Pages

Friday, December 31, 2010

A Simple Card Trick

                              මේ ප්‍රයෝගය පළකරන්නෙ 2010 අවුරැද්දෙ අවසාන දව‍සෙ. ඒ කියන්නෙ 2010-12-31. ඒ වගේම මේ තමයි 2010 වසරේ මම ඔයාලට කියල දෙන අවසාන ප්‍රයෝගය.  දැන් ඉතිං අලුත් අවුරැද්දක් ලබන්නයි යන්නෙ. මුලින්ම ලබන්නාවූ අලුත් අවුරැද්ද සියලු දෙනාගේම සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරැද්දක් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලට මතක ඇතිනේ මම කලින් වතාවෙ කියල දුන්න ප්‍රයෝගය. ඒ තමයි Spelling Bee. මම හිතනවා දැන් ඔයාලට මම කලින් කියල දීපු ඒ ප්‍රයෝගය හොදින් කරන්න පුලුවන් ඇති කියල. ඉතිං මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ තවත් අපූරැ ප්‍රයෝගයක්. මේ ප්‍රයෝගය අවුරැදු 4ක 5ක පොඩි ළමයෙකුට උනත් කරන්න පුලුවන් ප්‍රයෝගයක්.මේ ප්‍රයෝගය හදුන්වන්නෙ Simple Card Trick කියලයි. 

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

නරඹන්නා අහඹු ලෙස කාඩ් එකක් ගන්නවා. අරන් ඒ කාඩ් එක පැක් එකේ උඩින්ම තියනවා. ඊට පස්සෙ නරඹන්නා විසින්ම පැක් එක cut කරනවා. දැන් පැක් එක fan out කරල පෙන්වනවා. එහෙම පෙන්වද්දි එක කාඩ් එකක් අනෙක් පැත්ත හැරිල තියෙනවා. හැබැයි ඒ කාඩ් එක නම් නෙමේ නරඹන්නාගේ කාඩ් එක. ඒත් ඒ කාඩ් එකේ මුහුණත වටිනාකමට සමාන කාඩ් ප්‍රමාණයක් එතැන් සිට ඉවත් කලාට පසුව ඊලගට ලැ‍බෙන කාඩ් එක තමයි නරඹන්නාගේ කාඩ් එක. අපි බලමු කොහොමද වැඩේ කරන්නෙ කියල.

මෙන්න වැඩේ යන හැටි.

‍මේක කරන්න කලින් පෙර සූදානමක් අවශ්‍යයි. මේ ප්‍රයෝගය ඉදිරිපත් කරන්න කලින් ඔයා කැමති කාඩ් එකක් තෝර ගන්න. මුහුණත වටිනාකමක් සදහන් වෙලා තියෙන කාඩ් එකක් නම් වඩා සුදුසුයි. මේකෙදි වංශය ප්‍රශ්නයක් නෑ. කැමති වංශයකින් ගන්න පුලුවන්. අපි හිතමු ඔයා තෝර ගත්තෙ අංක 3 සහිත කාඩ් එකක් කියල. දැන් ඒ කාඩ් එක පැක් එකේ අවසාන කාඩ් එක ලෙස තියන්න. ඒ කියන්නෙ පැක් එකේ අන්තිමටම තියන්න. තියන්න ඕනෙ මුහුණත උඩට සිටින්න. ඒ කිවුවෙ අංක තියෙන පැත්ත උඩට.
අපි සාමාන්‍යයෙන් පැක් එකේ කාඩ් තියන්නෙ අංක තියෙන පැත්ත යටට නේ. මේකෙදි ඔයා තෝර ගත්ත කාඩ් එක විතරක්  අංක තියෙන පැත්ත උඩට සිටින සේ තියන්න.

දැන් පැක් එකෙන් තවත් ඔයා කැමති කාඩ් 3ක් ගන්න. කාඩ් 3ක් ගන්නෙ අපි මුලින් තෝර ගත්ත කාඩ් එක අංක 3 සහිත කාඩ් එකක් නිසා. ඔයා මුලින් අංක 5 සහිත කාඩ් එකක් තෝරගත්ත නම් මෙතනදි ඔයා කාඩ් 5ක් ගන්න. ඔයා මුලින් අංක 2 සහිත කාඩ් එකක් තෝරගත්ත නම් මෙතනදි ඔයා කාඩ් 2ක් ගන්න. මේ වගේ මුලින් ඔයා ගත්ත කාඩ් එකේ මුහුණත වටිනාකමට සමාන කාඩ් සංඛ්‍යාවක් ගන්න.

අරන් ඔයා මුහුණත යටට සිටින්න පැක් එකේ යටම තියපු කාඩ් එක යටින් මේ කාඩ් 3 තියන්න. මේ කාඩ් 3 තියන්නෙ සාමාන්‍ය විදිහ. ඒ කිවුවෙ මුහුණත යටට. දැන් හරි. දැන් ඔයා මුලින්ම තෝර ගත්ත කාඩ් එක (උදාහරණෙ හැටියට නම් අංක 3 කාඩ් එක) තියෙන‍්නෙ පැක් එකේ යට ඉදල කාඩ් 3කට උඩින්.

ඔන්න දැන් ඔයා ප්‍රයෝගය ඉදිරිපත් කරන්න සූදානම්.

මෙන්න ප්‍රයෝගය.

මුලින්ම ඔයා පැක් එක fan out කරල නරඹන්නාට පෙන්වන්න. මෙහිදී ඔයා මුහුණත උඩට සිටින්න තියපු කාඩ් නොපෙනෙන්න fan out කරන්න සැලකිලිමත් වෙන්න.

දැන් නරඹන්නාට කැමති කාඩ් එකක් තෝර ගන්න කියන්න. ඊට පස්සෙ ඒ කාඩ් එක මොකක්ද කියල මතක තියාගන්න කියන්න. දැන් ඒ කාඩ් එක පැක් එකේ උඩින්ම තියන්න කියන්න.
 ඊට පස්සෙ කැමති තැනකින් පැක් එක cut කරන්න කියන්න. දැන් cut එක සමුපූර්ණ කරන්න. cut එක සම්පූර්ණ කලාට පස්සෙ නරඹන්නාගේ කාඩ් එක පැක් එකේ මැද කොහේ හෝ තැනක ඇති.

දැන් ඔයා පැක් එක මුහුණත යටට සිටිනසේ fan out කරන්න. මෙහෙම fan out කරද්දි ඔයාට පෙනෙයි එක කාඩ් එකක මුහුණත උඩට හැරිල තියෙනවා. ඒ කාඩ් එක තමයි ඔයා මුලින්ම අරන් මුහුණත උඩට තියපු කාඩ් එක. දැන් නරඹන්නාගෙන් අහන්න මේක එයාගෙ කාඩ් එකද කියල. එයා නෑ කියයි. දැන් ඔයා කියන්න, හරි කමක් නෑ. මම දැන් මගේ විශේෂ මැජික් බලය භාවිතා කරනවා කියල. මෙහෙම කියල මොකක් හරි වැඩක් දාන්න.

දැන් නරඹන්නාගෙන් අහන්න ඒ මුහුණත උඩට තියෙන කාඩ් එකේ වටිනාකම කීයද කියල. අපේ උදාහරණෙ හැටියට නම් අංක 3. දැන් නරඹන්නාට කියන්න ඔයා එතන ඉදන් කාඩ් 3ක් ඉවත් කරනවා කියල. දැන් ඔයා කාඩ් 3ක් ඉවත් කරන්න. ( මුහුණත උඩට තියෙන කාඩ් එක හැර කාඩ් 3ක්. මුහුණත උඩට තියෙන කාඩ් එකත් එක්ක නම් කාඩ් ඔක්කොම 4යි ).

කාඩ් 3 ඉවත් කලාට පස්සෙ ඊලගට තියෙන කාඩ් එක තමයි නරඹන්නාගේ කාඩ් එක. මේ මම ඉදිරිපත් කරල තියෙන ස්ථාන වලංගු වෙන්නෙ මම අරන් තියෙන උදාහරණයට විතරයි. තමන් මුලින් ගන්න කාඩ් එකට අනුව මේ ස්ථාන වෙනස් වෙනවා.

ඉතිං මේ ප්‍රයෝගය පොඩි ප්‍රයෝගයක් උනාට නරඹන්නාට හිතා ගන්න බෑ ඇත්තටම මොකක්ද උනේ කියල. මේ ප්‍රයෝගය තවත් ලස්සනට ආකර්ෂණීය විදිහට කරන්න පුලුවන්  ඔයාට Riffle shuffle එක කරන්න පුලුවන්නම්. Riffle shuffle එක කියන්නෙ පැක් එක කොටස් 2කට වෙන් කරල එක මත එක කාඩ් වැටෙන්න කාඩ් දාන shuffle එකට. මේකෙදි පුලුවන් ඔයා මුලින්ම මුහුණත උඩට තියල හදාගත්ත කොටස වෙනස් නොවෙන්න කාඩ් දාල shuffle එක කරන්න. මම පස්සෙ දවසක කියල දෙන්නම් කොහොමද Riffle shuffle එක කරන්නෙ කියල. දැනට ඔයා දන්නව නම් විතරක් මේ ප්‍රයෝගයේදී Riffle shuffle එක යොදා ගන්න. එතකොට මේ ප්‍රයෝගය තවත් ලස්සන වෙනවා.

එහෙමනම් යාලුවනේ 2011 වසරේදී අලුත් ප්‍රයෝගයක් සමග නැවත මුණගැසෙමු.

යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Thursday, December 23, 2010

Spelling Bee Trick

                              හොදයි යාලුවනේ, ඔයාලට මතක ඇතිනේ මම කලින් වතාවෙ කියල දුන්නෙ කොහොමද Prediction එකක් කරන්නෙ කියල. මම හිතනවා දැන් ඔයාලට මම කලින් කියල දීපු ඒ ප්‍රයෝගය හොදින් කරන්න පුලුවන් ඇති කියල. ඒ වගේම මම පොරොන්දු වූ විදිහටම magics4me බ්ලොග් අඩවියෙන් පවත්වන තරගයේ පසුගිය මාසයේ ජයග්‍රාහකයන්ටත් ඔන්න තෑගිත් දුන්න. නත්තලත් ලග ලගම එන නිසා අපේ නත්තල සමරන යාලුවන්ටත් ලබන්නාවූ නත්තල සියලු සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ නත්තලක් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. ඉතිං මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ තවත් අපූරැ ප්‍රයෝගයක්. මේ ප්‍රයෝගය හදුන්වන්නෙ Spelling Bee කියලයි. 

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

ඔයා අහඹු ලෙස පැක් එකේ තියෙ‍‍‍න කාඩ් 10 ක් ගන්නවා. අරන් 1 සිට 10 වෙනකන් ඉලක්කම් කියමින් කාඩ් ‍මේසය මතට දානවා. හරියටම ඔයා කියන අංක පිළිවෙලටම මේසය මතට කාඩ් වැටෙනවා. ඒ කියන්නෙ ඔයා ONE කියන වචනය කියල මේසය මතට දාන කාඩ් එක අංක 1 කාඩ් එක. ඔයා TWO කියන වචනය කියල මේසය මතට දාන කාඩ් එක අංක 2 කාඩ් එක. මේ වගේ අංක 10ට යනකන් පිළිවෙලට කාඩ් දාන එක තමා මේකෙදි වෙන්නෙ. අපි බලමු කොහොමද මේක කරන්නෙ කියල.

මෙන්න වැඩේ යන හැටි.

මේක කරන්න නම් මුලින්ම ඔයා ඔයාගෙ පැක් එක කිසියම් පිළිවෙලකට සකස් කරගෙන ඉන්න ඕන. ඒක කරන්නෙ කොහොමද කියල ඔය පහල දාල තියෙන පිංතූරෙන් පෙන්නල තියෙනවා. ඉතිං මුලින්ම ඔයා ඒ පිංතූරෙ තියෙන විදිහට 1 සිට 10ක් තෙක් ඉලක්කම් තියෙන කාඩ් 10ක් අරන් ඒ පිළිවෙලට හදාගන්න. මේකෙදි වංශය ප්‍රශ්නයක් නෑ. ඔයාට කැමති නම් එකම වංශයෙන්ම කාඩ් 10 ගන්න. නැත්නම් අපිළිවෙලට වංශ කීපයකින් කාඩ් ගන්න.



දැන් ඔයා ඉහත රෑපයේ පරිදි කාඩ් සකස් කර ගත්තට පස්සෙ වරකට එක කාඩ් එක වෙන්න, ඔයාගෙ එක් අතක සිට අනෙක් අතට කාඩ් මාරැ කරන්න. ඒ කියන්නෙ අපි හිතමු කාඩ් 10 තියෙන්නෙ ඔයාගෙ වම් අතේ කියල. ඉතිං වරකට එක කාඩ් එක වෙන්න වම් අතෙන් දකුණු අතට කාඩ් යවන්න. එහෙම කලාම දැනට කා‍ඩ් තියල තියෙන පිළිවෙල වෙනස් වෙනවා. මේක කලාට පස්සෙ ඔයාගෙ අතේ තියෙන කාඩ් 10 උඩම තියෙන කාඩ් එක වෙන්නෙ අංක 9 කාඩ් එක. ඊලගට තියෙන්නෙ අංක 7 කාඩ් එක. ඔය විදිහට පිළිවෙල මාරැ වෙලා තමයි තියෙන්නෙ.

දැන් ඔයා මේ කාඩ් 10 පැක් එකේ උඩින්ම තියන්න. අපි දැන් බලමු කොහොමද ප්‍රයෝගය ඉදිරිපත් කරන්නෙ කියල. හොදින් මතක තියා ගන්න, ඔයා මේ සේරම දේවල් කරන්න ඕනෙ නරඹන්නාට නොපෙනෙන්නයි. නරඹන්නා ඉදිරියට යන්න කලින් පැක් එක මේ විදිහට හදාගෙන යන්න.

මෙන්න ප්‍රයෝගය.

දැන් ඔයා පැක් එක fan out කරල නරඹන්නාට කාඩ් පෙන්වන්න පිළිවෙලකට නෙමෙයි තියෙන්නෙ කියල. fan out කරන්නෙ කොහොමද කියල මම මීට කලින් ප්‍රයෝග වලදි කියල තියෙනව නේ. හැබයි ඉතිං පුරැද්දට වගේ පැක් එක shuffle කරන්න එහෙම යන්න එපා. එහෙම කලොත් නම් වැඩේ ලෙඩේ වෙනවා. පැක් එක shuffle කරලත් මේ ප්‍රයෝගය කරන්න පුලුවන්. ඒක කරන්න නම් shufflling technics දැන ගෙන ඉන්න ඕනෙ. විවිධ shufflling technics තියෙනවා පැක් එක කොච්චර shuffle කලත්, පෙර සූදානම් කරගත් ආකාරයෙන්ම පැක් එක තියෙන විදිහටම තියාගන්න පුලුවන් විදිහෙ. උදාහරණයක් විදිහට Butterfly Technic එක කියන්න පුලුවන්. ඒකෙදි පුලුවන් පැක් එකේ Top Card එක, ඒ කියන්නෙ පැක් එකේ උඩම තියෙන කාඩ් එක වෙනස් නොවෙන්න පැක් එක ලස්සනට cut කරන්න. ඉතිං මම ඉදිරියේදි ඔයාලට කියල දෙන්නම්  පැක් එක shuffle කිරීමේ හා cut කිරීමේ විවිධ ක්‍රම කීපයක්.

හොදයි. නරඹන්නාට පැක් එක  fan out කරල පෙන්නල ඉවර වෙලා, ඔයා කියන්න මම දැන් මේ පැක් එකේ උඩම තියෙන කාඩ් 10 ගන්නව කියලා. මේකෙදි ඔයා කාඩ් 10 ගන්න ඕනෙ කලින් කලා වගේම වරකට එක වෙන්න, එක අතකින් අනෙක් අතට කාඩ් මාරැ කරල. එහෙම කලාම ආයෙත් ඒ කාඩ් 10 ඉහත රෑපයේ තියෙන ආකාරයටම සකස් වෙනවා.

දැන් ඔයා අනෙක් කාඩ් ටික පැත්තකින් තියල, අර කාඩ් 10 අතට අරන්, ගනන් කරන්න පටන් ගනන්. ඒක කරන්න ඕනෙ මේ විදිහට. අංක 1න් නෙ අපි ගනන් කරන්න පටන් ගන්නෙ. ඉතිං අංක 1 කියන්නෙ ONE. ඔයා O අකුර කියල අතේ තියෙන කාඩ් 10යෙ, මුලින්ම තියෙන කාඩ් එක අරන්, අතේ තියෙන ගොඩේ පිටු පසින් ති‍යන්න. ඊට පස්සෙ N අකුර කියල අතේ තියෙන කාඩ් 10යෙ, මුලින්ම තියෙන කාඩ් එක අරන්, අතේ තියෙන ගොඩේ පිටු පසින් ති‍යන්න. ඊට පස්සෙ E අකුර කියල ඒ කාඩ් එක අරන් මේසය මත තියන්න. ඒ කාඩ් එක තමා අංක 1 කාඩ් එක.

මේ ආකාරයට 2,3,4,5,6,7,8,9,10 යන ඉලක්කම් වල අකුරැ පිළිවෙලින් කිය කිය කාඩ් මේසය මත තියන්න. ලස්සනට 1 සිට 10 තෙක් කාඩ් පිළිවෙලට මේසය මතට වැටේවි.

මතක තියාගන්න, සෑම වචනයකම අන්තිම අකුරට අයත් කාඩ් එක තමයි මේසය මත තියන්නෙ. අනෙක් අකුරැ වලට අයත් කාඩ් අතේ තියෙන ගොඩේ පිටුපසට තමයි යන‍්නෙ. වැඩේ කරල කොහෙමද කියල ප්‍රතිචාරයකුත් දාලම යන්නකො.

 යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Wednesday, December 15, 2010

Who is the Winner ? || ජයග්‍රාහකයා ඔබද ?

ඔන්න මම දෙවනි වතාවටත් තෑගි දෙන්නයි යන්නෙ. කලින් පොරොන්දු උනා වගේම, magics4me බ්ලොග් අඩවියත් සමග සම්බන්ධ වෙලා ඉදලා, magics4me බ්ලොග් අඩවියෙන් පවත්වපු තරගයට සහභාගීවෙලා, ඒ තරගයෙන් පසුගිය  මස ජයග්‍රහණය කරපු ජයග්‍රාහකයන්ට තෑගි දෙන්නයි යන්නෙ.

ඉතිං magics4me බ්ලොග් අඩවියෙන් හා හා පුරා කියල magics4me බ්ලොග් අඩවියේ පාඨකයන්ට මුලින්ම  Video Tutorial එකක් තෑගි දුන්නා. ඉතිං මෙවරත් මම තීරණය කලා, මෙවර ජයග්‍රාහකයන්ටත් Magic Video Tutorial එකක් දෙන්න.

මේ Video Tutorial එක Card Changing Tutorial එකක්. මේක තමයි World Fastest Card Trick එක. ඔයාල දැකල ඇතිනේ කාඩ් එකක් අතට අරන් පෙන්වල, snap එකක් දෙනගමන්ම ක්ෂණිකව ඒ කාඩ් එක වෙනස් කරනවා. අන්න ඒ ප්‍රයෝගය ඉදිරිපත් කරන්නෙ කොහොමද කියල තමයි මෙවර ජයග්‍රාහකයන්ට ලැබෙන Magic Video Tutorial එකෙන් පැහැදිලි කරන්නෙ.

ඉතිං මෙන්න මේ අය තමයි magics4me බ්ලොග් අඩවියෙන් පවත්වපු තරගයේ පසුගිය මස ජයග්‍රාහකයින්.
   
    Isuru Buddhika.
    Dharshana Asanga.

ඔබ දෙදෙනාට magics4me බ්ලොග් අඩවියෙන් සුභපැතුම්.

මීලග මස ජයග්‍රාහකයා ඔබ විය හැකියි. තවමත් තරගයට සහභාගීවුනේ නැත්නම් මෙතනට ගිහින් දී ඇති විස්තර අනුව තරගයට සම්බන්ධ වන්න. ඔබට ජය!!!.

 යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Friday, December 10, 2010

Remarkable Prediction

                              කොහොමද කට්ටියට ? තවත් කාර්යය බහුල සතියක් ඉවරවුනා. කලින් නම් මම සතියකට ප්‍රයෝග 2ක් විතර දැම්මා. ඒත් දැන්නම් පෝස්ට් ලියන්නත් වෙලාවක් නෑ. එහෙමයි කියල ඉතිං පෝස්ට් නොදමා ඉන්නත් බෑනේ. ඒ නිසා සතියකට එක පෝස්ට් එකක්වත් දානවා කොහොම හරි. ඉතිං මම හිතනවා ඔයාල කලින් ප්‍රයෝගය හොදින් කරන්න ඇති කියල. ඔන්න අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද Prediction එකක් කරන්නෙ කියල. ඒ කිවුවෙ කොහොමද අනාවැකියක් කියන්නෙ කියල කියා දෙන්නයි යන්නෙ. වැඩේ හරියට අල්ල ගත්තොත් නම් ඉතිං කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුවෙ රැකියාවකට එහෙම සහතික නැතිව වුනත් යන්න පුලුවන් වැඩ පෙන්නල. :D. අපි බලමු එහෙමනම් කොහොමද හරියටම අනාවැකියක් කියන්නෙ කියල. මේ ප්‍රයෝගය හදුන්වන්නෙ Remarkable Prediction කියලයි.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

ඔයා අහඹු ලෙස කාඩ් කීපයක් පැක් එකෙන් අරගන්නවා. ඊට පස්සෙ නරඹන්නාටත් කියනවා කාඩ් කීපයක් ඔයා අහඹු ලෙස ගත්ත කාඩ් ගොඩෙන් ගන්න කියල. ඊට පස්සෙ ඔයා අතේ ඉතිරි වෙලා තියෙන කාඩ් ටික මේසය මත අතුරලා ඒ කාඩ් වලින්, නරඹන්නා ගත්ත කාඩ් ප්‍රමාණයට සමාන කාඩ් ප්‍රමාණයක් ඉවත් කරනවා. ආ... කියන්න අමතක වුනා. මීට කලින් ඔයා කොල කෑල්ලක ලියන්න ඕන ඔයාගෙ අනාවැකිය. ඉතිං නරඹන්නා ගත්ත කාඩ් ප්‍රමාණයට සමාන කාඩ් ප්‍රමාණයක් ඉවත් කරාට පස්සෙ ඉතිරි වෙන කාඩ් ගොඩේ මුලින්ම තියෙන කාඩ් එක හරවලා බලන්න කියල නරඹන්නාට කියනවා. ඊට පස්සෙ ඔයා ලියපු අනාවැකියත් බලන්න කියනවා. වැඩේ කියන්නෙ මේ දෙකම කිරි ගහට ඇන්න වගේ හරිනේ... (කිරි ගහට ඇන්න වගේ හරි යන්නෙ සම්මත තත්ත්වයන් යටතේදී පමණී).

මෙන්න වැඩේ යන හැටි.

ම්ම්ම්... දැන් ඉතිං චිරාගත සාම්ප්‍රධායන්ට මුල් තැන දෙමින් නරඹන්නාට දෙන්න පැක් එක හොදින් shuffle කරල දෙන්න කියල. නරඹන්නා පැක් එක shuffle කරල ඉවර වෙනකන් ඔයා ප්ලේන්ටියක් එහෙම බීල එන්න. නරඹන්නා පැක් එක shuffle කරල ඉවර වුනාම ඔයාත් පැක් එක shuffle කරන්න. shuffle කරල ඉවර වෙලා නරඹන්නාට පැක් එක fan out කරල පෙන්වන්න ඔයා shuffle කරල පැක් එක කිසියම් පිළිවෙලකට හදාගත්තෙ නෑ කියල. ඔන්න ඉතිං දැන් තමා වැඩේට හරියටම එන්ටර් වෙන්න හදන්නෙ. ඒ කියන්නෙ කිරි ගහට ඇන්න වගේ වැඩේ හරියන්න නම් ඉතිං මෙතනදි තමා පිහිය තුඩේ මුවහත හොදින් තියා ගන්න ඕනෙ. ඒ කිවුවෙ ඔයා පැක් එක fan out කරල නරඹන්නාට පෙන‍්වන අතරතුරේදි හොදින් බලාගන්න පැක් එකේ 10 වෙනියට තියෙන කාඩ් එක මොකක්ද කියල. මේ වැඩේ හරියට කරගත්තෙ නැතොත් නම් ඉතිං කිරි ගහට ඇන්න වගේ අන්තිමේදි ඔයා නෝන්ඩි වෙනවා. අපි හිතමු 10 වෙනියට තියෙන්නෙ 3 of clubs කාඩ් එක කියල.

හරි. දැන් ඔයා පැක් එකෙන් කාඩ් කිහිපයක් අහඹු ලෙස ගන්න ඕන. අහඹු ලෙස කිවුවට ඉතිං අහඹු ලෙසමත් නෙමේ. පැක් එකේ මුලින්ම තියෙන කාඩ් 21 තමා ඔයා ගන්න ඕනෙ. නරඹන්නාට කියන්න ඔයා දැන් පැක් එකෙන් අහඹු ලෙස කාඩ් කීපයක් ගන්නවා කියල. මෙහෙම කියල ඉක්මනින් පැක් එකේ උඩම තියෙන කාඩ් 21 ගනන් කරල ගන්න. දැන් ඒ කාඩ් 21 අතේ තියාගෙන ඉතිරි කාඩ් ටික පැත්තකට දාන්න. ඒ ටික වැඩක් නෑ අපිට.

දැන් ඔයා ගත්ත කාඩ් 21 නරඹන්නා අතට දෙන්න. දීලා නරඹන්නාට කියන්න 1ත් 10ත් අතර කැමති ඉලක්කමක් හිතා ගන්න කියල. නරඹන්නා ඉලක්කමක් හිතා ගත්තට පස්සෙ ඔයා අනෙක් පැත්තට හැරෙන්න. ඒ කිවුවෙ නරඹන්නාට පිටුපාල ඉන්න. එතකොට ඔයාට නරඹන්නා කරන දේවල් පේන්නෙ නෑනේ. දැන් මේ විදිහට අනෙක් පැත්තට හැරිල ඉන්න ගමන් නරඹන්නාට කියන්න, එයා හිතා ගත්ත සංඛ්‍යාවට අදාල කාඩ් ප්‍රමාණය පැක් එකේ උඩම තියෙන කාඩ් වලින් ඉවත් කර ගන්න කියල. ඒ කිවුවෙ, අපි හිතමු නරඹන්නා හිතා ගත්තෙ අංක 6 කියල. දැන් නරඹන්නාට කරන්න තියෙන්නෙ එයා ලග තියෙන කාඩ් ගොඩේ මුලින්ම තියෙන කාඩ් 6 ඉවත් කරගන්න එකයි.

එහෙම ඉවත් කරල, ඒ ඉවත් කරපු ටික නරඹන්නාට ලග තියා ගන්න කියන්න. ඉතුරැ කාඩ් ටික ඔයා ඉල්ල ගන්න. ඉල්ල ගත්තට ඔයා පැක් එකේ මොනවත් බලන්න එහෙම යන්න එපා. නිකන් මේසය මත ඒ ටික තියන්න.


මෙන්න ප්‍රයෝගය.

ඔන්න දැන් තමා ඔයා අනාවැකිය කොලේ ලියන වෙලාව. දැන් ඉතිං කොලයක් අරන් ඔයා කලින් මතක තියා ගත්තනේ කාඩ් එකක්. අර පැක් එකේ 10 වෙනියට තිබුන කාඩ් එක. අන්න ඒ කාඩ් එක මොකක්ද කියල ලියන්න. මගේ උදාහරනෙ හැටියට නම්  3 of clubs කාඩ් එක තමා 10 වෙනියට තිබුනෙ. මේක නරඹන්නාට පේන්න ලියන්න එපා. එතකොට කිසි ගතියක් නෑනේ. නරඹන්නාට නොපෙනෙන්න ලියන්න. ලියල ඉවර වෙලා ඒ කොල කෑල්ල හොදින් නමලා මේසය මත තියන්න.

දැන් ඔයා නරඹන්නාගෙන් ඉල්ල ගෙන මේසය මත තියපු කාඩ් ටික ගන්න. අරන් මේසය මත, දකුණු පැත්තේ සිට වම් පැත්තට කාඩ් 10ක් දාන්න. හොදින් මතක තියා ගන්න. දකුණු පැත්තේ ඉදලා වම් පැත්තටයි දාන්නෙ. ඔන්න පැත්ත මාරැ කර ගන්නව එහෙම නෙමෙයි. පැත්ත මාරැවුනා කියල ප්‍රයෝගය කරන්න බැරි කමක් නම් නෑ. මම මෙතනදි කියල දෙන්නෙ දකුණු පැත්තේ සිට වම් පැත්තට කාඩ් දාල කරන හැටි. ඒ නිසා ඒ විදිහට කරන්න.

මෙහෙම දැම්මට පස්සෙ ඔයා අතෙත් කාඩ් එකක් හෝ කීපයක් ඉතිරි වෙයි. ඒ ඉතිරිවෙන ඒවා පැත්තකින් තියන්න. දැන් ඔයා නරඹන්නාගෙන් අහන්න, මුලින්ම එයාට 1ත් 10ත් අතර ඉලක්කමක් හිතා ගන්න කිවුවනේ. හිතා ගෙන ඊට අදාලව කාඩ් ප්‍රමාණයකුත් ගන්න කිවුවනේ. ඉතිං අන්න ඒ වෙලාවෙදි නරඹන්නා හිතාගත්ත ඉලක්කම මොකක්ද කියල අහන්න. නරඹන්නා ඒ ඉලක්කම මොකක්ද කියල කිවුවාම ඔයා මේසය මත අතුරපු කාඩ් 10, වම් පැත්තෙ ඉදල දකුණු පැත්තට ඒ සංඛ්‍යාව ගනන් කරන්න. පැත්ත මාරැ කර ගන්න එපා. වම් පැත්තෙ ඉදල දකුණු පැත්තටයි ගනන් කරන්න ඕනේ.

ඉතිං අපේ උදාහරනෙ හැටියට නරඹන්නා හිතා ගත්තෙ අංක 6 නේ. ඉතිං මේසය මත තියෙන කාඩ් පේලියේ වම් පැත්තෙ ඉදල දකුණු පැත්තට මම කාඩ් 6ක් ගනන් කරනවා. ගනන් කරල ඒ කාඩ් 6 ඉවත් කරනවා. ඉවත් කරලා ඊලගට තියෙන කාඩ් එක මොකක්ද කියල, කාඩ් එක face up කරල (මුහුණත උඩට හරවලා) නරඹන්නාට පෙන්වනවා. ඒ කියන්නෙ 7 වෙනියට තියෙන කාඩ් එක. දැන් ඔයා කොලයක කලින් ලිවුවා නේද ඔයාගේ අනාවැකිය. අන්න ඒ කොලෙත් දිග ඇරලා බලන්න කියල නරඹන්නාට කියන්න.

ඔයා වැඩේ හරියට කලා නම් ඉතිං ඔයාගේ අනාවැකිය හරියටම හරි. ඒ කියන්නෙ අපේ උදාහරනෙ හැටියට නම්, මම කොලේ ලිවුවෙ 3 of clubs කියලනේ. ඒවගේම 7 වෙනියට තියෙන්නෙත් 3 of clubs කාඩ් එක. ඉතිං ඔයාගේ අනාවැකිය කිරි ගහට ඇන්න වගේ හරියටම හරියනවා .

මේක නිකම්ම පෙන්නනවට වඩා තවත් කරන්න වැඩ එහෙම තියෙනවා. ඔයාල සමහර විට දැකල ඇති කොලයක යමක් ලියල ඒ කොලේ පුච්චලා, ඒකෙන් ලැබෙන අලු බාහුවක ගා ගන්නවා. එහෙම අලු ගාන කොට ඒ කොලේ ලියල තිබුන එක බාහුවෙ අලු ගාන තැනින් මතුවෙනවා. දැකල තියෙනවද ඔයාල ? අන්න ඒ වැඩේ මෙතෙන්දිත් කරන්න පුලුවන්. ඒක කරන්නෙ කෙ‍හොමද කි‍යල මම පස්සෙ දවසක කියල දෙන්නම්කො.

 යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Sunday, December 5, 2010

Jack The Bounty Hunter Trick

ඉතිං කොහොමද කට්ටියට ? පසුගිය සතියට එක ප්‍රයෝගයක්වත් පල කරන්න බැරිවුනා. මොකද පහුවුන සතිය මට ඉතා කාර්යය බහුල සතියක් වුනා. මේ සතිය කියලත් වෙනසක් නෑ ඉතිං. එහෙමයි කියල බ්ලොග් ලිවිල්ල නවත්වන්න බෑනෙ. මම හිතනව කලින් ප්‍රයෝගය ඔයාල හොදින් කරන්න ඇති කියල. ඉතිං සතියකට පස්සෙ පලකරන ප්‍රයෝගයනෙ මේක. පරක්කුවෙලා දෙන එකේ ටිකක් පිස්සු හැදෙන ප්‍රයෝගයක් දෙන්න හිතුව. මේ ප්‍රයෝගය හදුන්වන්නෙ Jack The Bounty Hunter කියලයි. සමහරවිට ගොඩක් පිස්සු හැදෙන්නත් පුලුවන්. ඒ නිසා ප්‍රවේශමෙන්. :D

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

මෙන්න මේකයි කතන්දරේ. මේකට මේ නම වැටිල තියෙන්නෙ සාමාන්‍යයෙන් මේ ප්‍රයෝගයට භාවිතා කරන්නෙ Jack කාඩ් එකක් නිසා. ඕනම Jack කාඩ් එකක් ගන්න පුලුවන්. ඇත්තටම මේකෙ වෙන්නෙ මේ Jack කාඩ් එක මගින් නරඹන්නා ගන්න කාඩ් එක හොයා ගන්න එකයි. එහෙම නම් අපි වැඩේට සෙට් වෙමු.

මෙන්න වැඩේ යන හැටි.

ඔන්න වැඩේ. මුලින්ම සුපුරැදු පරිදි පැක් එක නරඹන්නාට දෙන්න හොදින් shuffle කරල දෙන්න කියල. මෙහෙම නරඹන්නාට පැක් එක shuffle කරන්න කියල දුන්නම ඉතිං නරඹන්නත් දන්න ශිල්ප ශාස්ත්‍ර ඔක්කොම දාල පැක් එක shuffle කරනවනේ කරවන්නම් උඹට මම මැජික් කියල හිතාගෙන. සමහර අය shuffle කරන shuffle කිරිල්ලට පැක් එකේ කොලත් හතර වටේ පියාඹනවා. වෙලාවකට ඒකත් card levitation trick එකක් වගේ. මට නම් ඔය වෙලාවට මල පනිනවා. මොකද පැක් එකේ කාඩ් සවුත්තු වුනාම හරියට ප්‍රයෝගය ඉදිරිපත් කරන්නත් බෑ. කතාව නවත්තල වැඩේට බහිමුකො.

නරඹන්නා පැක් එක shuffle කලාට පස්සෙ ඔයා කැමති Jack කාඩ් එකක් ගන්න. අරන් ඒ කාඩ් එක මේසය මත මුහුණත උඩට සිටිනසේ ඔයා ලගින් තියා ගන්න. දැන් පැක් එකෙන් කාඩ් 15ක් වෙන් කරල ගන්න. ඒ කාඩ් 15 නරඹන්නාට දෙන්න එයා  ලගින් මේසය මත තියා ගන්න කියල. දැන්  තවත් කාඩ් 15ක් ගන්න. ඒ කාඩ් 15 ඔයා ලගින් මේසය මත තියා ගන්න. ඉතිරි කාඩ් ටික ඔයා අතේ තියා ගන්න.

දැන් නරඹන්නාට කියන්න එයා ලග තියෙන කාඩ් ගොඩ කැමති තැනකින් cut කරල ගොඩවල් 2කට වෙන් කර ගන්න කියල. ඔයා ලග තියෙන ගොඩටත් ඔයා ඒ විදිහට කරන්න. දැන් මේසය මත කාඩ් ගොඩවල් 4ක් තියෙනවා. නරඹන්නා ලග ගොඩවල් 2යි. ඔයා ලග ගොඩවල් 2යි.

දැන් ඔයා අතේ තියෙන කාඩ් ටික fan out කරන්න. කරල නරඹන්නාට කියන්න කැමති කාඩ් එකක් තෝර ගන්න කියල. මේ ගොඩෙන් අපිට වැඩක් නෑ. නරඹන්නා කාඩ් එක තෝර ගත්තයින් පස්සෙ මේ ගොඩ පැත්තකට දාන්න. දැන් නරඹන්නාට ඒ කාඩ් එක මොකක්ද කියල හොදින් මතක තියාගෙන, එයා ලග තියෙන ගොඩවල් 2න් කැමති ‍ගොඩක් මත තියන්න කියන්න. දැන් ඔයා ලග තියෙන ගොඩවල් 2න් කැමති ගොඩක් පෙන්වන්න කියල නරඹන්නාට කියන්න. එයා පෙන්වන ගොඩ අරන් නරඹන්නා කාඩ් එක තියපු ගොඩ උඩින් තියන්න. දැන් නරඹන්නා ගත්ත කාඩ් එක එම ගොඩේ මැද තමයි තියෙන්නෙ.

දැන් ඔයා කලින් ගත්ත Jack කාඩ් එක අරන් ඔයා ලග ඉතිරි වෙලා තියෙන ගොඩ උඩින් තියන්න. Jack කාඩ් එක තියන්න ඕනෙ මුහුණත උඩට සිටින්න. දැන් නරඹන්නා ලග ඉතිරි වෙලා තියෙන ගොඩ අරන් මේ Jack කාඩ් එක උඩින් තියන්න. දැන් Jack කාඩ් එක තියෙන්නෙ ඔයා ලග තියෙන ගොඩේ මැද.

දැන් මේසය මත කාඩ් ගොඩවල් 2ක් තියෙනවා. එකක් නරඹන්නා එයාගෙ කාඩ් එක තියාපු ගොඩ. අනික ඔයා Jack කාඩ් එක තියාපු ගොඩ. දැන් මේ Jack කාඩ් එක තියාපු ගොඩ අරන් නරඹන්නා කාඩ් එක තියපු ගොඩ උඩින් තියන්න. දැන් මේසය මත තියෙන්නෙ එක ගොඩයි.

මෙන්න ප්‍රයෝගය.

දැන් ඔයා මේ ගොඩ අතට ගන්න. අරන් ගොඩවල් 2කට කාඩ් දාන්න. මෙහෙම දාන අතරෙ ඔයාට පෙනෙයි Jack කාඩ් එකත් මේ දාන ගොඩවල් 2න් එකකට වැටෙනවා. මොකද අපි Jack කාඩ් එක තිවුවෙ මුහුණත උඩට සිටින විදිහටනේ. ඔයා අතේ තියෙන කාඩ් සියල්ලම මේ විදිහට දාන්න ගොඩවල් 2ට. දැන් Jack කාඩ් එක වැටිච්ච ගොඩ අතට අරන් අනෙක් ගොඩ ඉවත් කරන්න. මේ ආකාරයෙන් මේසය මත මුලු කාඩ් ගණන කාඩ් 4ක් වන තෙක් කාඩ් දාන්න. කාඩ් 4ක් වන තෙක් කියන්නෙ, අපි ගොඩවල් 2කට නෙ කාඩ් දාන්නෙ. ඉතිං එක ගොඩකට කාඩ් 2ක් පමණක් එන අවස්ථාව වන තෙක් කාඩ් දාන්න. එක ගොඩකට කාඩ් 2ක් ආවා කියන්නෙ මේසය මත ගොඩවල් 2කට කාඩ් දාන නිසා මේසය මත මුලු කාඩ් ගණන කාඩ් 4යි නෙ.

ඉතිං ඉහත කී අවස්ථාවට ආවමත් ඔයාට පෙනෙයි Jack කාඩ් එක, එක ගොඩක තියෙනවා. මොකද අපි Jack කාඩ් එක තියෙන ගොඩ තෝර ගෙනනේ මේ ප්‍රයෝගය ඉදිරියට කරගෙන එන්නෙ.

දැන් ඉතිං අදහන දෙයියෙක් සිහිකරගෙන Jack කාඩ් එකත් එකක් තියෙන අනෙක් කාඩ් එක පෙන්වන්න. මේ ප්‍රයෝගය හරියට කලානම් Jack කාඩ් එකත් එක්ක තියෙන අනෙක් කාඩ් එක තමයි නරඹන්නා ගත්ත කාඩ් එක.

අදහන දෙයියෙක් සිහිකර ගන්න කිවුවෙ මේක වෙන ප්‍රයෝග වගේ නොවන නිසා. මොකද වෙන ප්‍රයෝග වලදි නම් ප්‍රයෝගය කරගෙන යන අතර මගදිම අපට දැන ගන්න පුලුවන් ක්‍රම තියෙනවා නරඹන්නා ගත්ත කාඩ් එක මොකක්ද කියල සහ ඒ කාඩ් එක අපිට අවශ්‍ය විදිහට පිහිටනවද කියල. නමුත් මේ ප්‍රයෝගයේදි නම් ඒකට ඉඩක් නෑ. කාඩ් ගොඩවල් 2කට වෙන් කරද්දිත් හොදින් ඒ ගැනම අවදානය යොදවල ඒක කරන්න ඕන. මොකද වැරදිලා හරි කොහේ හරි මිස් එකක් වුනොත් ඉතිං අන්තිමට කිංඩි තමයි.

ප්‍රයෝගයෙ Jack කාඩ් එක ඔයාගෙ ගොඩ මත තියන අවස්ථවෙදි, ඒක තියන්න කලින් පොඩි වැඩක් දාන්න Jack කාඩ් එකට විශේෂ බලයක් දෙනවා වගේ. එහෙම කරල නරඹන්නාට කියන්න ඔයා මේ Jack කාඩ් එකට විශේෂ බලයක් දුන්න කියල නරඹන්නා ගත්ත කාඩ් එක හොයා ගන්න.

ඉතිං හැමදාම කියනවා වගේ ඉදිරිපත් කිරීම තමා වැදගත් වෙන්නෙ. නරඹන්නා ආකර්ෂණය කරගන්න පුලුවන් වෙන විදිහෙ, තමන්ටම ආවේනික වූ ඉදිරිපත් කිරීමේ ශෛලියක් හදාගන්න. ඒ ශෛලියට අනුව ප්‍රයෝග ඉදිරිපත් කරන්න. එවිටයි පොඩි ප්‍රයෝගයක් උනත් නරඹන්නා විශ්මයට පත්වෙන ගොඩක් ලොකු ප්‍රයෝගයක් වගේ ඉදිරිපත් කරන්න පුලුවන් වෙන්නෙ.

 යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣ 

Thursday, November 25, 2010

Number's Game ( Mind Reading part 6 )

                         ඔන්න අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ තවත් Mind Reading Trick එකක්. ටික දවසකින් Mind Reading Trick එකක් කියල දුන්නෙත් නෑ නෙ. මේ ප්‍රයෝගයේ නම තමයි Number's Game. අපි බලමු මොකක්ද මේකෙ වෙන්නෙ කියල.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

ඔයා නරඹන්නාට පැක් එකෙන් කැමති කාඩ් 2ක් ගන්න කියනවා. ඊට පස්සෙ ඔයාගෙ මානසික බලය යොදලා ඒ කාඩ් 2 මොකක්ද කියල කියනවා. මානසික බලය කියල කිවුවම බය වෙන්න එපා. අපි බලමු කොහොමද වැඩේ යන්නෙ කියල.

මෙන්න වැඩේ යන හැටි.

මුලින්ම මේ ප්‍රයෝගයට පෙර සූදානමක් වශයෙන් ඔයා පැක් එකේ තියෙන සියලුම, අංක 10, Jack(J), Queen(Q), King(K) යන කාඩ් ඉවත් කරන්න. ඒ වගේම මෙහිදී අසියා (Ace) ගේ වටිනාකම 1 ලෙස ගන්න.

දැන් ඔයා ප්‍රයෝගය ඉදිරිපත් කරන්න සූදානම්. දැන් නරඹන්නා ඉදිරියේ පැක් එක හොදින් Shuffle කරන්න. දැන් නරඹන්නාට කියන්න එයා කැමති තැනකින් පැක් එක Cut කරන්න කියල. පැක් එක Cut කලාට පස්සෙ ගොඩවල් 2ක් තියෙනවා. දැන් ඒ ගොඩවල් 2 මේසය මත තියන්න. දැන් නරඹන්නාට කියන්න මේ ගොඩවල් 2න් එයා කැමති ගොඩක් පෙන්වන්න කියල. එයා ගොඩක් පෙන්නුවට පස්සෙ ඔයා ඒ ගොඩ අතට ගන්න. අරන් මුහුණත යටට සිටිනසේ ඒ ගොඩ අවානක් සේ සකසන්න.(fan out කරන්න). දැන් නරඹන්නාට කියන්න කැමති කාඩ් එකක් ගන්න කියල.

දැන් නරඹන්නාට කියන්න එයා ගත්ත කාඩ් එකේ මුහුණත වටිනාකම 2න් වැඩි කරන්න කියල. ඊට පස්සෙ ඒ ආපු පිළිතුරට 5ක් එකතු කරන්න කියන්න. දැන් ලැබුනු පිළිතුර 5න් වැඩි කරන්න කියන්න. දැන් නරඹන්නාට කියන්න එයාට ලැබුනු පිළිතුර හොදින් මතක තියා ගන්න කියල.

දැන් කලින් පැක් එක Cut කරල ඉතුරැ වුන අනෙක් ගොඩ ගන්න. අරන් ඒකත් කලින් වගේ fan out කරල නරඹන්නාට කැමති කාඩ් එකක් ගන්න කියන්න. දැන් ඒ කාඩ් එකේ මුහුණත වටිනාකම කලින් ලැබුන පිළිතුරට ( මතක තියා ගත්ත පිළිතුරට ) එකතු කරන්න කියන්න. දැන් අවසාන පිළිතුර මොකක්ද කියල නරඹන්නාගෙන් අහන්න. එයා අවසාන පිළිතුර ඔයාට කිවුවට පස්සේ....

මෙන්න ප්‍රයෝගය.

.... ඔයා ඒ පිළිතුරෙන් 25ක් හිතෙන් අඩුකරන්න. දැන් ඔයාට පිළිතුරක් ලැබෙයි. ඒ පිළිතුර අනිවාර්යෙන්ම ඉලක්කම් 2කින් යුතු එකක්. ඒ පිළිතුරේ පළමු ඉලක්කම වෙන්නෙ නරඹන්නා මුලින්ම ගත්ත කාඩ් එකේ මුහුණත වටිනාකම. දෙවන ඉලක්කම වෙන්නෙ නරඹන්නා දෙවනියට ගත්ත කාඩ් එකේ මුහුණත වටිනාකම.

දැන් ඉතිං ඔයා පිහියෙන් ඇන්න වගේ පිළිතුර දෙන්න යන්න එපා. මේක Mind Reading Trick එකක්. ඒ නිසා ටිකක් නරඹන්නාගේ හිත කියවනවා වගේ පෙන්නලා, පොඩි වැඩක් එහෙම දාල පිළිතුර දෙන්න. එක පිළිතුරක් දීලා ආයෙත් ටිකක් රගපාලා එහෙම දෙවන පිළිතුර දෙන්න. ඔයා කැමති නම් මුලින් වැරදි පිළිතුරක් එහෙම දීල ආයේ චාන්ස් එකක් ඉල්ලලා නිවරදි පිළිතුර දෙන්න. එතකොට තමයි ප්‍රයෝගයේ අගය වැඩිවෙන්නෙ.

බලන්නකො මේ උදාහරණය.

අපි හිතමු මුලින්ම ගන්න කාඩ් එකේ මුහුණත අගය අංක 3 කියල.

මුලින්ම 3 * 2. ඒ කියන්නෙ 6.
දැන් ලැබුන පිළිතුරට 5ක් එකතු කරනවා. 6 + 5 = 11.
දැන් ලැබුන පිළිතුර 5න් වැඩි කරනවා. 11 * 5 = 55.

දැන් නරඹන්නාට මේ පිළිතුර හොදින් මතක තියාගන්න කියල දෙවනි කාඩ් එක ගන්න කියනවා. අපි හිතමු දෙවනි කාඩ් එකේ මුහුණත අගය 7 කියල. දැන් කලින් ලැබුන පිළිතුරට මේ අගය එකතු කරනවා.

55 + 7 = 62.

දැන් ඔයා නරඹන්නාගෙන් මේ පිළිතුර දැන ගත්තට පස්සෙ මේ පිළිතුරෙන් 25ක් අඩු කරන්න.

62 - 25 = 37

දැන් ඔබට ලැබුනු මේ පිළිතුරට අනුව නරඹන්නා ගත්ත පළමු කාඩ් එක වන්නේ මුහුණත අගය අංක 3 වන කාඩ් එකක්. නරඹන්නා ගත්ත දෙවන කාඩ් එක වන්නේ මුහුණත අගය අංක 7 වන කාඩ් එකක්.


යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Monday, November 22, 2010

Math Magic

                              අද මම කියල දෙන්න යන මැජික් එක මම කලින් කියල දුන්න Open Sesame කියන මැජික් එකට සමානයි. සමානයි කියන්නෙ එමමයි එයමයි. ඒ කිවුවෙ මේ ප්‍රයෝගය Open Sesame ප්‍රයෝගයේම ප්‍රභේදනයක්(Variation).ඔයා ඒක කියවල නැත්නම් මෙතන ඔබල මුලින්ම ඒක කියවල එන්න. මේ ප්‍රයෝගය හදුන්වන්නෙ Math Magic කියලයි.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

කාඩ් 21ක් අරගෙන, නරඹන්නාට ඉන් කාඩ් එකක් හිතා ගන්න කියල කාඩ් 21 වාර 3ක් කලවම් කිරීමන් අනතුරැව කාඩ් 21 ගොඩවල් කිහිපයකට වෙන්කරල, නරඹන්නාට අවශ්‍ය පරිදි ගොඩවල් ඉවත්කරනවා.
අවසානයේ එක කාඩ් එකක් පමණක් ඉතුරැ වෙනවා. ඒ තමයි නරඹන්නා සිතා ගත් කාඩ් එක.

මෙන්න වැඩේ යන හැටි.

මුලින්ම, ඔයා  Open Sesame ප්‍රයෝගය කියවල නැත්නම් මෙතන ඔබල මුලින්ම ඒක කියවල එන්න. එහිදී, එය නිවරදිව වාර 3ක් කල හොත් නරඹන්නා සිතා ගත් කාඩ් එක වාර 3 අවසානයේ 11 වෙනි කාඩ් එක ලෙස කාඩ් පැක් එකේ තිබේවි.

Open Sesame ප්‍රයෝගයේදී නම් මේ පියවරෙන් පස්සෙ කරන්න තියෙන්නෙ Open Sesame කියන අකුරැ කිය කිය කාඩ් තියන එකනෙ. නමුත් මේ ප්‍රයෝගයේදී කරන්න තියෙන්නෙ එහෙම නෙමේ.

මේ ප්‍රයෝගයේදී ඔයා Open Sesame ප්‍රයෝගයට අනුව නිවරදිව එහි ඇති පියවරවල් අනුගමනය කරල නරඹන්නා සිතාගත් කාඩ් එක 11 වෙනි කාඩ් එක විදිහට පිහිටන තැනට වෙනකන් විතරක් කරන්න. ඊට පස්සෙ ඔයා පැක් එකේ උඩම තියෙන කාඩ් 3 අරන් මේසය මත තියන්න. දැන් ඊලග කාඩ් 3 අරන් මුලින්ම තියපු කාඩ් 3ට ටිකක් දකුණට වෙන්න තියන්න. දැන් ඊලග කාඩ් 3 අරන් දෙවනියට තියපු කාඩ් 3ට ටිකක් දකුණට වෙන්න තියන්න. දැන් මේසය මත කාඩ් ගොඩවල් 3ක් ඇති. දැන් ඊලග කාඩ් 3 අරන් ඔයා මුලින්ම තියපු කාඩ් ගොඩට ටිකක් පහලට වෙන්න ඒ ගොඩ කෙලින්ම තියන්න. දැන් ඊලග කාඩ් 3 අරන් ඔයා දෙවනියට තියපු කාඩ් ගොඩට ටිකක් පහලට වෙන්න ඒ ගොඩ කෙලින්ම තියන්න. දැන් ඊලග කාඩ් 3 අරන් ඔයා තුන්වෙනියට තියපු කාඩ් ගොඩට ටිකක් පහලට වෙන්න ඒ ගොඩ කෙලින්ම තියන්න.දැන් මේසය මත කාඩ් ගොඩවල් 6ක් ඇති. ඒ වගේම ඔයාගෙ අතෙත් තව කාඩ් 3ක් ඉතුරැව ඇති. ඒ කාඩ් 3 දෙවනි පේළියෙ මැද ගොඩට ටිකක් පහලින් මැද ගොඩ කෙලින්ම තියන්න. දැන් මේසය මත කාඩ් ගොඩවල් 7ක් ඇති.

මෙන්න ප්‍රයෝගය.

මේක හොදින් මතක තියා ගන්න. ඔයා මුල් පියවරයන් නිවරදිව කලා නම් මේ විදිහට මේසය මත කාඩ් තිවුවට පස්සෙ, නරඹන්නා සිතාගත් කාඩ් එක, මේසය මත ඇති කාඩ් ගොඩවල් වලින්, දෙවනි පේළියේ පළමු ගොඩේ දෙවනි කාඩ් එක ලෙස පිහිටා තිබෙනවා. මෙන්න මේ පිහිටීම හොදින් මතක තියාගෙන තමයි ඉදිරි පියවරයන් කරන්න ඕනෙ.

දැන් ඔයා නරඹන්නාට කියන්න මේසය මත තියෙන ගොඩවල් 7න් එයා කැමති ගොඩවල් 3ක් පෙන්වන් කියල. නරඹන්නා පෙන්වන ගොඩවල් 3ට නරඹන්නා සිතාගත් කාඩ් එක තියෙන ගොඩ ඇතුලත් නම්, නරඹන්නා පෙන්වපු ගොඩවල් 3 ඉතිරි කරගෙන ඉතිරි ගොඩවල් 4 ඉවත් කරන්න. එහෙම නැතුව නරඹන්නා පෙන්වන ගොඩවල් 3ට නරඹන්නා සිතාගත් කාඩ් එක තියෙන ගොඩ ඇතුලත් නැත්නම්, නරඹන්නා පෙන්වපු ගොඩවල් 3 ඉවත් කරන්න. ‍මේ ආකාරයට නරඹන්නාගේ කාඩ් එක ඇතුලත් ගොඩ ඉතිරි කර ගෙන ඉතිරි ගොඩවල් සියල්ල ඉවත් කරන්න.

දැන් මේසය මත ඇති ගොඩේ තිබෙන කාඩ් 3 මේසය මත අතුරන්න. හොදින් මතක තියා ගන්න, නරඹන්නාගේ කාඩ් එක තමයි මේ ගොඩේ මැද තියෙන කාඩ් එක. ඒක මතක තියාගෙන මේසය මත කාඩ් 3 අතුරන්න.දැන් නරඹන්නාට කියන්න මේ කාඩ් 3න් කැමති කාඩ් 2ක් පෙන්වන්න කියල. නරඹන්නා පෙන්වන කාඩ් 2කට නරඹන්නා සිතාගත් කාඩ් එකත් ඇතුලත් නම්, ඒ කාඩ් 2 මේසය මත තියා ගෙන ඉතුරැ කාඩ් එන ඉවත් කරන්න. මේ ආකාරට නරඹන්නාගේ කාඩ් එක පමණක් මේසය මත ඉතිරි වන සේ කාඩ් ඉවත් කරන්න.

දැන් ඉතිං වැඩේ ගොඩ. දන්න වැඩ කිඩ ටිකක් පෙන්නල නරඹන්නාට එයාගෙ කාඩ් එක පෙන්වන එක තමයි දැන් ඔයාට කරන්න තියෙන්නෙ.

 යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣


Tuesday, November 16, 2010

Your Choice

                         මම හිතනවා මම කලින් කියල දුන්න ප්‍රයෝගය ඔයාල හොදින් කරන්න ඇති කියල. ඒ වගේම පසුගිය මස ජයග්‍රාහකයිනුත් දැන් Card Levitation Trick එකත් හොදින් කරනව ඇති කියල මම හිතනවා. මම අද කියල දෙන්න යන්නෙ තවත් එක් අපූරැ ප්‍රයෝගයක්. මේ ප්‍රයෝගය කරන්න කාඩ් පැක් එකේ සියලුම කාඩ් අවශ්‍යය වෙන්නෙ නෑ. කාඩ් කිහිපයක් තිබුනම හොදටම ඇති. මේ ප්‍රයෝගය හදුන්වන්නෙ Your Choice කියලයි.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

එක් ගොඩකට කාඩ් 5 බැගින් වූ කාඩ් ගොඩවල් 6ක් මේසය මත හදනවා. ඒ වගේම නරඹන්නාට කැමති කාඩ් 2ක් අරගෙන ඒ කාඩ් දෙක මොකක්ද කියල කොලයක ලියන්න කියනව. ඊට පස්සෙ ඔයා මේසය මත ඇති කාඩ් සියල්ල ගොඩවල් 2කට වෙන් කරල, අවසානයේ කාඩ් 2ක් අතට ගන්නවා. ඒ කාඩ් 2ක මොකක්ද කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඒ කාඩ් 2ක තමයි නරඹන්නා කොලයේ ලියූ කාඩ් දෙක.

මෙන්න වැඩේ යන හැටි.

මුලින්ම ඔයා පැක් එක හොදින් shuffle කරන්න කියල නරඹන්නාට දෙන්න. දැන් ඔයා නරඹන්නාට කියන්න එයා කැමති කාඩ් 2ක් අරගන්න කියල. අරගෙන ඒ කාඩ් 2 මොකක්ද කියල කොලයක ලියල තමන් ලග තියාගන්න කියන්න.ඊට පස්සෙ ඔයා පැක් එකෙන් කාඩ් 30ක් වෙන් කරල ගන්න. දැන් එක ගොඩකට කාඩ් 5ක් වෙන්න මේසය මත කාඩ් ගොඩවල් 6ක් හදන්න ඒ කාඩ් 30 උපයෝගී කරගෙන.

දැන් නරඹන්නාට කියන්න එයා ගත්ත කාඩ් 2, මේ ගොඩවල් 6න් කැමති ගොඩවල් 2ක් මත තියන්න කියල.(ගොඩවල් 2හි උඩම කාඩ් එක ලෙසයි තියන්න ඕනෙ. ගොඩවල් 2හි අවසානයේවත් ගොඩවල් 2හි මැදවත් නොවේ).

නරඹන්නා තමන් කැමති ගොඩවල් 2ක් මත එයා ‍ගත්ත කාඩ් 2ක තිවුවට පස්සෙ, ඔයා මේසය මත තියෙන අනෙක් ගොඩවල් 4න්(‍මේසය මත ඇති මුළු කාඩ් ගොඩවල් ගණන 6කි. ඉන් ගොඩවල් 2ක් මත නරඹන්නා ගත් කාඩ් 2ක තබයි. ඒ ගොඩවල් 2 හැරැණු විට තවත් ගොඩවල් 4ක් මේසය මත ඇත.) ගොඩවල් 2ක් අරන් නරඹන්නා කාඩ් 2ක තියපු ගොඩවල් 2න් එක් ගොඩක් මත තියන්න. ඒ වගේම මේසය මත ඇති අනෙක් ගොඩවල් 2ත් අරන් නරඹන්නා කාඩ් එකක් තියපු අනෙක් ගොඩ මතින් තියන්න. දැන් මේසය මත ගොඩවල් 2ක් ඇති. දැන් ඉන් එක් ගොඩක් අරන් අනෙක් ගොඩ මත තියන්න. දැන් එය එක් ගොඩක් බවට පත්වී ඇති.

මෙන්න ප්‍රයෝගය.

දැන් ඔයා මේ කාඩ් ටික ගොඩවල් 2කට වෙන් කරන්න ඕනෙ. මුලින්ම ඔයාගෙ වම් අත පැත්තට කාඩ් එකක් දාල ගොඩවල් 2 වෙන් කරන එක පටන් ගන්න. ඊට පස්සෙ දකුණු අත පැත්තට කාඩ් එකක් දාන්න. මේ විදිහට ඔයා‍ගෙ අතේ තියෙන කාඩ් ටික ගොඩවල් 2කට වෙන් කරන්න.

මම කියූ ලෙස මෙහෙම වෙන් කරාට පස්සෙ ඔයාගෙ වම් අත පැත්තෙ තියෙන ගොඩේ තමයි නරඹන්නා ගත් කාඩ් 2 තියෙන්න. දැන් ඉතිං මොකක් හරි ප්‍රයෝගයක් දාලා දකුණු පැත්තෙ තියෙන ගොඩ අයින් කරන්න. මීට කලින් කරපු ප්‍රයෝග වලදී මම කියල දුන්න කොහොමද ගොඩවල් 2ක් තියෙන අවස්ථාවක වැඩක් දාලා එක් ගොඩක් ඉවත් කරන්නෙ කියල.දැන් ආයෙත් පෙර පරිදිම ගොඩවල් 2කට වෙන් කරල දකුණු අත පැත්තෙ ගොඩ ඉවත් කරන්න. මේ ආකාරයෙන් වම් අත පැත්තෙ කාඩ් 2ක් පමණක් ඉතිරි වෙන තෙක් මේ වැඩේ කරන්න.

හොදින් මතක තියා ගන්න, ගොඩවල් 2කට වෙන් කිරීමේදී පළමු කාඩ් එක ඔයාගෙ වම් අත පැත්තට දාල පටන් ගන්න. එහෙම කලොත් විතරයි මම කියන විදිහට කාඩ් 2ක එන්නෙ. නැත්නම් වෙනස් වෙන්න පුලුවන්.

ඔයාගෙ වම් අත පැත්තට කාඩ් 2ක් අවසානයේ ඉතුරැ වෙනකම් මේ කාර්යය කරන්න. වැඩේ හරියටම කරානම් එල කිරි වගේ නරඹන්නා ගත්තු කාඩ් දෙක අවසානයේ ඉතුරැ වෙලා ඇති.දැන් ඉතිං ඔයා දන්න වැඩ කිඩ ඔක්කොම ටික දාල නරඹන්නට මේ කාඩ් 2ක පෙන්නවන්න තමයි තියෙන්නෙ.

ඔයාගෙ නිර්මාණශීලීත්වය අනුව ප්‍රයෝග ඉදිරිපත් කරන ආකාරය වෙනස් කරගන්න. මම මේ කියන විදිහටම කරන්න ඕනෙ නෑ. ඔයාගෙ හැකියාව අනුව මීටත් වඩා ලස්සනට ප්‍රයෝග ඉදිරිපත් කරන්න. එහෙම කරන තරමට තමයි නරඹන්නාගේ ආකර්ෂණය වැඩිවෙන්නෙ. ඒ වගේම නරඹන්නා විශ්මයට පත්වීමේ ප්‍රතිශතයත් වැඩිවෙන්නෙ.

මේ ප්‍රයෝගයේම Advanced Trick එකක් තියෙනනවා. ඒකෙදි නරඹන්නා වගේම ඔයත් කාඩ් 2ක් අරන් ඒ කාඩ් 2 කොලයක ලියනවා. ඊට පස්සෙ ඔයා නරඹන්නාගෙන් අහනවා, නරඹන්නාට ප්‍රයෝගය අවසානයේ පෙන්වන්න ඕනෙ ඔයා ගත්ත කාඩ් 2ද, එහෙම නැත්නම් නරඹන්නා ගත්ත කාඩ් 2කද කියල. ඒ ප්‍රයෝගයේදි නරඹන්නා කියන කාඩ් 2ක අරන් පෙන්වන් පුලුවන්.

ඉතිං මම බලාපොරොත්තුවෙනවා magics4me බ්ලොග් අඩවියේ ආරම්භ කර ඇති තරගයේ ඉදිරි මාස වල ජයග්‍රාහකයන්ට ඒ ප්‍රයෝගය කරන්නෙ කොහොමද කියල උගන්වන්න.

යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Sunday, November 14, 2010

Who is the Winner ? | ජයග්‍රාහකයා ඔබද ?



                    ඔන්න මම පොරොන්දු උනා වගේම, magics4me බ්ලොග් අඩවියත් සමග සම්බන්ධ වෙලා ඉදලා, magics4me බ්ලොග් අඩවියෙන් පවත්වපු තරගයට සහභාගීවෙලා, ඒ තරගයෙන් පසුගිය  මස ජයග්‍රහණය කරපු ජයග්‍රාහකයන්ට තෑගි දෙන්නයි යන්නෙ.

මේක ඉතිං magics4me බ්ලොග් අඩවියෙන් හා හා පුරා කියල magics4me බ්ලොග් අඩවියේ පාඨකයන්ට දෙන තෑග්ගනේ. ඒ නිසා මම තීරණය කලා මෙවර ජයග්‍රාහකයන්ට Magic Video Tutorial එකක් දෙන්න.

මේ Video Tutorial එක Card Levitation Tutorial එකක්. ගොඩක් දෙනා නොපෙනෙන නූලක් ( Invisible Thread ) භාවිතා කරල තමයි Card Levitation Tricks ඉදිරිපත් කරන්නෙ. හැබැයි මේ වීඩියෝ එකෙන් නූලක් භාවිතා නොකර Card Levitation Trick එකක් ඉදිරිපත් කරන්නෙ කොහොමද කියල පෙන්‍වනවා.

ඉතිං මම තාම කිවුවෙ නෑනේ කවුද පසුගිය මස ජයග්‍රාහකයින් කියල. මෙන්න මේ අය තමයි magics4me බ්ලොග් අඩවියෙන් පවත්වපු තරගයේ පසුගිය මස ජයග්‍රාහකයින්.
   
    Gishan Pematilake.
    Geeth Nuwan Pathirana.

ඔබ දෙදෙනාට magics4me බ්ලොග් අඩවියෙන් සුභපැතුම්.

මීලග මස ජයග්‍රාහකයා ඔබ විය හැකියි. තවමත් තරගයට සහභාගීවුනේ නැත්නම් මෙතනට ගිහින් දී ඇති විස්තර අනුව තරගයට සම්බන්ධ වන්න. ඔබට ජය!!!.

යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Thursday, November 11, 2010

The Self-Arranging Deck

                           අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ Street Magics වල බහුලවම භාවිතා වෙන ඉතාමත් ලේසියෙන් කරන්න පුලුවන් ප්‍රයෝගයක්. මේක ඔයාගෙ මැජික් හැකියාව ඉතා හොදින් පෙන්වන්න පුලුවන් ප්‍රයෝගයක්. කවුරැ හරි ඔයාට අලුත්ම අලුත්, පැකින්වත් නොකඩපු පැක් එකකින් මැජික් එකක් කරන්න කිවුවොත් මෙන්න කරන්න ඕන වැඩේ. දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියල.මේ ප්‍රයෝගයට කියන්නෙ The Self-Arranging Deck කියලයි.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

ඔයා නරඹන්නා ඇති කියනතෙක් පැක් එක cut කරනවා. ඊට පස්සෙ ඔයා කාඩ් ගොඩවල් 13කට වෙන් කරනවා. ඊට පස්සෙ ඔයා ඒ ගොඩවල් බලද්දි ඒ හැම ගොඩකම තියෙන්නෙ එකම අංකය සහිත කාඩ්. ඒ කිවුවෙ, එක ගොඩක තියෙන්නෙ ආසියො 4දෙනා. තවත් ගොඩක තියෙන්නෙ අංක2 සහිත කාඩ් 4. මේ ආදී ලෙස කාඩ් පිහිටල තියෙනවා.

මෙන්න වැඩේ යන හැටි.

මම කිවුවනේ මේක අලුත්ම අලුත් පැක් එකකින් කරන්න පුලුවන් එකක් කියල. එහෙම කිවුවෙ අලුතෙන්ම ගන්න පැක් එකක කාඩ් අසුරල තියෙන්නෙ පිළිවෙලට. ඒ කිවුවෙ වංශ 4 වෙන වෙනම තමයි තියෙන්නෙ. ඒ වගේම ඒ ඒ වංශයේ කාඩ් අසුරල තියෙන්නෙත් පිළිවෙලට. ඒ කිවුවෙ Ace to King (1,2,3,....,10,J,Q,K) පිළිවෙලට කාඩ් අසුරලයි තියෙන්නෙ. ඉතිං මේ ප්‍රයෝගය කරන්න කලින් ඔයාගෙ පැක් එකත් මේ වගේ පිළිවෙලට හදාගෙන ඉන්න.

මෙහෙම පිළිවෙලට හදාගත්තයින් පස්සෙ ඔයා පැක් එකේ උඩම තියෙන කාඩ් 21 අරගෙන පැක් එකේ යටින්ම තියන්න. හැබැයි කාඩ් 21 ගනිද්දි කාඩ් තියල තියෙන පිළිවෙල වෙනස් වෙන්න බෑ. ඒ කිවුවෙ ඔයා පැක් එකේ මුලින්ම තියෙන කාඩ් එක අරන් ඒක මේසය මත තියල, ඊට පස්සෙ පැක් එකේ ඊලගට තියෙන කාඩ් එක අරන් ඒක මුලින් මේසය මත තියපු කාඩ් එක උඩින් තිවුවොත් වැඩේ වැරදියි. පැක් එකේ කාඩ් තියල තියෙන පිළිවෙලටම, උඩම තියෙන කාඩ් 21 අරන් පැක් එකේ යටින්ම තියන්න.

දැන් නරඹන්නා ඇති කියන තෙක් පැක් එක cut කරන්න. shuffle කරන්න එපා. cut කරන්නයි ඕන. දැන් පැක් එකේ තියෙන කාඩ් ගොඩවල් 13කට දාන්න. ඒ කියන්නෙ පැක් ‍‍එකේ මුලින්ම තියෙන කාඩ් 13 මේසය මත වමේ සිට දකුණට දාගෙන යන්න. ඊට පස්සෙ ඊලගට තියෙන කාඩ් ටිකත් මේ කාඩ් උඩටම දාන්න. මේ ආකාරයට කාඩ් 52 ඉවර වෙන තෙක්ම කරන්න.

දැන් එක ගොඩක කාඩ් 4 බැගින් වූ ගොඩවල් 13ක් සෑදී ඇති. දැන් ඉතිං දන්න වැඩක් එහෙම දාල මේ ගොඩවල් ටික අනිත් පැත්තට හරවල පෙන්නවන්න. හැම ගොඩකම එකම අගය සහිත කාඩ් 4 බැගින් ඇති.

මෙන්න ප්‍රයෝගය.

ඔයා පැක් එකේ උඩම තියෙන කාඩ් 21 පැක් එකේ යටින්ම තියන එක නරඹන්නාට නොපෙනෙන්න කරන්න. එහෙම කරන තරමට ප්‍රයෝගයේ සාර්ථක බව වැඩියි. එහෙම කරන්න බැරි අවස්ථාවක නම් නරඹන්නාට නොතේරෙන්න කාඩ් 21 එක පැක් එකේ යටින් තියන්න වගබලාගන්න.

මෙහි ප්‍රයෝගය සම්පූර්ණයෙන්ම රැදී ඇත්තේ කාඩ් පිහිටා තියෙන ආකාරය මතයි. ඒ නිසයි කාඩ් 21 එක පැක් එකේ යටින් ති‍යන කොටත් පිහිටීම වෙනස් නොවන ලෙස තියන්න ඕනෙ. ඒ වගේම shuffle කිරීමෙන් වලකින්න ඕනෙත් මෙන්න මේ හේතුව නිසයි.


යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Sunday, November 7, 2010

Mental Thought ( Mind Reading part 5 )

                    ගොඩක් දවසකින් Mind Reading Trick එකක් කියල දෙන්නත් බැරිවුනානෙ. ඔන්න අද මම කියල දෙන්න යන්නෙ   Mind Reading Trick එකක්. මේ Mental Thought. දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියල.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

නරඹන්නාට 1ත්, 10ත් අතර ඉලක්කමක් හිතාගන්න කියල, ඒ ඉලක්කමට අදාලව කාඩ්පැක් එකේ තියෙන කාඩ් එක බලාගන්න කියනවා. ඊට පස්සෙ ඔයා ඒ කාඩ් එක මොකක්ද කියල කියනවා.

මෙන්න වැඩේ යන හැටි.

මුලින්ම කාඩ් පැක් එක නරඹන්නාට දෙන්න හොදින් shuffle කරන්න කියල. ඊට පස්සෙ නරඹන්නාට කියන්න 1ත්, 10ත් අතර ඉලක්කමක් හිතාගන්න කියල. දැන් කාඩ් පැක් එකේ තමන් හිතාගත් ඉලක්කමට අදාල කාඩ් මොකක්ද කියල බලාගන්න කියන්න.

අපි හිතමු හිතාගත්ත ඉලක්කම 4 කියල. දැන් කාඩ් පැක් එකේ උඩ ඉදල 4වෙනියට තියෙන කාඩ් එක බලා ගන්න කියන්න. අපි හිතමු 4වෙනියට තියෙන කාඩ් එක 7 of Diamonds කියල.

දැන් කාඩ් පැක් එක ඔයා ඉල්ල ගන්න. ඉල්ලගෙන කාඩ් පැක් එක ඔයාගෙ පිටිපස්ස පැත්තට අරගෙන, උඩ ඉදල කාඩ් 19ක් ගනන් කරල ගන්න.

අපි හිතමු ඔයා කාඩ් පැක් එක ඔයාගෙ වම් අතේ තියාගෙන ඉන්නෙ කියල. දැන් වම් අතෙන් දකුණු අතට පැක් එකේ උඩ ඉදල කාඩ් 19ක් දාන්න. මේක කලාට පස්සෙ පැක් එකේ උඩම තිබුන කාඩ් එක 19 වෙනි කාඩ් එක ලෙසත්, පැක් එකේ 2වෙනියට තිබුන කාඩ් එක 18 වෙනි කාඩ් එක ලෙසත්,...., ආදී ලෙස තියෙන්නෙ.

මෙහෙම කරල ඉවර වෙලා මේ කාඩ් 19 ආයෙත් වම් අතේ තියෙන ගොඩේ උඩින්ම තියන්න. දැන් පැක් එක ඉස්සරහට අරන් නරඹන්නාගෙන් අහන්න මොකක්ද එයා හිතා ගත්ත අංකය කියල. දැන් ඒ අංකයෙන් පස්සෙ තියෙන අංකයෙ ඉදල 20ට යන තෙක් හිතෙන් ගනන් කරමින් කාඩ් එකින් එක මේසය මත තියන්න.

අපේ උදාහරනෙ හැටියට නම් අංකය 4නෙ හිතා ගත්තෙ. 4ට පස්සෙ තියෙන්නෙ 5නේ. 5,6,7,8,....,18,19,20 ආදී ලෙස හිතෙන් ගනන් කරමින් කාඩ් මේසය මත තියන්න.

20 වෙනි කාඩ් එක ලෙස නරඹන්නාගේ කාඩ් එක තියේවි.

මෙන්න ප්‍රයෝගය.

කාඩ් 19ක් ගනන් කරල ගන්න එකෙන් කරන්නෙ පැක් එකේ ‍කාඩ් තිබුන පිළිවෙල වෙනස් කරන එකයි. මේ විදිහට පිළිවෙල වෙනස් කලාම තමයි හිතාගත් ඉලක්කමේ සිට 20 වෙනියට කාඩ් එක පිහිටන්නෙ.

ඔයා නරඹන්නගෙන් එයා හිතා ගත්ත ඉලක්කම අහල, එයාට කියන්න එයාගෙ කාඩ් එක ගැන හොදින් හිතන්න කියල. දැන් ඔයා එයාගෙ හිත කියවනව වගේ පෙන්වන්න. දැන් හිතෙන් ගණන් කරමින් කාඩ් මේසය මත තියන්න. මේක කරද්දි කාඩ්වල මුහුණත ඇගිල්ලකින් ඔයා අතගානව වගේ පෙන්නන්න. මෙහෙම කරල 20දී නරඹන්නාට එයාගෙ කාඩ් එක පෙන්වන්න.

යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Tuesday, November 2, 2010

Impossible Card Location

          මම හිතනව කලින් ප්‍රයෝගය කරද්දි ඔයාලට ගැටළු මතුවෙන්න නැතුව ඇති කියල. මොකද කවුරැවත් ගැටළුවක් ඇතිවුනා කියල සදහන් කරල තිබුනෙ නෑ. හොදයි එහෙනම් දැන් අපි අද වැඩේට බහිමු. අද මම කියල දෙන්න යන්නෙ ඔයාලගෙ මැජික් හැකියාව ඉතා හොදින් පෙන්වන්න පුලුවන් මැජික් එකක්. මේ Impossible Card Location. දැන් බලමු මොකක්ද මේ කියල.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

මේ ප්‍රයෝගය ගොඩක් පිරිසක් ඉන්න තැනක කරන්න පුලුවන් එකක්. මොකද මේකට නරඹන්නන්ගෙන් තුන් දෙනෙනකුත් ගන්න ඕන. නරඹන්නන් 3දෙනාට කාඩ් 3ක් ගන්න කියල,පැක් එක ගොඩවල් 3කට වෙන් කරල, ඒ 3දෙනා ගත්තු කාඩ් 3 ඒ ගොඩවල් 3මත තියනව. ඊට පස්සෙ ඒ ගොඩවල් 3ම එක ගොඩක් කර ගන්නව. ඊට පස්සෙ ගොඩවල් 2කට කාඩ් බෙදනව. අවසානයේ කාඩ් 3ක් විතරක් ඉතුරැ වෙනවා. ඒ කාඩ් 3 තමා නරඹන්නන් ගත්ත කාඩ් 3. 

මෙන්න වැඩේ යන හැටි.

මුලින්ම නරඹන්නන් අතුරින් 3 දෙනෙකුට මේ ප්‍රයෝගයට සම්බන්ධ වෙන්න එන්න කියන්න. දැන් ඒ 3දෙනාගෙන් කෙනෙකුට පැක් එක දෙන්න හොදින් shuffle කරල දෙන්න කියල. ඊට පස්සෙ ඔයා ඒ 3දෙනාට කියන්න පැක් එකෙන් කැමති කාඩ් 3ක් ගන්න කියල. දැන් තමන් ගත්ත කාඩ් එක‍ හොදින් මතක තබා ගන්න කියන්න.

දැන් ඔබ කාඩ් පැක් එක ගොඩවල් 3කට වෙන් කරන්න ඕන. ඒක කරන්නෙ මේ විදිහට. මුලින්ම කාඩ් 10ක් අරගෙන මේසය මත තියන්න. දැන් තව කාඩ් 15ක් අරගෙන මේසය මත තියන්න. ඊට පස්සෙ තවත් කාඩ් 15ක් අරගෙන මේසය මත තියන්න. මේ වෙන කොට මේසය මත ගොඩවල් 3ක් සෑදී අවසන්. මේ ගොඩවල් 3 එක පේලියකට මේසය මත තියා ගන්න. ඒ වගේම ඔබේ අතෙත් කාඩ් කීපයක් ඉතුරැවෙයි. ඒ ටික ඔබ අතේ තියාගන්න.

දැන් එක් නරඹන්නෙකුට කියන්න තමා ගත් කාඩ් එක පළමු ගොඩ උඩින් තියන්න කියල. ඊට පස්සෙ 2වැනි ගොඩෙන් කැමති කාඩ් ගණනක් අරගෙන (ගණන් කරල ගන්න ඕන නෑ. නිකන් කාඩ් කීපයක් ගන්න කියන්න) තමන් තියපු කාඩ් එක උඩින් තියන්න කියන්න. දැන් ඔහු ගත් කාඩ් එක පළමු ගොඩ තුල සැගවී ගොස් ඇති. ඒ කියන්නෙ අපි කාටවත් හරියටම කියන්න බෑ එයාගෙ කාඩ් එක තියෙන්න මෙන්න මේ තැන කියල.

දැන් තවත් නරඹන්නෙකුට කියන්න එයා ගත් කාඩ් එක දෙවන ගොඩ උඩින් තියන්න කියල. ඊට පස්සෙ 3වැනි ගොඩෙන් කැමති කාඩ් ගණනක් අරගෙන තමන් තියපු කාඩ් එක උඩින් තියන්න කියන්න. දැන් ඔහු ගත් කාඩ් එක දෙවන ගොඩ තුල සැගවී ගොස් ඇති.

දැන් ඉතුරැ නරඹන්නාට කියන්න එයා ගත් කාඩ් එක තුන්වෙනි ගොඩ උඩින් තියන්න කියල. ඊට පස්සෙ ඔයාගෙ අතේ තියෙන කාඩ් ටික අරගෙන එයා තියපු කාඩ් එක උඩින් තියන්න. දැන් ඔහු ගත් කාඩ් එක තුන්වෙනි ගොඩ තුල සැගවී ගොස් ඇති.

දැන් තුන්වෙනි ගොඩ (ඔබේ අතේ තිබුන කාඩ් ටික තැබූ ගොඩ) අරන් 2වනි ගොඩ උඩින් තියන්න. දැන් මේසය මත තියෙන්නෙ ගොඩවල් 2යි. දැන් දෙවනි ගොඩ අරන් පළමු ගොඩ උඩින් තියන්න. දැන් ගොඩවල් සියල්ල එක ගොඩක් බවට පත්වී අවසන්. නරඹන්නන් 3දෙනා ගත් කාඩ් 3 මේ ගොඩ තුල කොහේ හෝ ඇති.

දැන් එම ගොඩ ඔයා අතට ගන්න. අරන් එහි උඩින්ම තිබෙන කාඩ් 4 අරන් පැක් එකේ යටින්ම තියන්න. දැන් නරඹන්නන්ට මෙහෙම කියන්න.

" මම දැන් ගොඩවල් 2කට කාඩ් වෙන් කරනව. එක ගොඩක මුහුණත (අංක තියෙන පැත්ත) උඩටත්, අනෙක් ගොඩ අංක තියෙන පැත්ත යටටත් සිටින සේ තමයි මේක කරන්නනෙ. මුහුණත උඩට සිටින සේ මම දාන ගොඩේ ඔයාල මුලින් ගත්ත කාඩ් තිබුනොත් මට කියන්න නවත්වන්න කියල."

මෙහෙම කියල ඔයා මේසය මතට කාඩ් දාන්න පටන් ගන්න. එක ගොඩක තියෙන කාඩ් වල මුහුණත උඩටත්, අනෙක් ගොඩේ තියෙන කාඩ්වල මුහුණත යටටත් සිටින සේ කාඩ් දාන්න. මුල්ම කාඩ් එක, මුහුණත (අංක තියෙන පැත්ත) උඩට තියෙන්න තමයි දාන්නෙ. ඒක තමයි පළමු ගොඩ. දැන් දෙවනි කාඩ් එක මුහුණත යටට සිටිනසේ මේසය මත පළමු ගොඩට ටිකක් එහායින් දාන්න. ඒක දෙවන ගොඩ. දැන් 3 වෙනි කාඩ් එක මුහුණත උඩට සිටිනසේ, කලින් මුහුණත උඩට සිටිනසේ දාපු කාඩ් එක උඩට දාන්න. දැන් 4වෙනි කාඩ් එක මුහුණත යටට සිටිනසේ, කලින් මුහුණත යටට සිටිනසේ දාපු කාඩ් එක උඩට දාන්න. මේ ආකාරයට සියලු කාඩ් දාන්න.

අවසානයේ මුහුණත උඩට සිටින්න දාපු ගොඩ ඉවත්කරල, ඉතිරි ගොඩ අරගෙන පෙර පරිදිම කරන්න. මේ ආකාරයට මුහුණත යටට සිටින්න කාඩ් 3ක් පමණත් ඉතිරි වෙනකන් කරන්න. (පහත රෑපය බලන්න. A අකුරෙන් දක්වා ඇති ගොඩ ඉවත් කර B අකුරෙන් දක්වා ඇති ගොඩ රැගෙන නැවතත් පෙර පරිදිම ගොඩවල් 2කට කාඩ් දාන්න. මේ ආකාරයෙන් B අකුරෙන් දක්වා ඇති ගොඩේ කාඩ් 3ක් පමණක් ඉතිරි වන තෙක් කරන්න).




මෙන්න ප්‍රයෝගය.

ඇත්තටම මේකෙ කරන්න දෙයක් නෑ. මේක හරියට කලා නම් අවසානයේ ඉතිරි වෙන කාඩ් 3 තමයි නරඹන්නන් 3 දෙනා ගත්ත කාඩ් 3.

මේකෙදි අපි එක ගොඩක් මුහුණත උඩට සිටින්න දාන්නෙ, නරඹන්නන්ගෙ කාඩ් ඒ ගොඩට වැටෙනවද බලන්න. ඒත් මූලික පියවරවල් හරියට කලා නම් කවදාවත් ඒ ගොඩට‍ නරඹන්නන් ගත්තු කාඩ් වැටෙන්නෙ නෑ. අවසානයේදි ලස්සනට නරඹන්නන් ගත්ත කාඩ් 3 විතරක් ඉතිරි වෙනව.

යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Sunday, October 24, 2010

Top Card Value Trick

          මම හිතනව දැන් ඔයාලට කලින් කියල දුන්න ප්‍රයෝග හොදට පුලුවන් ඇති කියල. අද මම කියල දෙන්න යන්නෙ ටිකක් වෙනස් විදිහෙ ප්‍රයෝගයක්. මේ Top Card Value Trick.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

අපි නරඹන්නාට පැක් එක දීල ගොඩවල් කීපයක් හදන්න කියනව. ඊට පස්සෙ ඉන් කැමති ගොඩවල් 3ක් තෝර ගන්න කියල ඉන් එක ගොඩක උඩින්ම තියෙන කාඩ් එකේ අගය මොකක්ද කියල කියනව.

මෙන්න වැඩේ යන හැටි.

මේකෙදි අපි කාඩ් වලට අගයන් ලබා දෙනව. මේ තියෙන්නෙ අගයන්.

Ace (A) අගය = 1
Jack (J) අගය = 10
Queen (Q) අගය = 10
King (K) අගය = 10
අ‍නෙක් සියලුම කාඩ්වල මුහුණත අගය ඒ ආකාරයෙන්ම යොදා ගන්නව.

මුලින්ම පැක් එක හොදින් shuffle කරන්න. ඊට පස්සෙ නරඹන්නාට පැක් එක දෙන්න. මොකද මේක කරන්නෙ නරඹන්නා විසින්. මේකෙදි කරන්නෙ ගොඩවල් කිසියම් ආකාරයකින් 10ට සමාන කිරීමක්. දැන් නරඹන්නාට කියන්න පැක් එ‍කේ මුල්ම කාඩ් එක, මුහුණත (අංක තියෙන පැත්ත)උඩට සිටින සේ මේසය මත තියන්න කියල. අපි හිතමු ඒ කාඩ් එක අංක 2 කියල. දැන් කරන්නෙ මේක 10ට සමාන කරන එක. 2ට 8ක් එකතු කලාම තමයි 10 වෙන්නෙ. ඒ නිසා පැක් එකෙන් තව කාඩ් 8ක් අරන් කලින් ගත්ත අංක 2 කාඩ් එක උඩින් මුහුණත උඩට සිටින සේ තියන්න. දැන් තේරැනා නේද ? දැන් ඒ ගොඩ මුහුණත යටට සිටින සේ හරවා පැත්තකින් ති‍යන්න. දැන් ඊලග කාඩ් එක ගන්න කියන්න. අපි හිතමු ඒ කාඩ් එක අංක 7 කියල. දැන් කලින් කලා වගේම ඒ කාඩ් එකත් මේසය මත තියල තව කාඩ් 3ක් අරන් තියනව ඒ කාඩ් එක උඩින්. 7ට 3ක් එකතු කලාමනේ 10 වෙන්නෙ. දැන් ඒ ගොඩත් මුහුණත යටට සිටින සේ හරවා පැත්තකින් තියන්න.

අපි හිතමු ඔය අතරෙදි අංක 10,J,Q,K කියන කාඩ් ආවා කියල. ඒව වෙනම තියාගන්න ඕන. මොකද ඒවා 10ට සමාන කරන්න ඕන නෑනේ. ඒවාගේ අගය 10යි නෙ.

මේ විදිහට පැක් එක ඉවර වෙනකන්ම කරන්න. සමහර විට කාඩ් ඉතුරැ වෙයි. ඒ ඉතුරැ වෙන ටිකත් 10,J,Q,K කාඩ් තියෙන ගොඩට දාන්න. දැන් ඒ ගොඩ ඔබ අතට ගන්න.

දැන් මේසය මත ඇති ගොඩවල් වලින් කාඩ් 3ට වඩා තියෙන ඕනම ගොඩවල් 3ක් නරඹන්නාට තෝර ගන්න කියන්න. දැන් තෝරා ගත් ගොඩවල් 3 මේසය මත තිබියදී ඉතුරැ ගොඩවල් ටික ඔබේ අතේ ඇති ගොඩට එකතු කර ගන්න.

මෙන්න ප්‍රයෝගය.

ඔබේ අතේ ඇති කාඩ් වලින් කාඩ් 19ක් වෙන් කර පැත්තකින් තියන්න. ඉතිරි ටික ඔබ අතේ තියා ගන්න.

දැන් මේසය මත ඇති ගොඩවල් 3න් නරඹන්නා කැමති ගොඩක මුල්ම කාඩ් එකේ මුහුණත උඩට හරවන්න කියන්න. අපි හිතමු ඒ කාඩ් එකේ මුහුණත අගය 9 කියල. දැන් ඔබ අතේ ඇති කාඩ් වලින් කාඩ් 9ක් අරන් ඒ කාඩ් එක උඩින් තියන්න. මෙතනදි 10ට සමාන කරන්නෙ නෑ. මුහුණත අගයට සමාන කාඩ් ප්‍රමාණයක් තියන එක තමයි කරන්නෙ. දැන් ඉතුරැ ගොඩවල් 2න් කැමති එකක මුල්ම කාඩ් එකේ මුහුණත උඩට හරවන්න කියන්න. අපි හිතමු ඒ කාඩ් එකේ මුහුණත අගය 1 කියල. දැන් ඔබ අතේ ඇති කාඩ් වලින් කාඩ් 1ක් අරන් ඒ කාඩ් එක උඩින් තියන්න. දැන් එක ගොඩක් විතරයි ඉතුරැ.

මේ වෙන කොට ඔබේ අතේත් යම් කාඩ් ප්‍රමාණයක් ඉතිරිව ඇති. ගණන් කරල බලන්න කීයක් තියෙනවද කියල. ඔබ මේ ප්‍රයෝගය මුල සිට නිවරදිවම කරගෙන ආවා නම් ඔබේ අතේ ඇති කාඩ් ගණනේ එකතුව තමයි ඉතිරි ගොඩේ මුල්ම කාඩ් එකේ මුහුණත අගය වෙන්නෙ.

අපි හිතමු ඔබේ අතේ තව කාඩ් 6ක් ඉතුරැව තියෙනව කියල. එහෙනම් ඉතුරැ ගොඩේ මුල්ම කාඩ් එකේ මුහුණත අගය වෙන්නෙ 6.

වැඩේ හරියට කරගන්න බැරි වුනොත් කොමෙන්ට් එකක් මගින් අහන්න.නැත්නම් මම Chat එ‍කේ ඉන්නවද කියල මේ පිටුවෙ උඩ හරියෙ දාල තියෙන ගැජට් එකෙන් පෙන්නනව. මම ඉන්නව නම් Chat එකෙන් අහන්න.

යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Tuesday, October 19, 2010

Pyramid of Imhotep



          පිරමීඩයක් හදන්න කැමතිද ? අද මම කියල දෙන්න යන්නෙ කොහොමද පිරමීඩයක් හදන්නෙ කියල. මේක මැජික් පිරමීඩයක්. මේ Pyramid of Imhotep. ඊජිප්තුවේ පිරමීඩ හදපු ඉංජිනේරැවා හදුන්වපු නම තමයි Imhotep කියන්නෙ. එහෙනම් කරලම බලමු වැඩේ.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

කාඩ් පැක් එකෙන් කාඩ් කිහිපයක් අරගෙන, IMHOTEP යන වචනය උපයෝගී කරගෙන වාර කිහිපයක් කලවම් කර අනතුරැව එය, එක ගොඩකට කාඩ් 2 බැගින් වූ ගොඩවල් 3කට වෙන් කර පිරමීඩයක ආකාරයට සකස් කරනව.ඉන් පසුව එම ගොඩවල් 3හිම කාඩ් වල මුහුණත වටිනාම් එකතු කර බැලූ විට ඒවා සමාන වී ඇති බව ඔබට පෙනේවි. 


මෙන්න වැඩේ යන හැටි.

ඔබ කාඩ් පැක් එකෙන් 1,2,3,4,5,6 කියන කාඩ් ගන්නව. 1 කියන්නෙ ආසියා(A). ඔබට හෝ නරඹන්නාට කැමති වංශයකින් ගන්න. වංශය කලවම් උනත් ප්‍රශ්නයක් නෑ.දැන් මේ කාඩ් ටික මෙන්න මේ පිළිවෙලට තියාගන්න.
6,2,4,1,5,3. දැන් නරඹන්නට කියන්න එක පාරක් මේක cut කරන්න කියල. shuffle කරන්න එපා.

පහත පියවරයන් අනුගමනය කිරීමේදී අකුරෙන් අකුර කිය කිය කාඩ් තියන්න වගබලා ගන්න.

දැන් IMHOTEP යන වචනයේ I-M යන අකුරැ 2 සදහා වරකට එක බැගින්,කාඩ් 2ක් රැගෙන මේසය මත තියන්න. දැන් H-O යන අකුරැ 2 සදහා වරකට එක බැගින්, කාඩ් 2ක් රැගෙන ඔබේ අතේ තිබෙන ගොඩේ පසු පසින් තියන්න. දැන්   T-E-P යන අකුරැ 3 සදහා වරකට එක බැගින්, කාඩ් 3ක් රැගෙන මේසය මත ඇති ගොඩ උඩින් තියන්න . දැන් ඔ‍බේ අතේ එක් කාඩ් එකක් ඉතුරැ වෙයි. එය මේසය මත පැත්තකින් තියන්න (පහත රෑපයේ A අකුරෙන් දක්වා ඇත).

දැන් මේසය මත ඇති ඉතුරැ කාඩ් ටික ගන්න. අරන් I-M-H-O-T-E-P යන අකුරැ සියල්ල සදහා වරකට එක බැගින් කාඩ් රැගෙන ඔබේ අතේ තිබෙන ගොඩේ පසු පසින් තියන්න. එසේ කිරීමෙන් අනතුරැව ඔබ අතේ ඇති ගොඩේ මුලින්ම තිබෙන කාඩ් 2 රැගෙන මේසය මත කලින් තැබූ කාඩ් එක ලග තියන්න (පහත රෑපයේ B අකුරෙන් දක්වා ඇත).

දැන් ඔබ අතේ ඉතිරිව ඇති කාඩ් වලට යලිත් පෙර කල දේ ඒ ආකාරයෙන්ම කරන්න. ඒ කියන්නෙ I-M-H-O-T-E-P යන අකුරැ සියල්ල සදහා වරකට එක බැගින් කාඩ් රැගෙන ඔබේ අතේ තිබෙන ගොඩේ පසු පසින් තියන්න. එසේ කිරීමෙන් අනතුරැව ඔබ අතේ ඇති ගොඩේ මුලින්ම තිබෙන කාඩ් 2 රැගෙන මේසය මත කලින් තැබූ කාඩ් එක ලග තියන්න (පහත රෑපයේ C අකුරෙන් දක්වා ඇත).

දැන් ඔ‍බේ අතේ එක් කාඩ් එකක් ඉතුරැ වෙයි. එය මේසය මත A අකුරෙන් දක්වා ඇති ගොඩ මත තියන්න. එහි ඇත්තේ එක කාඩ් එකක් පමණී.

මෙන්න ප්‍රයෝගය.

දැන් සියලුම ගොඩවල් වල කාඩ් 2 බැගින් ඇති. ඒ වගේම පිරමීඩාකාරව කාඩ් ටික තබා ඇති. දැන් හැම ගොඩකම ඇති කාඩ් 2හි එකතුව බලන්න. හැම ගොඩකම කාඩ් 2හි එකතුව සමානයි නේද.

මේ ක්‍රියාවලිය කරන අයුරැ නරඹන්නාට පැහැදිලි කර නරඹන්නාට මෙය කරන්න දෙන්න. අන්තිමේදි එකතුව පෙන්වන්න කලින් ඔයා පොඩි වැඩක් එහෙම දාල කියන්න ඔයා මේ සෑම ගොඩකම කාඩ් වල එකතුව සමාන කලා කියල.

යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Thursday, October 14, 2010

This is your card

         

          අද මම කියල දෙන්න යන මැජික් එක මම කලින් කියල දුන්න Open Sesame කියන මැජික් එකට සමානයි. ඔයා ඒක කියවල නැත්නම් මෙතන ඔබල මුලින්ම ඒක කියවල එන්න. මේ ප්‍රයෝගය හදුන්වන්නෙ This is your card කියලයි.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

කාඩ් 27ක් රැ‍ගෙන කාඩ් 27 වාර 3ක් කලවම් කිරීමන් අනතුරැව නරඹන්නා සිතා ගත් කාඩ් එක This is your card යන වචනය උපයෝගී කරගෙන නිවරදිව පෙන්වීම.

මෙන්න වැඩේ යන හැටි.

කාඩ් පැක් එකෙන් කැමති කාඩ් 27ක් වෙන් කරගන්න. දැන් මේ කාඩ් එකින් එක,මුහුණත (ඉලක්කම් ඇති පැත්ත)උඩට සිටින සේ වරකට එක වෙන්න ගොඩවල් 3කට වෙන් කරන්න.මෙලෙස කාඩ් 27 අවසන් වනතුරැ ගොඩවල් 3ට කාඩ් දමන්න. මෙලෙස වෙන් කරන අතර නරඹන්නාට යම් කාඩ් එකක් මතක තබා ගන්න කියන්න. දැන් ඔබට එක ගොඩකට කාඩ් 9 බැගින් වූ ගොඩවල් 3ක් ලැබී ඇති. දැන් නරඹන්නා මතක තබා ගත් කාඩ් එක ඇති ගොඩ නරඹන්නාගෙන් අසා දැන ගන්න. ඉන්පසුව එම ගොඩ (නරඹන්නා මතක තබා ගත් කාඩ් එක ඇති ගොඩ) මැදට එනසේ ඉතුරැ ගොඩවල් 2ත් එක් කර එක ගොඩක් සකසා ගන්න. නැවතත් පෙර පරිදිම කාඩ් 27 ගොඩවල් 3කට වෙන් කර පෙර කී පරිදිම කරන්න. මෙය වාර 3ක් කල යුතුයි. නමුත් 3වෙනි වාරය අවසානයේ ඔබ නරඹන්නාගේ කාඩ් එක ඇති ගොඩ තබාගත යුත්තේ පෙර කල පරිදි මැදට නොව පළමුවය. එම ගොඩ පළමුව තබා ගෙන ඉතිරි ගොඩවල් 2ක එම ගොඩ යටින් තබා එක ගොඩක් සකසා ගන්න.

ඉන් පසු This is your card යන වාක්‍යයේ වචනයෙන් වචනය කියමින් එක වචනයකට එක කාඩ් එක වෙන්න මේසය මත තියන්න. වාක්‍යය කියා අවසන් වූ පසු අතේ ඉතිරිවන ගොඩේ ඊලගට තිබෙන කාඩ් එක නරඹන්නා සිතා ගත් කාඩ් එකයි.


මෙන්න ප්‍රයෝගය.

මෙහිදී මෙය නිවරදිව වාර 3ක් කල හොත් නරඹන්නා සිතා ගත් කාඩ් එක වාර 3
අවසානයේ 5 වෙනි කාඩ් එක ලෙස කාඩ් පැක් එකේ තිබේවි. This is your card යන වාක්‍යයේ වචන 4ක් ඇත. එය කියා අවසානයේ ඊලගට අතේ ඇති ගොඩේ මුලින්ම ඇත්තේ 5 වැනි කාඩ් එකයි (නරඹන්නා සිතාගත් කාඩ් එක).

මෙය Open Sesame ප්‍රයෝගයේ ප්‍රභේදනයකි (Variation).



යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Wednesday, October 13, 2010

මෙන්න ගන්න Magic Video + E - Books

       
          ඔන්න මම කලින් Post එකෙන් කිවුවා වගේම අද කියන්නයි යන්නෙ කොහොමද ඔයාලට Video Tutorial ලබා ගන්න පුලුවන් වෙන්නෙ කියල. Video Tutorial විතරක් නෙවෙයි, ඔයාලට වටිනා E-Book ලබාගන්නත් පුලුවන් මේ හරහා. මේකට ක්‍රම කිහිපයක් තියෙනව. ඔන්න එහෙනම් අහගන්නකො ඒ මොනවද කියල.

(1). Facebook වල share කිරීම සහ  Blog එකේ Comment කිරීම.



    මේක කරන්නෙ මෙහෙමයි. ඔයා තවමත් මේ බ්ලොගයේ facebook පිටුවේ සාමාජිකයෙක් වෙලා නැත්නම් ඔය මම දාල තියෙන Like Button එක click කරල සාමාජිකයෙක් වෙන්න. ඒ වගේම මාව ඔයාලගෙ friend list එකටත් දාගන්න. ඒකට මෙතන click කරන්න. මම ඔයාල‍ගෙ friend list එකේ නැත්නම් මට ඔයාල මේකෙ පලකරන post share කලාද කියල හරියටම දැනගන්න අමාරැයිනෙ.

    දැන් කරන්න තියෙන්නෙ මෙහි පල කරන සෑම post එකක්ම, post එක අවසානයේ තියෙන sharing bar එකෙහි ඇති facebook icon එක මත click කරල  facebook වල share කිරීමයි. එය පහත ආකාරයට කරන්න. (පින්තූර අපහැදිලිනම්, පින්තූරය මත click කරන්න)

    මුලින්ම sharing bar එකෙහි ඇති මේ icon එක මත click කරන්න.



    එවිට, ඔබ මේ වෙනකොටත් ඔබේ facebook ගිණුමට log වෙලානම් ඉන්නෙ, පහත ආකාරයේ window එකක් ඒවි. (ඔබ මේ වෙනකොටත් ඔබේ facebook ගිණුමට log වෙලා නැත්නම් loging window එක ඒවි).



    දැන් මෙහි ඇති "What's on your mind?" යන ස්ථානයේ අදාල post ගැන ඔබේ comment එක දාන්න. ඒ වගේම No Thumbnail යන තැනට Tik එකත් අනිවාර්යෙන්ම දාන්න.



    දැන් Share බොත්තම ඔබන්න. දැන් facebook share කරන එක හරි. facebook share කලා වගේම ඔයාල අදාල post එක ගැන ඔයාලට හිතෙන දේ ගැන මේ blog එකේ අදාල post එකට පහලින් comment දාන්නත් ඕනෙ.

    මේ විදිහට කරන අය අතුරින් සෑම මසකම වැඩිමයෙන්ම comment දාල තියෙන කෙනාට වටිනා Magic Tutorail E-Book දිනා ගන්න පුලුවන්.

     ඒ වගේම සෑම මාස 3කටම වරක් වැඩිමයෙන්ම comment දාල තියෙන කෙනාට වටිනා Magic Video Tutorail දිනා ගන්න පුලුවන්.

(2). Guest Post.

    ඔන්න ඔබටත් හොද අවස්ථාවක්. ඔබත් මැජික් කරන හැටි දන්නවනම් ඔබට පුලුවන් ඔබේ ලිපි මෙහි පලකරන්න. ඒ විතරක් නෙවෙයි, ඒ සදහා Magic Video හා E-Book Tutorail යන දෙකම එකවර දිනාගන්න පුලුවන්.

    මේ මම කියන්නෙ Guest Post (ආගන්තුක ලිපි) ගැන.ඔබ එවන ලිපි වලින් තෝරා ගන්නා ලිපි මෙහි පලකරනවා. ඔබේ ලිපියත් සමග ඔබේ නම සහ ඔබටත් වෙබ් / බ්ලොග් අඩවියක් ඇත්නම් එහි ලින්ක් එකත් පලවෙනවා.

    මෙහිදී ජයග්‍රාහකයා තෝරන්නෙ ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින්. ඒ සදහා vote කරන්න අවස්ථාව ලබා දෙනවා. සෑම මසකටම වරක් ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩියෙන්ම ලබා ගන්නා කෙනාට Magic Video හා E-Book Tutorail යන දෙකම එකවර දිනාගන්න පුලුවන්.

(3). Traffic Contest.

    මේකට සහභාගිවෙන්න නම් ඔබටත් වෙබ් / බ්ලොග් අඩවියක් තියෙන්න ඕනෙ. මේකෙදි කරන්න ඕන මේ වගේ දෙයක්.

    ඔබේ වෙබ් / බ්ලොග් අඩවියේ මේ බ්ලොග් අඩවිය පිළිබදව post එකක් පලකරන්න ඕන. ඒ වගේම මේ බ්ලොග් අඩවියට ලින්ක් එකක් දාන්නත් ඕනෙ. එතකොට ඔබ දාන ඒ ලින්ක් එක හරහා මේ බ්ලොග් අඩවියට ප්‍රේක්ෂකයන්ට එන්න පුලුවන්. ඒ වගේ සෑම මසකම, වැඩියෙන්ම ප්‍රේක්ෂකයන් පැමිණියේ ඔබේ වෙබ් / බ්ලොග් අඩවියෙන් නම් ඔබට Magic Video හා E-Book Tutorail යන දෙකම එකවර දිනාගන්න පුලුවන්. සෑම මසකම Traffic Source එ‍කේ screen shot එකක් මෙහි පලකරනු ලැබේ.

ඉතා වැදගත්...

    * පළමු ක්‍රමය අනුගමනය කරන අය මට ඊ මේල් එකක් දාන්න subject එක Share and Comment කියල දාල, ඔ‍බ Comment කිරීමට යොදන නමත් සමග  පහත ලිපිනයට. ඔබ Facebook වල share කිරීම සහ  Blog එකේ Comment කිරීම යන දෙකම කරන්න ඕනෙ. Anonymous Comment මේ සදහා වලංගු නොවේ.

    * දෙවන ක්‍රමය අනුගමනය කරන අය මට ඊ මේල් එකක් දාන්න subject එක Guest Post කියල දාල පහත ලිපිනයට. එවිට ඒ සම්බන්ධව අදාල විස්තර මම ඔබ‍ට එවන්නම්.

    * තුන්වන ක්‍රමය අනුගමනය කරන අය මට ඊ මේල් එකක් දාන්න subject එක Traffic Contest කියල දාල පහත ලිපිනයට. එවිට ඒ සම්බන්ධව අදාල විස්තර මම ඔබ‍ට එවන්නම්. මේ ක්‍රමයට සිංඩිකේටර් අයත් නොවේ.

    ** මේ ක්‍රම තුනම අනුගමනය කරන කෙනෙක් ඉන්නව නම් එයාට විශේෂ ජයග්‍රහණ ලබන්න පුලුවන්. එහෙම කෙනෙක් ඉන්නවනම්, subject එක All Rounder කියල දාල මට ඊ මේල් එකක් දාන්න. එවිට ඒ සම්බන්ධව අදාල විස්තර මම ඔබ‍ට එවන්නම්.

ඊ මේල් එවිය යුතු ලිපිනය - magics4me@gmail.com

තරගය මේ ලිපියත් සමග ඇර‍ඹෙනවා. මේ ලිපියෙන්ම පටන් ගන්න.
එසේනම් ඔබට ජය !!!.

යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣ 

                                           

Sunday, October 10, 2010

කාටද ඕනේ Magic Video Tutorials

         
          හොදයි. මම මෙච්චර කල් මැජික් කියල දුන්නෙ Text Tutorial වලින් විතරයිනෙ. ඔන්න අද ඉදල Video Tutorial වලිනුත් කියල දෙන්න මම සූදානම්. කීපදෙනෙක්ම Chat එකේදි Video Tutorial දෙන්න කියල ඉල්ලීම් කලා. ඉතිං ඒ ඉල්ලීම් තමයි මේ ඉටු කරන්න යන්නෙ. මේ Video Tutorial මම Record කරපු ඒවා නම් නෙවෙයි. මේ විදේශීය වෘත්තීය මැජික් ශිල්පීන් විසින් Record කරන ලද Video Tutorial.

හැබැයි ඉතිං ඔයාලට මේ Video Tutorail නිකම්ම ලබා ගන්න නම් බැහැ. මොකද නිකන් දෙන ලැබෙන දේ අගයක් නෑ කියනවනේ. මේ සදහා ඔයාලට කරන්න තියෙන්නෙ නම් පොඩිම පොඩි දෙයයි. කරන්න තියෙන්නෙ මොනවද කියල මම ඊලග Post එකෙන් ඔයාලට කියන්නම්. එතෙක් රැදී ඉන්න.


යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Wednesday, October 6, 2010

Glory of Mind ( Mind Reading part 4 )

        
          මම කලින් ලිපියෙන් කියල දුන්නෙ Mind Reading ප්‍රයෝගයක් නෙමෙයි. ඒත් අද මම කියල දෙන්න යන්නෙ Mind Reading ප්‍රයෝගයක්. මේ ප්‍රයෝගය කරන්න කලින්, පෙර ලිපිය කියෙවුවෙ නැත්නම් මෙතන ඔබල ඒක කියවල එන්න. මොකද මේ ප්‍රයෝගය ඒ හා සම්බන්ධ එකක් නිසා.

මම  අද කියල දෙන්න යන්නෙ Glory of Mind.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

නරඹන්නාට කාඩ් එකක් ගන්න කියනව. කාඩ් පැක් එකේ කාඩ් නරඹන්නා ඇති කියන තෙක් පස්සට අදිනව. ඇති කියන තැනදි නවත්වනව. පස්සට ඇදපු ගොඩේ තියෙන අවසාන කාඩ් එක තමයි නරඹන්නා ගත්ත කාඩ් එක.

මෙන්න වැඩේ යන හැටි.

මුලින්ම පැක් එක හොදින් shuffle කරන්න. නරඹන්නාටත් අවශ්‍ය නම් shuffle කරන්න දෙන්න. ඊට පස්සෙ නරඹන්නාට කැමති තැනකින් කැමති කාඩ් එකක් අරගෙන ඒක මතක තියා ගන්න කියන්න. දැන් නරඹන්නා ගත්ත කාඩ් එක පැක් එකේ අවසානයට තියා ගන්න. දැන් කාඩ් පැක් එක ඔබේ වම් අත උඩින් තියා ගන්න. තියා ගන්න ඕන මෙන්න මේ ආකාරයටයි. ඔබේ වම් අතේ මාපටැඟිල්ල පැක් එකේ වම් පස දාරය දිගේත්, අනෙක් ඇගිලි දකුණු පස දාරය දිගේත්. දැන් ඔබේ දකුණු අතේ 2‍වෙනි හා 3වෙනි ඇගිලි උපයෝගී කරගෙන පැක් එකේ පලමු වෙනි කාඩ් එකේ සිට කාඩ් කෙමෙන් කෙමනේ ඔබ දෙසට අදින්න. නරඹන්නාට කියන්න  කැමති තැනකදි ඇති කියන්න කියල. ඇති කියන තැනදි අදින එක නවත්වල ඔබ දෙසට ඇදපු කාඩ් ටික වෙන් කරල අතට ගන්න. දැන් එම වෙන් කරගත් ගොඩේ අවසානයට තිබෙන කාඩ් එක තමයි නරඹන්නා ගත්ත කාඩ් එක.

මෙන්න ප්‍රයෝගය.

මම කලින් කියල දුන්න විදිහට පැක් එක වම් අතේ තියා ගෙන ඔබේ දකුණු අතේ 2‍වෙනි හා 3වෙනි ඇගිලි උපයෝගී කරගෙන පැක් එකේ පලමු වෙනි කාඩ් එකේ සිට කාඩ් කෙමෙන් කෙමනේ ඔබ දෙසට අදින්න. පැක් එක ඉතාමත් සැහැල්ලු ලෙස අතේ තියා ගන්න මතක තබා ගන්න. ඒ වගේම තමයි ඔබේ දකුණු අතේ මාපටැඟිල්ල තියෙන්න ඕනෙ පැක් එකේ අවසාන කාඩ් එක(නරඹන්නා ගත් කාඩ් එක ) ස්පර්ශ කරගෙන. මෙය කිසි‍සේත් නරඹන්නාට පෙනෙන්නෙ නෑ. නරඹන්නා ඇති කියූවිට ඔබ පස්සට අදින ලද කාඩ් ටිකත් එක්කම එකවරම මාපටැඟිල්ලෙන් ස්පර්ශ කරන්න ඉන්න කාඩ් එකත් පස්සට අදින්න. එවිට එම කාඩ් එක ඔබ පස්සට අදින ලද ගොඩේ අවසාන කාඩ් එක ලෙස පිහිටනව. දැන් ඉතිං වැඩ කෑල්ලක් එහෙම දාල කාඩ් එක පෙන්නන්න.

කලින් ප්‍රයෝගය කලාට පස්සෙ මේක කරන එක ගොඩක් හොදයි. මොකද කලින් ප්‍රයෝගය වගේ එකක් කලා පස්සෙ අපේ ප්‍රයෝග බලන අය කට කැඩිච්ච කතා කියනව, "නෑ නෑ ඔයා මේක කරන්න කලින් කාඩ් එකක් මතක තියාගෙන ඒක තමයි මේ ගත්තෙ" කියල. ඇත්ත කතාව ඒක තමයි ඉතිං. ඒත් ඉතිං ඔලුවෙන් හිටන් කිවුවත් අපි පිළිගන්නෙ නෑ නෙ ඔය කතා. ඒ වගේ වෙලාවකට මේ ප්‍රයෝගය කලාම කට උත්තර නැතිවෙනව ඒ අයට. මොකද එයාලගෙ කාඩ් එකනෙ අපි පෙන්නන්නෙ.

මේක ටිකක් පුහුණු වෙනකන් කාටවත් කරන්න යන්න එපා. මොකද හරි හැටි අවසාන කාඩ් එක ඇද්දෙ නැතොත් නිවරදිව ස්ථානගත නොවෙන්න පුලුවන්. නිකන් නෝන්ඩි වෙන්න ඕනෙ නෑනෙ.

යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Saturday, October 2, 2010

Mind Solution ( Mind Reading part 3 )

        
          දැන්නම් කස්ටියට හොදට අනෙක් අයගෙ හිත් කියවන්න පුලුවන් ඇතිනේද ? සමහරක් අයටනම් දැන් හිතෙනව ඇති මේවත් මැජික්ද කියල.හැම දේකම ආරම්භයක් තියෙනවනෙ. මේ තමයි මැජික් වල ආරම්භය. මීට වඩා එහාට ගිය ප්‍රයෝග කරන්න නම් කාඩ් පැක් එක shuffle කරන සහ cut කරන විවිධ ක්‍රම ඉගෙන ගන්න ඕනෙ. ඒවා කරන හැටි කියල දෙන්න ඕනෙ video tutorial වලින්. මේ දවස් වල මට ටිකක් වැඩ වැඩියි. ඒ හින්ද දැන්ම නම් ඒවා දාන්න වෙන්නෙ නෑ. ඉදිරියෙදි ඒවත් කියල දෙන්නම්.

දැන් ඔයාල mind reading ප්‍රයෝග 2ක් දන්නවනෙ. හැබැයි අද මම කියල දෙන්න යන්නෙ නම් mind reading ප්‍රයෝගයක් නෙමේ. ඒත් මේක ‍ඔබේ මානසික හැකියාව හොදින්ම පෙන්වන්න පුලුවන් ප්‍රයෝගයක්. මේ Mind Solution.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

කාඩ් පැක් එකේ කාඩ් නරඹන්නා ඇති කියන තෙක් පස්සට අදිනව. ඇති කියන තැනදි නවත්වල පස්සට ඇදපු ගොඩේ තියෙන අවසාන කාඩ් එක මොකක්ද කියල කියනව. මේකෙදිත් පාට, වර්ණය හා වර්ගය එක්කම කියන්න පුලුවන්.

මෙන්න වැඩේ යන හැටි.

මුලින්ම පැක් එක හොදින් shuffle කරන්න. ඊට පස්සෙ පැක් එක fan out කරල පෙන්වන්න පිලිවෙලකට නෙමේ කාඩ් තියෙන්නෙ කියල. දැන් කාඩ් පැක් එක ඔබේ වම් අත උඩින් තියා ගන්න. තියා ගන්න ඕන මෙන්න මේ ආකාරයටයි. ඔබේ වම් අතේ මාපටැඟිල්ල පැක් එකේ වම් පස දාරය දිගේත්, අනෙක් ඇගිලි දකුණු පස දාරය දිගේත්. දැන් ඔබේ දකුණු අතේ 2‍වෙනි හා 3වෙනි ඇගිලි උපයෝගී කරගෙන පැක් එකේ පලමු වෙනි කාඩ් එකේ සිට කාඩ් කෙමෙන් කෙමනේ ඔබ දෙසට අදින්න. නරඹන්නාට කියන්න කැමති තැනකදි ඇති කියන්න කියල. ඇති කියන තැනදි අදින එක නවත්වල ඔබ දෙසට ඇදපු කාඩ් ටික වෙන් කරල අතට ගන්න. දැන් එම වෙන් කරගත් ගොඩේ අවසානයට තිබෙන කාඩ් එක මොකක්ද කියල කියන්න ඔබට පුලුවන්.

මෙන්න ප්‍රයෝගය.

කියන්න පුලුවන් කිවුවට තවම කියන්න බෑ. මොකද මම ප්‍රයෝගය කියල දුන්නෙ නෑ නෙ තවම. මෙන්න එහෙනම් රහස.

පැක් එක fan out කරල පෙන්වන කොට පැක් එකේ අවසානයට තියෙන කාඩ් එක මොකක්ද කියල බලා ගන්න. ඊට පස්සෙ මම කලින් කියල දුන්න විදිහට පැක් එක වම් අතේ තියා ගෙන ඔබේ දකුණු අතේ 2‍වෙනි හා 3වෙනි ඇගිලි උපයෝගී කරගෙන පැක් එකේ පලමු වෙනි කාඩ් එකේ සිට කාඩ් කෙමෙන් කෙමනේ ඔබ දෙසට අදින්න. පැක් එක ඉතාමත් සැහැල්ලු ලෙස අතේ තියා ගන්න මතක තබා ගන්න. ඒ වගේම තමයි ඔබේ දකුණු අතේ මාපටැඟිල්ල තියෙන්න ඕනෙ පැක් එකේ අවසාන කාඩ් එක(ඔබ මතක තබාගත් කාඩ් එක ) ස්පර්ශ කරගෙන. මෙය කිසි‍සේත් නරඹන්නාට පෙනෙන්නෙ නෑ. නරඹන්නා ඇති කියූවිට ඔබ පස්සට අදින ලද කාඩ් ටිකත් එක්කම එකවරම මාපටැඟිල්ලෙන් ස්පර්ශ කරන්න ඉන්න කාඩ් එකත් පස්සට අදින්න. එවිට එම කාඩ් එක ඔබ පස්සට අදින ලද ගොඩේ අවසාන කාඩ් එක ලෙස පිහිටනව. දැන් ඉතිං වැඩ කෑල්ලක් එහෙම දාල කාඩ් එක මොකක්ද කියල කියන්න.

මේක ටිකක් පුහුණු වෙනකන් කාටවත් කරන්න යන්න එපා. මොකද හරි හැටි අවසාන කාඩ් එක ඇද්දෙ නැතොත් නිවරදිව ස්ථානගත නොවෙන්න පුලුවන්. නිකන් නෝන්ඩි වෙන්න ඕනෙ නෑනෙ.


යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Sunday, September 26, 2010

Psychic Solution ( Mind Reading part 2 )

        
          කොහොමද කස්ටිය ? අනිත් අයගෙ හිත් කියෙවුවද ? ඔන්න අදත් මම කියල දෙන්න යන්නෙ කොහොමද තවත් කෙනෙකුගෙ හිත කියවන්නෙ කියලයි.අද මම කියල දෙන්න යන මැජික් එක Psychic Solution. මේකත් Mind Reading මැජික් එකක්.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

මේකෙදි කාඩ් පැක් එක shuffle කරන්න නරඹන්නාට දෙනව. ඊට පස්සෙ නරඹන්නාට කාඩ් එකක් ගන්න කියනව.ඊට පස්සෙ නරඹන්නා ගත්ත කාඩ් එක මොකක්ද කියල කාඩ් එකේ පාට,වර්ගය සහ අංකය සමගම කියනව.

මෙන්න වැඩේ යන හැටි.

මුලින්ම කාඩ් පැක් එක shuffle කරන්න නරඹන්නාට දෙන්න. ඊට පස්සෙ ඔයත් කාඩ් පැක් එක shuffle කරන්න. දැන් කාඩ් පැක් එකේ මුහුණත (අංක තියෙන පැත්ත) උඩට සිටින සේ  පැක් එක fan out කරල (fan out කරනව කියන්නෙ අවානක් වගේ පැක් එක සකස් කරනවට) නරඹන්නාට පෙන්වන්න කාඩ් පැක් එක තියෙන්නෙ කිසියම් කලින් සකසන ලද පිළිවෙලකට  නෙමෙයි කියල. මේ  අතරෙදි පැක් එකේ මුලින්ම තියෙන කාඩ් එක මොකක්ද කියල බලාගන්න. දැන් කාඩ් පැක් එක ගොඩවල් 3කට වෙන් කරන්න. වෙන් කරන අතරෙදි හොදින් මතක තියා ගන්න ඔබ මතක තියාගත් කාඩ් එක තිබෙන ගොඩ මොකක්ද කියල. ඊට පස්සෙ නරඹන්නට කියන්න කැමති ගොඩවල් 2ක් පෙන්වන්න කියල.

නරඹන්නා පෙන්වන ගොඩවල් 2කට ඔබ මතක තබාගත් කාඩ් එක තිබෙන ගොඩත් ඇතුලත් නම් එම ගොඩවල් 2ක එසේ තිබියදී ඉතුරැ ගොඩ පැත්තකට කරන්න. දැන් ඉතිරිව ඇති ගොඩවල් 2න් තවත් ගොඩක් පෙන්වන්න කියන්න.

එසේ නොමැතිව නරඹන්නා පෙන්වන ගොඩවල් 2කට ඔබ මතක තබාගත් කාඩ් එක තිබෙන ගොඩ ඇතුලත් නැත්නම්, නරඹන්නා පෙන්වන එම ගොඩවල් 2ක ඉවත් කර ඉතුරැ ගොඩ (ඔබ මතක තබාගත් කාඩ් එක ඇති ගොඩ) තබා ගන්න.

මේකෙදි කරන්නෙ ඔබ මතක තබාගත් කාඩ් එක ඇති ගොඩ අවසානයට ඉතුරැ කර ගැනීමයි. ඔබ මතක තබාගත් කාඩ් එක ඇති ගොඩ අවසානයේ ඉතිරි වන සේ අනෙක් ගොඩවල් ඉවත් කරන්න. කරන හැටි දිගටම පැහැදිලි කරන්න ඕන නෑනෙ. තේරෙන්නෙ නැත්නම් comment එකක් දාන්න. මම කියල දෙන්නම්.

දැන් ඉතිරිව ඇත්තේ ඔබ මතක තබා ගත් කාඩ් එක ඇති ගොඩයි. දැන් නරඹන්නාට කියන්න ඒ ගොඩේ උඩම තියෙන කාඩ් එක ගන්න කියල. ඒ කාඩ් එක තමයි ඔබ මතක තබා ගත් කාඩ් එක. දැන් එම කාඩ් එක හොදින් මතක තබා ගන්න කියන්න.

දැන් ඔබ ටිකක් වෙලා නරඹන්නාගේ ඇස් දෙක දිහා බලා ගෙන ඉදල, කලින් මැජික් එකේ අවසානයේ කලා වගේ කොටසින් කොටස කාඩ් එක මොකක්ද කියල කියන්න.

මෙන්න ප්‍රයෝගය.

‍ප්‍රයෝගය මොකකද කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. පැක් එක ලස්සනටම fan out කරන්න ඕනෙ නෑ. වෙන්න ඕන කාඩ් පැක් එක තියෙන්නෙ කලින් සකසන ලද පිළිවෙලකට නොවේ කියල පෙන්වීමත්, ඔබ පැක් එකේ පළමු කාඩ් එක මොකක්ද කියල බලා ගැනීමත් විතරයි. fan out කරනව වෙනුවට මේසය මත අතුරා පෙන්වීමත් කරන්න පුලුවන්. ඔබේ නිර්මාණශීලීත්වය මත ප්‍රයෝගය ඉදිරිපත් කරන ආකාරය වෙනස් කර ගන්න පුලුවන්.

Mind Reading මැජික් වලදි පිහියෙන් ඇන්න වගේ එකපාරටම උත්තරේ දෙන්නෙ නෑ. ටිකක් හිත කියවනව වගේ පෙන්නල තමයි උත්තරේ දෙන්නෙ. පිහියෙන් ඇන්න වගේ උත්තරේ දුන්නොත් ඉතිං කිංඩි තමා.




යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Sunday, September 19, 2010

කැමතිද අනෙක් අයගෙ හිත කියවන්න ? (Mind Reading part 1)

        
          කැමතිද අනිත් අයගෙ හිත කියවන්න ? ඔන්න අද මම කියල දෙන්න යන්නෙ කොහොමද තවත් කෙනෙකුගෙ හිත කියවන්නෙ කියලයි.අද මම කියල දෙන්න යන මැජික් එක Mind Reading මැජික් එකක්.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

නරඹන්නා ගත්ත කාඩ් එක මොකක්ද කියල කාඩ් එකේ පාට,වර්ගය සහ අංකය සමගම පැවසීම.

මෙන්න වැඩේ යන හැටි.

අපි නරඹන්නෙකුට කියනව කාඩ් පැක් එකේ කැමති තැනකින් කැමති කාඩ් එකක් ගන්න කියල. ඊට පස්සෙ ඒ කාඩ් එකේ සංඛ්‍යාත්මක වටිනාකම (numerical value) (1,2,3,...,11,12,13) සහ වර්ගය (suit)
{♠ ස්කෝප්ප (Spades), රැවිත (Diamonds), හාරත (Hearts), ♣ කලාබර (Clubs)} මතක තියාගන්න කියනව. (Ace = 1, Jack = 11, Queen = 12, King = 13).

දැන් නරඹන්නාට කියනව එයා ගත්ත කාඩ් එකේ සංඛ්‍යාත්මක වටිනාකම 2න් වැඩිකරන්න කියල.

දැන් ලැබෙන පිළිතුරට 3ක් එකතුකරන්න කියන්න.

දැන් ලැබෙන පිළිතුර 5න් වැඩිකරන්න කියන්න.

දැන් කාඩ් එකේ වර්ගය,

ස්කෝප්ප (Spades) නම් ලැබුනු පිළිතුරට 1ක් එකතු කරන්න කියන්න.

රැවිත (Diamonds) නම් ලැබුනු පිළිතුරට 2ක් එකතු කරන්න කියන්න.

හාරත (Hearts) නම් ලැබුනු පිළිතුරට 3ක් එකතු කරන්න කියන්න.

කලාබර (Clubs) නම් ලැබුනු පිළිතුරට 4ක් එකතු කරන්න කියන්න.

දැන් අවසාන පිළිතුර මොකක්ද කියල අහන්න. මේ පිළිතුරෙන් ඔබට පුලුවන් නරඹන්නා ගත්ත කාඩ් එකේ පාට , අගය සහ වර්ගය ක්ෂණිකව කියන්න.

මෙන්න ප්‍රයෝගය.

හරි ලේසි වැඩක් කරන්න තියෙන්නෙ. නරඹන්නා කියන අවසාන පිළිතුරෙන් ක්ෂණිකව 15 ක් ඔබේ සිතින් අඩුකරන්න. ඔබට සංඛ්‍යා 2ක හෝ 3ක පිළිතුරක් ලැබෙයි. මෙහි අවසන් සංඛ්‍යාවෙන් කියවෙන්නෙ කාඩ් එකේ වර්ගය මොකක්ද කියල. මුල් ඉලක්කමෙන් හෝ ඉලක්කම් දෙකෙන් කියවෙන්නෙ කාඩ් එක මොකක්ද කියල.

උදාහරණයක් : නරඹන්නා ගත් කාඩ් එක කලාබර රැජින (Queen of  Clubs) නම් {රැජින(Queen) ගේ වටිනාකම = 12},

12 * 2 = 24.
24 + 3 = 27.
27 * 5 = 135.
135 + 4 =139 (කලාබර (Clubs) වල අගය  = 4).

දැන් නරඹන්නාගෙන් මේ පිළිතුර අසා දැන ගෙන පිළිතුරෙන් 15 ක් සිතින් අඩු කරන්න.

එවිට පිළිතුර 124 යි. මෙහි අවසාන අංකය 4. ඒ කියන්නෙ කාඩ් එකේ වර්ගය කලාබර (Clubs). මුල් අංකය 12. ඒ කියන්නෙ කාඩ් එකේ අංකය. 12 = රැජින(Queen).

උපදෙස්  : පිහියෙන් ඇන්න වගේ එක පාරටම උත්තරේ කියන්න යන්න එපා. මේ උදාහරනෙ විදිහට නම්,

ඔයා ගත්තෙ කලාබර රැජින කියල එකපාරටම කියන්න එපා. මේක Mind Reading එකක් නිසා මුලින්ම නරඹන්නාගෙ හිත කියවනව වගේ පෙන්වන්න. ඊට පස්සෙ ඔයා ගත්තෙ කලු පාට කාඩ් එකක් නේද කියල අහන්න (කලාබර කාඩ් වල පාට කලු නිසා). ඊට පස්සෙ ආයෙ ටිකක් නරඹන්නාගෙ හිත කියවනව වගේ පෙන්වන්න. දැන් අහන්න ඒක කලාබර කාඩ් එකක් නේද කියල.දැන් ආයෙ ටිකක් නරඹන්නාගෙ හිත කියවනව වගේ පෙන්වන්න. දැන් කියන්න ඒක කලාබර රැජින කියල.

මේ මැජික් එක කොපමන වාර ගනණක් කලත් අහුවෙන්නෙ නම් නෑ.


යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Wednesday, September 15, 2010

The Year Game

         
          අද මම කියල දෙන්න යන මැජික් එක The Year Game. මේකට කාඩ් 53ක් ඕනෙ. ඒ කියන්නෙ එක Joker කාඩ් එකකුත් ඕන.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

නරඹන්නා ගන්න කාඩ් එක මොකක්ද කියල අවුරැද්දක‍ට තියෙන සති හා මාස ගණන සහ සතියකට තියෙන දින ගණන උපයෝගී කරගෙන පෙන්වීම. මෙහෙම කිව්වට තේරෙන්නෙ නැතුව ඇති. කරලම බලන්න.

මෙන්න වැඩේ යන හැටි.

මේක කරන්න කලින් එක Joker කාඩ් එකක් පැක් එකේ යටින්ම තියා ගන්න. මුලින්ම නරඹන්න අයෙකුට කැමති කාඩ් එකක් ගන්න කියනව. ඊට පස්සෙ ඒ කාඩ් එක මොකක්ද කියල බලාගෙන පැක් එකේ උඩින්ම තියන්න කියනව. දැන් පැක් එක දෙපාරක් තුන් පාරක් කපන්න (cut).{shuffle (කලවම්)කරන්න එපා}. ඊට පස්සෙ නරඹන්නන්ට  කියන්න මේක කරන්න Joker කාඩ් එක පැක් එකේ යටටම ගන්න ඕන කියල. දැන් පැක් එකේ Joker කාඩ් එක තියෙන තැන හොයා ගන්න. හොයාගෙන Joker කාඩ් එකත් සමග ඔ‍බේ වම් අතේ තියෙන කාඩ් ටික දකුණු අතේ තියෙන කාඩ් ටිකේ යටින්ම තියන්න. දැන් Joker කාඩ් එක තමයි පැක් එකේ යටම තියෙන කාඩ් එක.

දැන් නරඹන්නාගෙන් අහන්න අවුරැද්දට සති කීයක් තියෙනවද කියල. අවුරැද්දට සති 52 යි. එයා පිළිතුර දුන්නම පැක් එකේ උඩම තියෙන කාඩ් වලින් කාඩ් 5ක් එකින් එක, එක ගොඩකට දාන්න. දැන් තව කාඩ් 2ක් තව ගොඩකට දාන්න. සති 52 පෙන්වන්නෙ ඒ ආකාරයෙන්. දැන් කාඩ් 2 ගොඩ කාඩ් 5 ගොඩ උඩින් තියල ඒ කාඩ් 7ම පැක් එක උඩින් තියන්න.

දැන් නරඹන්නාගෙන් අහන්න අවුරැද්දට මාස කීයක් තියෙනවද කියල. අවුරැද්දට මාස 12 යි. එයා පිළිතුර දුන්නම පැක් එකේ උඩම තියෙන කාඩ් වලින් කාඩ් 12ක් එකින් එක, එක ගොඩකට දාන්න. මාස 12 පෙන්වන්නෙ ඒ ආකාරයෙන්.දැන් ඒ කාඩ් 12ත් අරගෙන පැක් එක උඩින් තියන්න.

දැන් නරඹන්නාගෙන් අහන්න සතියට දවස් කීයක් තියෙනවද කියල. සතියට දවස් 7 යි. එයා පිළිතුර දුන්නම පැක් එකේ උඩම තියෙන කාඩ් වලින් කාඩ් 7ක් එකින් එක, එක ගොඩකට දාන්න. දවස් 7 පෙන්වන්නෙ ඒ ආකාරයෙන්.දැන් ඒ කාඩ් 7ත් අරගෙන පැක් එක උඩින් තියන්න.

දැන් පැක් එකේ මුලින්ම තියෙන කාඩ් එක අරන් පැක් එකේ මැද කොහේ හරි තැනකට දාන්න. ඊට පස්සෙ පැක් එ‍කේ යටම තියෙන Joker කාඩ් එක අරන් පැක් එ‍කේ උඩම තියෙන කාඩ් එකේ හෙමින් තවරන්න (touch). දැන් ඒ උඩම තියෙන කාඩ් එක අරන් නරඹන්නන්ට පෙන්වන්න. නරඹන්නා ගත් කාඩ් එක තමයි ඒක. 

මෙන්න ප්‍රයෝගය.

ආරම්භයේදීම Joker කාඩ් එකක් පැක් එකේ යටින්ම තියා ගන්නෙ නරඹන්නා ගන්න කාඩ් එක හොයා ගන්නයි. නරඹන්නා කාඩ් එක බලල පැක් එ‍කේ උඩින්ම තිවුවට පස්සෙ පැක් එක පළමුවර කැපීමේදී Joker කාඩ් එක ලගට නරඹන්නා ගත් කාඩ් එක එනව. 2පාරක් හෝ 3 පාරක් කැපීමේදී මේක වෙනස් නොවෙන්න කරන්න. ඊට පසුව Joker කාඩ් එක යටට ගන්න ඕන කියල කරන්නෙ නරඹන්නාගේ කාඩ් එක පැක් එකේ උඩට ගැනීම. මොකද පැක් එක කැපුවට පස්සෙ Joker කාඩ් එකට පසුව තමයි නරඹන්නාගේ කාඩ් එක තියෙන්න. Joker කාඩ් එකත් සමග ඔබේ වම් අතේ තියෙන කාඩ් ටික දකුණු අතේ තියෙන කාඩ් ටිකේ යටින්ම තැබීමේදී නරඹන්නාගේ කාඩ් එක පැක් එකේ උඩම කාඩ් එක බවට පත් වෙනව.

දැන් පෙර කියා ඇති පරිදි කලාට පසුව නියමිත පරිදි නරඹන්නාගේ කාඩ් එක පැක් එක තුල පිහිටනව. 





යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.                                    
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Sunday, September 12, 2010

මේ ඕපන් සෙසමි (Open Sesame)

        

          අද මම කියල දෙන්න යන මැජික් එක සමහර විට ඔයා දන්න එකක් වෙන්න පුලුවන්. ඒත් නොදන්න කට්ටියට දැන ගන්නත් එක්ක මම කියල දෙන්නම්. මේ ඕපන් සෙසමි (Open Sesame).

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

කාඩ් 21ක් රැ‍ගෙන කාඩ් 21 වාර 3ක් කලවම් කිරීමන් අනතුරැව නරඹන්නා සිතා ගත් කාඩ් එක Open Sesame යන වචනය උපයෝගී කරගෙන නිවරදිව පෙන්වීම.

මෙන්න වැඩේ යන හැටි.

කාඩ් පැක් එකෙන් කැමති කාඩ් 21ක් වෙන් කරගන්න. දැන් මේ කාඩ් එකින් එක,මුහුණත (ඉලක්කම් ඇති පැත්ත)උඩට සිටින සේ වරකට එක වෙන්න ගොඩවල් 3කට වෙන් කරන්න.මෙලෙස කාඩ් 21 අවසන් වනතුරැ ගොඩවල් 3ට කාඩ් දමන්න. මෙලෙස වෙන් කරන අතර නරඹන්නාට යම් කාඩ් එකක් මතක තබා ගන්න කියන්න. දැන් ඔබට එක ගොඩකට කාඩ් 7 බැගින් වූ ගොඩවල් 3ක් ලැබී ඇති. දැන් නරඹන්නා මතක තබා ගත් කාඩ් එක ඇති ගොඩ නරඹන්නාගෙන් අසා දැන ගන්න. ඉන්පසුව එම ගොඩ (නරඹන්නා මතක තබා ගත් කාඩ් එක ඇති ගොඩ) මැදට එනසේ ඉතුරැ ගොඩවල් 2ත් එක් කර එක ගොඩක් සකසා ගන්න. නැවතත් පෙර පරිදිම කාඩ් 21 ගොඩවල් 3කට වෙන් කර පෙර කී පරිදිම කරන්න. මෙය වාර 3ක් කල යුතුයි. ඉන් පසු Open Sesame යන වච‍නයේ අකුරෙන් අකුර කියමින් එක අකුරකට එක කාඩ් එක වෙන්න මේසය මත තියන්න. වචනය කියා අවසන් වූ පසු අතේ ඉතිරිවන ගොඩේ ඊලගට තිබෙන කාඩ් එක නරඹන්නා සිතා ගත් කාඩ් එකයි.

මෙන්න ප්‍රයෝගය.

මෙහිදී මෙය නිවරදිව වාර 3ක් කල හොත් නරඹන්නා සිතා ගත් කාඩ් එක වාර 3 අවසානයේ 11 වෙනි කාඩ් එක ලෙස කාඩ් පැක් එකේ තිබේවි. Open Sesame යන වච‍නයේ අකුරැ 10ක් ඇත. එය කියා අවසානයේ ඊලගට අතේ ඇති ගොඩේ මුලින්ම ඇත්තේ 11 වැනි කාඩ් එකයි (නරඹන්නා සිතාගත් කාඩ් එක).Open Sesame යන වචනය කියන්න කලින් නරඹන්නාට කියන්න මේ වචනය ඔබේ මැජික් වචනය බව. එය යොදා ගෙන කාඩ් එක සොයා ගන්නා බව කියන්න.




යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣


Thursday, September 9, 2010

ආසියන්ගේ සාදය 2 (Sick Aces)

         
           කොහොමද කට්ටියට ? මම හිතනව පලවෙනි මැජික් එක දැන් ‍ඔයාලට හොදට පුලුවන් ඇති කියල. මෙන්න එහෙනම් දෙවනි මැජික් එක. මේකත් කරල බලන්නකො.

මේකට කියන්නෙ Sick Aces කියලයි.මේකත් ආසියන්ගේ සාදය (Aces Party) වගේ එකක්.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

මේකෙදිත් අපි ගොඩවල් 4කට කාඩ් පැක් එක වෙන් කරනව. ඊට පස්සෙ ගොඩවල් 4 අනිත් පැත්ත හරවනව.ඒ කියන්නෙ ගොඩවල් 4ම යට තියෙන කාඩ් එක බලනව. සෑම ගොඩකම අන්තිම කාඩ් එක විදිහට තියෙන්නෙ ආසියෙක්.

මෙන්න වැඩේ යන හැටි.

අපි කාඩ් පැක් එකේ කාඩ් එකින් එක, එක ගොඩක් හැදෙන සේ මේසය මත‍ට දමනව. අපේ නරඹන්නෙකුට කියනව එයා කැමති තැනකදි ඇති කියන්න කියල. එතනදි එම ගොඩට කාඩ් දමන එක නවත්වනව. ඊට පස්සෙ දෙවැනි ගොඩ. ඒකෙදිත් ඇති කිව්වම නවත්වනව. මේ විදිහට ගොඩවල් 4 කට වෙන් කරනව කාඩ් පැක් එක. ඊට පස්සෙ ගොඩවල් 4 අනිත් පැත්ත හරවනව.ඒ කියන්නෙ ගොඩවල් 4ම යට තියෙන කාඩ් එක බලනව. ගොඩවල් 4ම යට තියෙන කාඩ් එක ආසියා.

මෙන්න ප්‍රයෝගය.

වැඩේ පටන් ගන්න කලින් ආසියො 4 දෙනාගෙන් එක ආසියෙක් කාඩ් පැක් එකේ පළමු කාඩ් එක ලෙසත් අනෙක් 3 දෙනා කාඩ් පැක් එකේ අන්තිමටත් තියා ගන්න. මේක කරන්න ඕන මේසයක් ලග වාඩි වෙලා ඉන්න අවස්ථාවක. අනෙක තමයි කරන කෙනාගෙ අත් දෙක මේසෙ ගැට්ටට ටිකක් පහලින් තියාගන්නත් ඕන(ගොඩක්ම පහලින් නෙමේ). එතකොටයි වැඩේ ලේසි. පළමු ගොඩ මේසය මතට දාල ඉවරවුන ගමන් සැක නොහිතන ලෙස කාඩ් පැක් එකේ අන්තිමට ඉන්න ආසියන්ගෙන් එකෙක් කාඩ් පැක් එකේ පළමු කාඩ් එක ලෙස තබා ගන්න. මෙන්න මේකට තමයි අත් දෙක මේසෙ ගැට්ටට ටිකක් පහලින් තියාගන්නත් ඕන. එතකොට අනෙක් අයට නොපෙනි ගානට වැඩේ දෙන්න පුලුවන්.මේ විදිහට ඉතුරැ ආසියො දෙන්නටත් කරන්න. ගොඩවල් 4 හැදුනට පස්සෙ සෑම ගොඩකම අන්තිම කාඩ් එක විදිහට ආසියෙක් ඉදීවි.

කියන්න ඕනෙ නැහැනෙ. අවසන් ප්‍රතිඵලය පෙන්වන්න කලින් පොඩි වැඩක් දාන්න.




යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Tuesday, September 7, 2010

ආසියන්ගේ සාදය (Aces Party)

       
          ඕං එහෙනං හා හා පුරා කියල පලවෙනි මැජික් එක කියල දෙන්නයි යන්නෙ. කට්ටිය කාඩ් පැක් එකක් හොයාගෙන වැඩේට සෙට් වෙලා නේද ඉන්නෙ? මේකට කියන්නෙ ආසියන්ගේ සාදය (Ace Party) කියලයි.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

මේකෙදි අපි ගොඩවල් 4කට කාඩ් පැක් එක වෙන් කරනව. ඊට පස්සෙ සෑම ගොඩකම පළමු කාඩ් එක අරගෙන බලනව. සෑම ගොඩකම පළමු කාඩ් එක විදිහට තියෙන්නෙ ආසියෙක්.

මෙන්න වැඩේ යන හැටි.

අපි නරඹන්නෙකුට කාඩ් පැක් එක දීල කියනව කාඩ් පැක් එක ගොඩවල් දෙකකට වෙන් කරන්න කියල. ඊට පස්සෙ ඒ ගොඩවල් දෙකත් තව ගොඩවල් දෙකකට වෙන් කරන්න කිය‍නව. දැන් ගොඩවල් 4ක් තියෙනව. ඊට පස්සෙ  කැමති ගොඩකින් මුලින්ම තියෙන කාඩ් 3 අරගෙන ඒ ගොඩේම යටින් තියනව. ඊට පස්සෙ ඒ ගො‍ඩෙන්ම මුලින්ම තියෙන කාඩ් 3 අරගෙන ඉතුරැ ගොඩවල් 3නේ උඩින්ම තියනව. එක‍ ගොඩකට එක කාඩ් එකක් වෙන්න. මේ විදිහට ඉතුරැ ගොඩවල් 3ටත් කරනව. ඊට පස්සෙ හැම ගොඩේම පළමු කාඩ් එක  අරගෙන බලනව. සෑම ගොඩකම පළමු කාඩ් එක විදිහට තියෙන්නෙ ආසියෙක්.

මෙන්න ප්‍රයෝගය.

වැඩේ පටන් ගන්න කලින් ආසියො 4 දෙනාම කාඩ් පැක් එකේ උඩින්ම තියා ගන්න. දැන් පෙර කී ලෙස වැඩේ කරන්න.

ඉතා වැදගත් : මෙහිදී ගොඩවල් 4ට වෙන් කිරීමේ දී ආසියො 4 දෙනා ඉන්න ගොඩ ‍හොදින් මතක තබා ගන්න. නරඹන්නාට ‍කාඩ් පැක් එක ගොඩවල් 4ට වෙන් කිරීමට පමණක් අවස්ථාව ලබා දෙන්න. නැත්නම් ඒ වැඩෙත් ඔබම කරන්න. ප්‍රශ්නයක් නෑ.ඒ වගේම කාඩ් මාරැ කිරීමට ඒ ගොඩ අවසානයටම ගන්න. නැත්නම් වැඩේ දෙල්. :D

කියන්න ඕනෙ නැහැනෙ. අවසන් ප්‍රතිඵලය පෙන්වන්න කලින් පොඩි වැඩක් දාන්න හොදේ.




යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න. ♠♦♥♣

Sunday, September 5, 2010

ආයුබෝවන්.....

         
          ඕං හැමෝටම ආයුබෝවන් කිව්ව. මේක අලුත් විදිහෙ වැඩක්. හැමෝම තාක්ෂණය, අධ්‍යාපනය, ජීවිත අද්දැකීම් වගේ දේවල් ගැන ‍බ්ලොග් ලියනවනෙ. ඉතිං මම හිතුව ටිකක් වෙනස් දෙයක් කරන්න. මේක ටිකක් විනෝදයට බර දෙයක්. කට්ටියත් එක්ක සෙට් වෙලා ඉන්න වෙලාවට ෆුල් ෆන් එකක් ගන්න ගමන් කට්ටියව හොල්මන් වෙලා යන විදිහෙ වැඩ ටිකක් කරන හැටි කියල දෙන්නයි යන්නෙ.

          මැජික්.ඒ කියන්න ඇස්බැන්දුම්. තව විදිහකට කියනව නම් ඇස රවටන විජ්ජාවන්.මැජික්වලත් විවිධ ආකාර තියෙනව. ශාලාවක් ඇතුලෙ එකවර විශාල පිරිසකට ඉදිරිපත් කරන මැජික්, පාරෙ ඇවිදගෙන යන ගමන් මුණ ගැසෙන පුද්ගලයන්ට ඉදිරිපත් කරන මැජික් (Street Magic) වගේ විවිධ ආකාර.මම ගොඩක්ම ප්‍රිය කරන්නෙ Street Magic වලට.මගේ ප්‍රියතම විදේශීය මැජික් ශිල්පීන් තමයි ක්‍රිස් ඒන්ජල්, ඩේවිඩ් කොෆර්ෆීල්ඩ්, ඩේවිඩ් බ්ලේන් හා බ්‍රයන් ඩීන් කියන්නෙ. අපේ හෂාන් අයියත් ඔය අතර ඉන්නව ඉතිං. ඔයාල මේ නම් අහලත් ඇති. සමහර විට නැතුවත් ඇති. හැබැයි මම හිතනව  ක්‍රිස් ඒන්ජල් සහ ඩේවිඩ් කොෆර්ෆීල්ඩ් කියන නම් දෙක නම් හීනෙන් හරි ඇහිල ඇති කියල.මොකද මේ දෙන්නම ලෝක ප්‍රසිද්ධ සිරාම වැඩ දාන දෙන්නෙක්.හැබැයි ඉතිං ඔය මොන වැඩේ දැම්මත් ඔක්කොම ඉතිං ඇස රවටන විජ්ජාවන් තමයි.ඩේවිඩ් කොෆර්ෆීල්ඩ් මෙයාගෙ සංදර්ශණ වලට ගොඩක්ම කැමරා ප්‍රයෝග සහ ආලෝක ප්‍රයෝග යොදා ගන්නව. මේව වලින් තමයි මෙයා ඇස රවටන්නෙ. ඉතිං අද ඉදල අපිත් හොද හොද වැඩ ටිකක් දාමු.

          මුලින්ම කියන්න ඕන මැජික් කරන හැටි ඉගන ගන්න කලින් අපි හැමෝම මැජික් බලන කොට ඇස් උඩ තියාගෙන කට ඇරගෙන තමයි බලන්නෙ. අපිට හිතාගන්න බෑ කොහොමද මේක කලේ කියල. නමුත් මැජික් කරන හැටි ඉ‍ගෙන ගත්තහම තමයි අපි දැන ගන්නෙ මේක කොයි තරම් ලේසි ප්‍රයෝගයක්ද කියල. ඉතිං මේකෙ තියෙන මැජික් ඉගෙන ගෙන ඉවර වෙලා "ආපෝ... මේකත් වැඩක්ද" කියල නම් කියන්න එපා.මොකද ප්‍රයෝගය දැන ගන්නකම් මේව අපි හැමෝටම මැක්සා වැඩ.

          නමුත් ප්‍රයෝගය දැනගත්තහම  ???

          ඒ නිසා අවසාන වශයෙන් මට මේ ‍බ්ලොග් එක කියවන හැමෝටම කියන්න තියෙන්නෙ එකම දෙයයි. ඒ මැජික් කියන්නෙ ඇස රවටන විජ්ජාවන් උනත් මැජික් ඉගෙන ගත්තට පස්සෙ මැජික් කියන දේ හෑල්ලුවට ලක් කරන්න නම් එපා.

          එහෙමනම් ඉතිං කට්ටිය කාඩ් පැක් එකකුත් හොයාගෙන වැඩේට සෙට් වෙමුකො. ♠♦♥♣