Pages

Wednesday, October 13, 2010

මෙන්න ගන්න Magic Video + E - Books

       
          ඔන්න මම කලින් Post එකෙන් කිවුවා වගේම අද කියන්නයි යන්නෙ කොහොමද ඔයාලට Video Tutorial ලබා ගන්න පුලුවන් වෙන්නෙ කියල. Video Tutorial විතරක් නෙවෙයි, ඔයාලට වටිනා E-Book ලබාගන්නත් පුලුවන් මේ හරහා. මේකට ක්‍රම කිහිපයක් තියෙනව. ඔන්න එහෙනම් අහගන්නකො ඒ මොනවද කියල.

(1). Facebook වල share කිරීම සහ  Blog එකේ Comment කිරීම.



    මේක කරන්නෙ මෙහෙමයි. ඔයා තවමත් මේ බ්ලොගයේ facebook පිටුවේ සාමාජිකයෙක් වෙලා නැත්නම් ඔය මම දාල තියෙන Like Button එක click කරල සාමාජිකයෙක් වෙන්න. ඒ වගේම මාව ඔයාලගෙ friend list එකටත් දාගන්න. ඒකට මෙතන click කරන්න. මම ඔයාල‍ගෙ friend list එකේ නැත්නම් මට ඔයාල මේකෙ පලකරන post share කලාද කියල හරියටම දැනගන්න අමාරැයිනෙ.

    දැන් කරන්න තියෙන්නෙ මෙහි පල කරන සෑම post එකක්ම, post එක අවසානයේ තියෙන sharing bar එකෙහි ඇති facebook icon එක මත click කරල  facebook වල share කිරීමයි. එය පහත ආකාරයට කරන්න. (පින්තූර අපහැදිලිනම්, පින්තූරය මත click කරන්න)

    මුලින්ම sharing bar එකෙහි ඇති මේ icon එක මත click කරන්න.



    එවිට, ඔබ මේ වෙනකොටත් ඔබේ facebook ගිණුමට log වෙලානම් ඉන්නෙ, පහත ආකාරයේ window එකක් ඒවි. (ඔබ මේ වෙනකොටත් ඔබේ facebook ගිණුමට log වෙලා නැත්නම් loging window එක ඒවි).



    දැන් මෙහි ඇති "What's on your mind?" යන ස්ථානයේ අදාල post ගැන ඔබේ comment එක දාන්න. ඒ වගේම No Thumbnail යන තැනට Tik එකත් අනිවාර්යෙන්ම දාන්න.



    දැන් Share බොත්තම ඔබන්න. දැන් facebook share කරන එක හරි. facebook share කලා වගේම ඔයාල අදාල post එක ගැන ඔයාලට හිතෙන දේ ගැන මේ blog එකේ අදාල post එකට පහලින් comment දාන්නත් ඕනෙ.

    මේ විදිහට කරන අය අතුරින් සෑම මසකම වැඩිමයෙන්ම comment දාල තියෙන කෙනාට වටිනා Magic Tutorail E-Book දිනා ගන්න පුලුවන්.

     ඒ වගේම සෑම මාස 3කටම වරක් වැඩිමයෙන්ම comment දාල තියෙන කෙනාට වටිනා Magic Video Tutorail දිනා ගන්න පුලුවන්.

(2). Guest Post.

    ඔන්න ඔබටත් හොද අවස්ථාවක්. ඔබත් මැජික් කරන හැටි දන්නවනම් ඔබට පුලුවන් ඔබේ ලිපි මෙහි පලකරන්න. ඒ විතරක් නෙවෙයි, ඒ සදහා Magic Video හා E-Book Tutorail යන දෙකම එකවර දිනාගන්න පුලුවන්.

    මේ මම කියන්නෙ Guest Post (ආගන්තුක ලිපි) ගැන.ඔබ එවන ලිපි වලින් තෝරා ගන්නා ලිපි මෙහි පලකරනවා. ඔබේ ලිපියත් සමග ඔබේ නම සහ ඔබටත් වෙබ් / බ්ලොග් අඩවියක් ඇත්නම් එහි ලින්ක් එකත් පලවෙනවා.

    මෙහිදී ජයග්‍රාහකයා තෝරන්නෙ ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින්. ඒ සදහා vote කරන්න අවස්ථාව ලබා දෙනවා. සෑම මසකටම වරක් ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩියෙන්ම ලබා ගන්නා කෙනාට Magic Video හා E-Book Tutorail යන දෙකම එකවර දිනාගන්න පුලුවන්.

(3). Traffic Contest.

    මේකට සහභාගිවෙන්න නම් ඔබටත් වෙබ් / බ්ලොග් අඩවියක් තියෙන්න ඕනෙ. මේකෙදි කරන්න ඕන මේ වගේ දෙයක්.

    ඔබේ වෙබ් / බ්ලොග් අඩවියේ මේ බ්ලොග් අඩවිය පිළිබදව post එකක් පලකරන්න ඕන. ඒ වගේම මේ බ්ලොග් අඩවියට ලින්ක් එකක් දාන්නත් ඕනෙ. එතකොට ඔබ දාන ඒ ලින්ක් එක හරහා මේ බ්ලොග් අඩවියට ප්‍රේක්ෂකයන්ට එන්න පුලුවන්. ඒ වගේ සෑම මසකම, වැඩියෙන්ම ප්‍රේක්ෂකයන් පැමිණියේ ඔබේ වෙබ් / බ්ලොග් අඩවියෙන් නම් ඔබට Magic Video හා E-Book Tutorail යන දෙකම එකවර දිනාගන්න පුලුවන්. සෑම මසකම Traffic Source එ‍කේ screen shot එකක් මෙහි පලකරනු ලැබේ.

ඉතා වැදගත්...

    * පළමු ක්‍රමය අනුගමනය කරන අය මට ඊ මේල් එකක් දාන්න subject එක Share and Comment කියල දාල, ඔ‍බ Comment කිරීමට යොදන නමත් සමග  පහත ලිපිනයට. ඔබ Facebook වල share කිරීම සහ  Blog එකේ Comment කිරීම යන දෙකම කරන්න ඕනෙ. Anonymous Comment මේ සදහා වලංගු නොවේ.

    * දෙවන ක්‍රමය අනුගමනය කරන අය මට ඊ මේල් එකක් දාන්න subject එක Guest Post කියල දාල පහත ලිපිනයට. එවිට ඒ සම්බන්ධව අදාල විස්තර මම ඔබ‍ට එවන්නම්.

    * තුන්වන ක්‍රමය අනුගමනය කරන අය මට ඊ මේල් එකක් දාන්න subject එක Traffic Contest කියල දාල පහත ලිපිනයට. එවිට ඒ සම්බන්ධව අදාල විස්තර මම ඔබ‍ට එවන්නම්. මේ ක්‍රමයට සිංඩිකේටර් අයත් නොවේ.

    ** මේ ක්‍රම තුනම අනුගමනය කරන කෙනෙක් ඉන්නව නම් එයාට විශේෂ ජයග්‍රහණ ලබන්න පුලුවන්. එහෙම කෙනෙක් ඉන්නවනම්, subject එක All Rounder කියල දාල මට ඊ මේල් එකක් දාන්න. එවිට ඒ සම්බන්ධව අදාල විස්තර මම ඔබ‍ට එවන්නම්.

ඊ මේල් එවිය යුතු ලිපිනය - magics4me@gmail.com

තරගය මේ ලිපියත් සමග ඇර‍ඹෙනවා. මේ ලිපියෙන්ම පටන් ගන්න.
එසේනම් ඔබට ජය !!!.

යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣ 

                                           

16 comments:

Geeth Nuwan said...

එළ වැඩක් !!
මගෙ එකේනම් දැනටමත් ලින්ක් එකක් තියනව හික් හික්

♠♦ මැජික් | Magic ♥♣ said...

@ ගීත් | Geeth

කොමෙන්ට් එකට තෑන්ක්ස්. හොදට කියවන්න. ලින්ක් එකක් විතරක් හරියන්නෙ නෑ. පෝස්ට් එකක් දාන්නත් ඕනෙ. ඒ වගේම Register වෙන්න මට mail එකක් දාන්නත් ඕනෙ. එතකොටයි ඔයා සුදුසුකම් ලබන්නෙ තරගයට ඇතුලත් වෙන්න.

Anonymous said...

umbala hadanne umbalage kaalakanni blog popular karaganna neada? Oka mental avulak. Umba hondata liyanawanam umbata traffic hingaa kanna ona nea. Shares illanna ona nea.. ewa ibeta hambenawa. Umba hondata liyana eka witharai karanna ona..

♠♦ මැජික් | Magic ♥♣ said...

@ Anonymous
ස්තුතියි කොමෙන්ට් එකට. ඇයි මේතරම් වටිනා උපදෙසක් දීලත් ඔයා Anonymous කොමෙන්ට් එකක් දැම්මෙ? ඊලග පාර කොමෙන්ට් දාන කොට ඔයාගෙ නමෙන්ම දාන්න.
මම හිතන විදිහට ඔයා වෙබ් ටෙක්නොලොජි ගැන මොනවත්ම දන්නෙ නැති කෙනෙක්. ඒ නිසා මට ඔයාට මේකට උත්තරයක් දෙන්න බෑ. මොකද ඔයා වෙබ් ටෙක්නොලොජි ගැන මොනවත්ම දන්නෙ නැති කෙනෙක් නිසා ඔයාට ඒක තේරැම් ගන්න බැරි වෙයි.

Anonymous said...

1. Mage namen demme neththe mata blogger profile ekak nethi nisai..
2. Mage nama Sriyananda, working at Microsoft SL (Nawam mawatha office) as a solution specialist, graduated from UoM 1999
3. There web technologies, such as WebX.X, Flex Framework (by Adobe), AJAX etc. Using of your phrase "වෙබ් ටෙක්නොලොජි" as a reply to my comment shows that your knowledge about them!
4. Dont beg traffic, you are doing is that, and you says it is web technology !!
5. Keep up your reputation in Blog writing, as a good blog writer (ex. Kathandara, Dukaa, Dumee), Have you ever seen that they are begging for comments, likes or shares?
6. All what I tried to say the fact 5 in a friendly manner in previous comment.
7. I know this comment might not get published. I have told this trend of begging comments to many of my friends in blogsphere.
8. Keep up good work.

All the best.

\Sriyananda

♠♦ මැජික් | Magic ♥♣ said...

@ Anonymous (Sriyananda at Microsoft SL)
ඔබේ පිළිතුරට ස්තුතියි. අසභ්‍යය දේ හැර අනෙක් සියලු යෝජනා, චෝදනා, අදහස්, උදහස් මම මෙහි පලකරනවා.

"Mage namen demme neththe mata blogger profile ekak nethi nisai.."
මම දන්න විදිහට නම් නමෙන් කොමෙන්ට් දාන්න Bologger Profile එකක් අවශ්‍යය වන්නේ නැහැ. මම දන්න විදිහට Bologger Profile එකක් අවශ්‍යය වන්නේ Blogger ID එකෙන් කොමෙන්ට් දාන්න. තමන්ගෙ ගූගල් ඊ මේල් ලිපිනය භාවිත කර එහි නමින් කොමෙන්ට් දාන්න පුලුවන්. මම හිතන්නෙ ඔබට ගූගල් ඊ මේල් ලිපිනයක් නැතිව ඇති. ඒ වගේම Name/URL කියන එක භාවිතයෙන් තමන්ගෙ නමින් කොමෙන්ට් දාන්න හැකි බවත් ඔබ නොදන්නවා විය හැකිය.

"There web technologies, such as WebX.X, Flex Framework (by Adobe), AJAX etc. Using of your
phrase "වෙබ් ටෙක්නොලොජි" as a reply to my comment shows that your knowledge about them!"

Web Developper කෙනෙකු වශයෙන් මම මේ දේවල් දන්නා බව ඔබට කියන්න කැමතියි. මා මෙහිදී "වෙබ් ටෙක්නොලොජි" යන වචනය භාවිතා කලේ ඔබ ඔබගේ පෙර කොමෙන්ටුවේ "umbata traffic hingaa kanna ona nea. Shares illanna ona nea." යනුවෙන් සදහන් කර තිබූ නිසයි. ඔබ Microsoft ආයතනයේ solution specialist කෙනෙකු වුවත් ඔබ මෙලෙස සටහන් කිරීම ගැන මම පුදුම වෙමි. මන්දයත් එවැනි ආයතනයක කෙනෙක් SEO (Search Engine Optimization) යන වචනයවත් අසා ඇතැයි මා සිතමි.

ඔබ පෙර කොමෙන්ට් කර තිබූ ආකාරය දෙස බැලූ විට Microsoft වැනි ආයතනයක අයෙකුගේ කතා විලාශය ගැන මම පුදුම වෙමි. තවද එම කොමෙන්ටුව බැලූවිට මට හැගී ගියේ එය අනතර්ජාලය පිළිබද මනා අවබෝධයක් නැති අයෙක් කරන ලද්දක් ලෙසයි. එම නිසා මා එහිදී "වෙබ් ටෙක්නොලොජි" යන වචනය භාවිතා කලේ SEO යන වචනය එම කොමෙන්ටුවට පිළිතුරැ ලෙස ඉදිරිපත් කිරීම අන්දයාට කොකාගේ හැටි පෙන්නුවා වැන්නක් වීම නිසාය.

මෙය ඔබ කියනා ආකාරයේ Traffic හිගා කෑමක් නොව SEO කිරීමක් බව දැන්වත් ඔබට පැහැදිලි වී ඇතැයි මා සිතමි. ඔබ මාගේ මෙම ලිපිය සම්පූර්ණයෙන්ම කියවූයේ නම් මෙහි ඇත්තේ ඔබ කියනා ආකාරයේ Traffic හිගා කෑමක් නොවන බව ඔබට තේරැම් ගැනීමට තරම් ශක්තියක් ඇති බව මගේ අදහසයි. වෙබ්
ටෙක්නොලොජි ගැන දන්නා ඔබ SEO ගැනත් දන්නවා ඇතැයි මා සිතමි. ඒ නිසා SEO වල ඇති වැදගත්කම ගැන ඔබට අමුතුවෙන් කියන්නට ඕනෑ නැතියි මා අදහස් කරමි.

Banuka said...

I know lil bit about the terms you have mentioned above and cannot make a connection with the shares and comments with SEO..
please enlighten me

♠♦ මැජික් | Magic ♥♣ said...

@Banuka
ස්තුතියි කොමෙන්ට් එකට. ඔව්, ඔබ හරි. shares and comments වලින් 100%ක් SEO බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසයි මම මීට අමතරව තවත් ක්‍රම 2ක් දක්වල තියෙන්නෙ. නමුත් share කිරීම තුලින් යම් තරමක SEO එකක් වෙනව. ඔයා වැඩි විස්තරයක් ඕනි නම් මට private mail එකක් දාන්න. :P

Anonymous said...

අරුට පිස්සුද කොහෙද උඔ ඔවා ගනන් ගන්න එපා උබේ වැඩේ එල කිරි. දිගටම කරගෙන යන්න. Good luck

♠♦ මැජික් | Magic ♥♣ said...

@ acklinks.co.cc
thanx machan. keep in touch with us. Good luck.

Anonymous said...

ona tharam thiyenawa magic e books videos internet eke serach kalama. i hav found a series called breaking magicians code. i think its easy to find out magic videos from internet. there were more than 10 gb videos i found from same internet.

♠♦ මැජික් | Magic ♥♣ said...

@ Anonymous
ස්තුතියි කොමෙන්ට් එකට. ඉන්ටනෙට් එකේ ඕන තරම් තියෙනව නම් තමයි. ඒත් සිංහලෙන් නෑනේ. ඔක්කොම තියෙන්නෙ ඉංග්‍රීසියෙන්. අනික ඒවයේ තියෙන ලේසි ප්‍රයෝග නම් කි‍යවල තේරැම් ගන්න පුලුවන්. ඒත් අමාරැ ප්‍රයෝග ලේසියෙන් කි‍යවල තේරැම් ගන්න බෑ. ඒක මම අද්දැකීමෙන් දන්න දෙයක්. ඔයාට 10gb බාගන් පුලුවන් උනාට හැමෝටම ඒක කරන්න බෑනෙ. අනික ඒ වීඩියෝවල තියෙන ඒවා කරන්න විශේෂ කාඩ් පැක්,වෙනත් විශේෂ අයිටම් ඕන. ඒව ලංකාවෙ ගන්න නෑනෙ. ඒ වගේම අපි මැජික් කියල හිතන් ඩවුන්ලෝඩ් කරන සමහර වීඩියෝවල තියෙන්නෙ මැජික් ප්‍රයෝගය විතරයි. ඒවා කරන හැටි නෑ.

ප්‍රභාත් චාමික said...

හික් හික්... ඵළ ඇති රුකට ලු ගල් ගහන්නෙ. :) :)

♠♦ මැජික් | Magic ♥♣ said...

@ ප්‍රභාත් චාමික
ස්තුතියි ක‍‍මෙන්ට් එකට. මට ‍‍මේක ‍‍තේරැ‍‍නේ නෑ.

Kee said...

maua ada thamy meka dekke. wede niyamai. mata sinhala tipe karanna be. kohomahara idiriyadi karannam. niyamai. mamata card pack ekkaka genata wedeta bahinawa. thanks.

♠♦ මැජික් | Magic ♥♣ said...

@ Kee
Thanx Kee. Keep in touch with us. Good luck.

Post a Comment