෙ ආසියන්ගේ සාදය (Ace Party) කියලයි.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

මේකෙදි අපි ගොඩවල් 4කට කාඩ් පැක් එක වෙන් කරනව. ඊට පස්සෙ සෑම ගොඩකම පළමු කාඩ් එක අරගෙන බලනව. සෑම ගොඩකම පළමු කාඩ් එක විදිහට තියෙන්නෙ ආසියෙක්.

මෙන්න වැඩේ යන හැටි.

අපි නරඹන්නෙකුට කාඩ් පැක් එක දීල කියනව කාඩ් පැක් එක ගොඩවල් දෙකකට වෙන් කරන්න කියල. ඊට පස්සෙ ඒ ගොඩවල් දෙකත් තව ගොඩවල් දෙකකට වෙන් කරන්න කිය‍නව. දැන් ගොඩවල් 4ක් තියෙනව. ඊට පස්සෙ  කැමති ගොඩකින් මුලින්ම තියෙන කාඩ් 3 අරගෙන ඒ ගොඩේම යටින් තියනව. ඊට පස්සෙ ඒ ගො‍ඩෙන්ම මුලින්ම තියෙන කාඩ් 3 අරගෙන ඉතුරැ ගොඩවල් 3නේ උඩින්ම තියනව. එක‍ ගොඩකට එක කාඩ් එකක් වෙන්න. මේ විදිහට ඉතුරැ ගොඩවල් 3ටත් කරනව. ඊට පස්සෙ හැම ගොඩේම පළමු කාඩ් එක  අරගෙන බලනව. සෑම ගොඩකම පළමු කාඩ් එක විදිහට තියෙන්නෙ ආසියෙක්.

මෙන්න ප්‍රයෝගය.

වැඩේ පටන් ගන්න කලින් ආසියො 4 දෙනාම කාඩ් පැක් එකේ උඩින්ම තියා ගන්න. දැන් පෙර කී ලෙස වැඩේ කරන්න.

ඉතා වැදගත් : මෙහිදී ගොඩවල් 4ට වෙන් කිරීමේ දී ආසියො 4 දෙනා ඉන්න ගොඩ ‍හොදින් මතක තබා ගන්න. නරඹන්නාට ‍කාඩ් පැක් එක ගොඩවල් 4ට වෙන් කිරීමට පමණක් අවස්ථාව ලබා දෙන්න. නැත්නම් ඒ වැඩෙත් ඔබම කරන්න. ප්‍රශ්නයක් නෑ.ඒ වගේම කාඩ් මාරැ කිරීමට ඒ ගොඩ අවසානයටම ගන්න. නැත්නම් වැඩේ දෙල්. :D

කියන්න ඕනෙ නැහැනෙ. අවසන් ප්‍රතිඵලය පෙන්වන්න කලින් පොඩි වැඩක් දාන්න හොදේ.




යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න. ♠♦♥♣

4 comments:

Lokka said...

මේක කරලා තියෙන විදිය ලියලා පෙන්නනවාට වඩා වීඩීයෝ එකකින් පෙන්වන එක තමයි නියමම වැඩේ. පූළුවන්නම් යූටියුබ් කරළා පෙන්නන්න. වැඩේ නැඟලා යයි.
anyway All the best !

♠♦ මැජික් | Magic ♥♣ said...

@ Lokka

ස්තුතියි. ඉදිරියෙදි කරන්න බලපොරොත්තු වෙනව. මේ දවස්වල වැඩ ටිකක් වැඩියි. ඒ නිසා දැන්ම කරන්න වෙන්නෙ නෑ.

Hasanka (D)-n◯⏉e™ said...

ඇත්තෙන්ම video clip එකකි කරන විදිහ දානවනම් හුඟක් සාර්ථකයි. නැත්නම් හරියටම කරන හැටි තේරුම් ගන්න අමාරුයි. කොහොම උනත් මරු වැඩක්. දිගටම කරන්න.

♠♦ මැජික් | Magic ♥♣ said...

@ D-Note
ස්තුතියි කමෙන්ට් එකට. video clip මම මේ වෙන කොට ලබා දෙනවා.
http://magics4me.blogspot.com/2010/12/who-is-winner.html

Post a Comment