Pages

Tuesday, October 19, 2010

Pyramid of Imhotep



          පිරමීඩයක් හදන්න කැමතිද ? අද මම කියල දෙන්න යන්නෙ කොහොමද පිරමීඩයක් හදන්නෙ කියල. මේක මැජික් පිරමීඩයක්. මේ Pyramid of Imhotep. ඊජිප්තුවේ පිරමීඩ හදපු ඉංජිනේරැවා හදුන්වපු නම තමයි Imhotep කියන්නෙ. එහෙනම් කරලම බලමු වැඩේ.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

කාඩ් පැක් එකෙන් කාඩ් කිහිපයක් අරගෙන, IMHOTEP යන වචනය උපයෝගී කරගෙන වාර කිහිපයක් කලවම් කර අනතුරැව එය, එක ගොඩකට කාඩ් 2 බැගින් වූ ගොඩවල් 3කට වෙන් කර පිරමීඩයක ආකාරයට සකස් කරනව.ඉන් පසුව එම ගොඩවල් 3හිම කාඩ් වල මුහුණත වටිනාම් එකතු කර බැලූ විට ඒවා සමාන වී ඇති බව ඔබට පෙනේවි. 


මෙන්න වැඩේ යන හැටි.

ඔබ කාඩ් පැක් එකෙන් 1,2,3,4,5,6 කියන කාඩ් ගන්නව. 1 කියන්නෙ ආසියා(A). ඔබට හෝ නරඹන්නාට කැමති වංශයකින් ගන්න. වංශය කලවම් උනත් ප්‍රශ්නයක් නෑ.දැන් මේ කාඩ් ටික මෙන්න මේ පිළිවෙලට තියාගන්න.
6,2,4,1,5,3. දැන් නරඹන්නට කියන්න එක පාරක් මේක cut කරන්න කියල. shuffle කරන්න එපා.

පහත පියවරයන් අනුගමනය කිරීමේදී අකුරෙන් අකුර කිය කිය කාඩ් තියන්න වගබලා ගන්න.

දැන් IMHOTEP යන වචනයේ I-M යන අකුරැ 2 සදහා වරකට එක බැගින්,කාඩ් 2ක් රැගෙන මේසය මත තියන්න. දැන් H-O යන අකුරැ 2 සදහා වරකට එක බැගින්, කාඩ් 2ක් රැගෙන ඔබේ අතේ තිබෙන ගොඩේ පසු පසින් තියන්න. දැන්   T-E-P යන අකුරැ 3 සදහා වරකට එක බැගින්, කාඩ් 3ක් රැගෙන මේසය මත ඇති ගොඩ උඩින් තියන්න . දැන් ඔ‍බේ අතේ එක් කාඩ් එකක් ඉතුරැ වෙයි. එය මේසය මත පැත්තකින් තියන්න (පහත රෑපයේ A අකුරෙන් දක්වා ඇත).

දැන් මේසය මත ඇති ඉතුරැ කාඩ් ටික ගන්න. අරන් I-M-H-O-T-E-P යන අකුරැ සියල්ල සදහා වරකට එක බැගින් කාඩ් රැගෙන ඔබේ අතේ තිබෙන ගොඩේ පසු පසින් තියන්න. එසේ කිරීමෙන් අනතුරැව ඔබ අතේ ඇති ගොඩේ මුලින්ම තිබෙන කාඩ් 2 රැගෙන මේසය මත කලින් තැබූ කාඩ් එක ලග තියන්න (පහත රෑපයේ B අකුරෙන් දක්වා ඇත).

දැන් ඔබ අතේ ඉතිරිව ඇති කාඩ් වලට යලිත් පෙර කල දේ ඒ ආකාරයෙන්ම කරන්න. ඒ කියන්නෙ I-M-H-O-T-E-P යන අකුරැ සියල්ල සදහා වරකට එක බැගින් කාඩ් රැගෙන ඔබේ අතේ තිබෙන ගොඩේ පසු පසින් තියන්න. එසේ කිරීමෙන් අනතුරැව ඔබ අතේ ඇති ගොඩේ මුලින්ම තිබෙන කාඩ් 2 රැගෙන මේසය මත කලින් තැබූ කාඩ් එක ලග තියන්න (පහත රෑපයේ C අකුරෙන් දක්වා ඇත).

දැන් ඔ‍බේ අතේ එක් කාඩ් එකක් ඉතුරැ වෙයි. එය මේසය මත A අකුරෙන් දක්වා ඇති ගොඩ මත තියන්න. එහි ඇත්තේ එක කාඩ් එකක් පමණී.

මෙන්න ප්‍රයෝගය.

දැන් සියලුම ගොඩවල් වල කාඩ් 2 බැගින් ඇති. ඒ වගේම පිරමීඩාකාරව කාඩ් ටික තබා ඇති. දැන් හැම ගොඩකම ඇති කාඩ් 2හි එකතුව බලන්න. හැම ගොඩකම කාඩ් 2හි එකතුව සමානයි නේද.

මේ ක්‍රියාවලිය කරන අයුරැ නරඹන්නාට පැහැදිලි කර නරඹන්නාට මෙය කරන්න දෙන්න. අන්තිමේදි එකතුව පෙන්වන්න කලින් ඔයා පොඩි වැඩක් එහෙම දාල කියන්න ඔයා මේ සෑම ගොඩකම කාඩ් වල එකතුව සමාන කලා කියල.

යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

6 comments:

Anonymous said...

maxxa wedak
nimai kollo

♠♦ මැජික් | Magic ♥♣ said...

@ Anonymous
thanx machan. keep in touch with us.

Anonymous said...

"දැන් IMHOTEP යන වචනයේ I-M යන අකුරැ 2 සදහා වරකට එක බැගින්,කාඩ් 2ක් රැගෙන මේසය මත තියන්න. දැන් H-O යන අකුරැ 2 සදහා වරකට එක බැගින්, කාඩ් 2ක් රැගෙන ඔබේ අතේ තිබෙන ගොඩේ පසු පසින් තියන්න. දැන් T-E-P යන අකුරැ 3 සදහා වරකට එක බැගින්, කාඩ් 3ක් රැගෙන මේසය මත ඇති ගොඩ උඩින් තියන්න . දැන් ඔ‍බේ අතේ එක් කාඩ් එකක් ඉතුරැ වෙයි. එය මේසය මත පැත්තකින් තියන්න"

imhotep kiyanna letters 7k oni.meke ganne card 6yi ne.ethakota athe ekak ithuru wenne kohomada.

mangala

♠♦ මැජික් | Magic ♥♣ said...

@ Anonymous ( mangala )

මුලින්ම IMHOTEP යන වචනයේ I-M යන අකුරැ 2 සදහා වරකට එක බැගින්,කාඩ් 2ක් රැගෙන මේසය මත තියනවා.

එවිට ඔයාගේ අතේ කාඩ් 4ක් ඉතුරැ වෙනවා.

දෙවනියට H-O යන අකුරැ 2 සදහා වරකට එක බැගින්, කාඩ් 2ක් රැගෙන ඔබේ අතේ තිබෙන ගොඩේ පසු පසින් තියන්නවා.

දැනුත් ඔයාගේ අතේ කාඩ් 4ක් තියෙනවා. මොකද, ඔයා මේසය මත නෙමේ මේ පාර කාඩ් 2 තියන්නෙ. ඔයාගේ අතේ තියෙන ගොඩේ පිටිපස්සෙන්මයි.

තුන්වෙනියට T-E-P යන අකුරැ 3 සදහා වරකට එක බැගින්, කාඩ් 3ක් රැගෙන මේසය මත ඇති ගොඩ උඩින් තියනවා.

දැන් බලන්න ඔයාගේ අතේ කාඩ් එකක් ඉතුරැ වෙලා නැද්ද කියල.

ඔයා කලින් කරන කොට කරල තියෙන්නෙ කාඩ් ඔක්කොම මේසය මත තියල. ඔයා දෙවනි පියවරේදි කරන දේ කරල තියෙන්නෙ වැරදියට. ඒකයි ඔයාට ප්‍රයෝගය වැරදුනේ.

කමෙන්ට් කරල ඇහුවට ගොඩක් ස්තුතියි ඔයාට. ඉදිරියේදිත් ප්‍රශ්න ආවොත් අහන්න.

Anonymous said...

Thank you very much

Mangala

♠♦ මැජික් | Magic ♥♣ said...

@ Anonymous ( Mangala )
thanx for ur comment. keep in touch with us.

Post a Comment