Pages

Thursday, November 11, 2010

The Self-Arranging Deck

                           අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ Street Magics වල බහුලවම භාවිතා වෙන ඉතාමත් ලේසියෙන් කරන්න පුලුවන් ප්‍රයෝගයක්. මේක ඔයාගෙ මැජික් හැකියාව ඉතා හොදින් පෙන්වන්න පුලුවන් ප්‍රයෝගයක්. කවුරැ හරි ඔයාට අලුත්ම අලුත්, පැකින්වත් නොකඩපු පැක් එකකින් මැජික් එකක් කරන්න කිවුවොත් මෙන්න කරන්න ඕන වැඩේ. දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියල.මේ ප්‍රයෝගයට කියන්නෙ The Self-Arranging Deck කියලයි.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

ඔයා නරඹන්නා ඇති කියනතෙක් පැක් එක cut කරනවා. ඊට පස්සෙ ඔයා කාඩ් ගොඩවල් 13කට වෙන් කරනවා. ඊට පස්සෙ ඔයා ඒ ගොඩවල් බලද්දි ඒ හැම ගොඩකම තියෙන්නෙ එකම අංකය සහිත කාඩ්. ඒ කිවුවෙ, එක ගොඩක තියෙන්නෙ ආසියො 4දෙනා. තවත් ගොඩක තියෙන්නෙ අංක2 සහිත කාඩ් 4. මේ ආදී ලෙස කාඩ් පිහිටල තියෙනවා.

මෙන්න වැඩේ යන හැටි.

මම කිවුවනේ මේක අලුත්ම අලුත් පැක් එකකින් කරන්න පුලුවන් එකක් කියල. එහෙම කිවුවෙ අලුතෙන්ම ගන්න පැක් එකක කාඩ් අසුරල තියෙන්නෙ පිළිවෙලට. ඒ කිවුවෙ වංශ 4 වෙන වෙනම තමයි තියෙන්නෙ. ඒ වගේම ඒ ඒ වංශයේ කාඩ් අසුරල තියෙන්නෙත් පිළිවෙලට. ඒ කිවුවෙ Ace to King (1,2,3,....,10,J,Q,K) පිළිවෙලට කාඩ් අසුරලයි තියෙන්නෙ. ඉතිං මේ ප්‍රයෝගය කරන්න කලින් ඔයාගෙ පැක් එකත් මේ වගේ පිළිවෙලට හදාගෙන ඉන්න.

මෙහෙම පිළිවෙලට හදාගත්තයින් පස්සෙ ඔයා පැක් එකේ උඩම තියෙන කාඩ් 21 අරගෙන පැක් එකේ යටින්ම තියන්න. හැබැයි කාඩ් 21 ගනිද්දි කාඩ් තියල තියෙන පිළිවෙල වෙනස් වෙන්න බෑ. ඒ කිවුවෙ ඔයා පැක් එකේ මුලින්ම තියෙන කාඩ් එක අරන් ඒක මේසය මත තියල, ඊට පස්සෙ පැක් එකේ ඊලගට තියෙන කාඩ් එක අරන් ඒක මුලින් මේසය මත තියපු කාඩ් එක උඩින් තිවුවොත් වැඩේ වැරදියි. පැක් එකේ කාඩ් තියල තියෙන පිළිවෙලටම, උඩම තියෙන කාඩ් 21 අරන් පැක් එකේ යටින්ම තියන්න.

දැන් නරඹන්නා ඇති කියන තෙක් පැක් එක cut කරන්න. shuffle කරන්න එපා. cut කරන්නයි ඕන. දැන් පැක් එකේ තියෙන කාඩ් ගොඩවල් 13කට දාන්න. ඒ කියන්නෙ පැක් ‍‍එකේ මුලින්ම තියෙන කාඩ් 13 මේසය මත වමේ සිට දකුණට දාගෙන යන්න. ඊට පස්සෙ ඊලගට තියෙන කාඩ් ටිකත් මේ කාඩ් උඩටම දාන්න. මේ ආකාරයට කාඩ් 52 ඉවර වෙන තෙක්ම කරන්න.

දැන් එක ගොඩක කාඩ් 4 බැගින් වූ ගොඩවල් 13ක් සෑදී ඇති. දැන් ඉතිං දන්න වැඩක් එහෙම දාල මේ ගොඩවල් ටික අනිත් පැත්තට හරවල පෙන්නවන්න. හැම ගොඩකම එකම අගය සහිත කාඩ් 4 බැගින් ඇති.

මෙන්න ප්‍රයෝගය.

ඔයා පැක් එකේ උඩම තියෙන කාඩ් 21 පැක් එකේ යටින්ම තියන එක නරඹන්නාට නොපෙනෙන්න කරන්න. එහෙම කරන තරමට ප්‍රයෝගයේ සාර්ථක බව වැඩියි. එහෙම කරන්න බැරි අවස්ථාවක නම් නරඹන්නාට නොතේරෙන්න කාඩ් 21 එක පැක් එකේ යටින් තියන්න වගබලාගන්න.

මෙහි ප්‍රයෝගය සම්පූර්ණයෙන්ම රැදී ඇත්තේ කාඩ් පිහිටා තියෙන ආකාරය මතයි. ඒ නිසයි කාඩ් 21 එක පැක් එකේ යටින් ති‍යන කොටත් පිහිටීම වෙනස් නොවන ලෙස තියන්න ඕනෙ. ඒ වගේම shuffle කිරීමෙන් වලකින්න ඕනෙත් මෙන්න මේ හේතුව නිසයි.


යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

6 comments:

Unknown said...

නියමයි ela ela

♠♦ මැජික් | Magic ♥♣ said...

@ Mano
thanx 4 ur comment. keep in touch wid us...

සිහින ඉසව්ව said...

වැඩේ අසාර්තක උනා නේ...............

♠♦ මැජික් | Magic ♥♣ said...

@ ප්‍රබුද්ධ

ම්ම්ම්.... වැඩේ ඇනගත්තෙ කොහේදිද කියල කිව්වොත් උදව්වක් දෙන්න පුලුවන්. ආයෙ ට්‍රයි එකක් දාල බලන්න. ඊට කලින් දෙපාරක් විතර හොදට කියවන්න. ලගදිම වීඩියෝ ටියුටෝරියල් එක දාන්නම් මේකට.

ස්තුතියි කමෙන්ට් කලාට.

නොහික්මුණු ඇස said...

සිරාම බ්ලොග් එක මචං , හොදම හොදයි , !
ලකුණු 100 න් 200 යි :D

බලහන්කො හදිසියට කාර්ඩ් පැක් එකක් නැති හැටියක් ලග පතක ,

♠♦ මැජික් | Magic ♥♣ said...

@ නොහික්මුණු ඇස

ගොඩක් ස්තුතියි. ආයේ මේ පැත්තෙ එන්න කලින් කාඩ් පැක් එකක් සෙට් කරගන්න. :D

Post a Comment