Pages

Sunday, December 25, 2011

MERRY CHRISTMAS [♠♦ මැජික් | Magic ♥♣]

                                                                


                                                                  |†|…………………….✰
                                                                  |†|…………………….▲
                                                                  |†|…………………..☼☼
                                                                  |†|……………… …*•♥•*
                                                                  |†|………………..*♥♀ ♂♥*
                                                                  |†|………………*♥•►◄••♥*
                                                                  |†|……………*♥☺▬♥▬☺♥*
                                                                  |†|………….*♥•♥▬#♠♥▬♥*♥*
                                                                  |†|…………*♥♫♥▬♫♥ ♥♫▬♥♫*
                                                                  |†|……..*♥☺♥☺♥♫*♣♥♫♥☺♥♥*
                                                                  |†|…..*♥♥♣♫♥♣♥☺♥♫♥☺♥♫♣♥♥*
                                                                  |†|….*♥♥☺♣♥♫♥♫♥☺♥♫ ♥♣☺♥♥*
                                                                  |†|…………………….▓█
                                                                  |†|…………………….▓█
                                                                  |†|...….………….๑۩۞۩๑
                                                                  ◄██▓░❤•MERRY CHRISTMAS•❤





Saturday, September 17, 2011

Magics Toolbar - ♠♦ මැජික් | Magic ♥♣


ඩවුන්ලෝඩ් කිරීමට ඉහත පිංතූරය මත ක්ලික් කරන්න.

Sunday, September 4, 2011

Coin from Coffee Trick - ♠♦ මැජික් | Magic ♥♣





                    ආයෙත් කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තට එන්න ලැබුනෙ. කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරිවුන නිසා අද මම වීඩියෝ ටියුටෝරියල් එකක් දෙන්නයි හදන්නෙ.

ඔයාල දැකල ඇති කෝපි කෝප්පයකින් කාසි මතුකරල ගන්න මැජික් එකක්. දැකල නැත්නම් මේ වීඩියෝ එකෙන්ම බලා ගන්නකො. David Blaine මේ මැජික් එක ඉදිරිපත් කරනවා ගොඩක් වෙලාවට.

මේකෙදි වෙන්නෙ කෝපි වලින් සම්පුර්ණයෙන්ම පුරවල තියෙන කෝප්පයක්, ටික වෙලාවක් හෙමින් හොලවනකොට ඒ කෝප්පෙන් කාසි විශාල ප්‍රමාණයක් මතුවීම. ඉතිං මම දීල තියෙන මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකො කොහොමද මේ ප්‍රයෝගය ඉදිරිපත් කරන්නෙ කියල.

click image to download

යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Sunday, July 24, 2011

♠♦ මැජික් | Magic ♥♣ with your Android™ Device

                    ගොඩක් කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තෙ එන්න ලැබුනෙ. මම කලින් දාපු පෝස්ට් එකට නම් ප්‍රතිචාර ගොඩක් ලැබිල තිබුනා. වැඩි හරියක්ම හැබැයි බැනුම් තමයි තිබුනෙ. හැබැයි ඉතිං ඒ ඔක්කොම ඇනෝනිමස් බැනුම්. ඒ නිසා ඒවා ගණන් ගන්න දේවල් නෙමෙයි. ගොඩක් දෙනෙක් ෆේස්බුක් එකෙන් වගේම ඊ මේල් වලිනුත් අහල තිබුන අලුතෙන් ප්‍රයෝග දාන්නෙ නැද්ද කියල. දාන්න නම් ප්‍රයෝග ගොඩක් තියෙනවා. ඒත් පෝස්ට් එකක් ටයිප් කරන්න වෙලාව අඩු නිසයි දාන්න වෙන්නෙ නැත්තෙ.

ඉතිං යාලු‍වනේ අද මේ පොස්ට් එකෙනුත් ඔයාලට මැජික් ප්‍රයෝගයක් කියල දෙන්න නම් නෙවෙයි මම හදන්නෙ. අද මම ඔයාලට දෙන්න හදන්නෙ පොඩි ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් එකක්. කට්ටිය බලයි දැන් මම මැජික් ප්‍රයෝග ඉදිරිපත් කරන එක නවත්තල සොෆ්ට්වෙයාර් දෙන්න පටන් අරන්ද කියල. මේක එහෙම වැඩක් නම් නෙවෙයි. මම අද ඔයාලට දෙන ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් එක ඔයාලගෙ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකට ඉන්ස්ටෝල් කරගත්තම ඔයාලට පුලුවන් ඒ හරහා ♠♦ මැජික් | Magic ♥♣ බ්ලොග් එක කියවන්න.

පහල තියෙන Download App කියන එක උඩ ක්ලික් කරල ඔයාලට පුලුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කලාට පස්සෙ ලැබෙන ‍magic_android_app.zip file එක unzip කරල ඒකෙ ඇතුලෙ තියෙන Magic.apk file එක ඔයාලගෙ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකට ඉන්ස්ටෝල් කරගත්තම ඔයාලට පුලුවන් ඒ හරහා ♠♦ මැජික් | Magic ♥♣ බ්ලොග් එක කියවන්න.






ඒත් ඉතිං මේක කරන්න පුලුවන් වෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකක් තියෙන අයට විතරයිනේ. ඉතිං ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකක් නැති අයට පහල ලින්ක් එකෙන් පුලුවන් තමන්ගෙ ජංගම දුරකතනයෙන්        ♠♦ මැජික් | Magic ♥♣ බ්ලොග් එකට පිවිසිලා බ්ලොග් එක කියවන්න.



යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Tuesday, May 24, 2011

කාසි වලින් කරන මැජික් - Coin Trick Revealed !!!

                              ඔන්න යාලුවනේ මම කලින් වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරන්නයි යන්නෙ අද. මතක ඇතිනේ මම කලින් කිව්වෙ ඔයාලට කාසි වලින් කරන ප්‍රයෝග ( Coin Tricks ) කීපයක් කියල දෙනව කියල. ඔන්න ඉතිං අද ඒ ටික කියල දෙන්න තමයි යන්නෙ.



මුලින්ම මෙන්න මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්නකො. මේකෙ තියෙන් පොඩි හැදින්වීමක් වගේ එකක් ( intro එකක් ). ඒ කියන්නෙ මේ Coin Trick කිහිපය  Perform කරන විදිහය තමයි තියෙන්නෙ.




දැන් මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්නකො. මේකෙ තියෙන්නෙ කොහොමද මේ Coin Trick කිහිපය කරන්නෙ කියන එක. ඒ කියන්නෙ මේ ප්‍රයෝග වල රහස. ( Coin Trick Revealed )




එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙන කරල බලන්නකො.


යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Friday, May 20, 2011

සහෘදයෙකුගේ නික්ම යෑම !!!

                    කිසිදිනෙක හමුවී නැතත්, කිසිදිනෙක කතාබහ කර නැතත්, ඔබගේ නික්ම යෑම තදින්ම හදට දැනේ. ඒ අන් කිසිවක් නිසා නොව ඔබත් සිංහල බ්ලොග් අවකාශයේ අපේම සහෝදරයෙකු බැවිනි.

දිලුම් සොයුර, ඔබට නිවන්සුව !!!

Monday, May 9, 2011

කලකට පස්සේ වෙලකට බැස්සේ !!! [ ♠♦ මැජික් | Magic ♥♣]

                    මාසෙකින් විතර පොස්ට් එකක් ලියන්න ලැබුනේ. වෙබ් ප්‍රොජෙක්ට් එකක් කරන්න කාලය වැය කල නිසා පෝස්ට් එකක් දාන්න බැරිවුනා. හා හා පුරා කියල කරපු වෙබ් ඇප්ලිකේෂන් එක සර්වර් එකට දාලා ටික දවසයි තිබුනෙ. දැන් සයිට් එකට යන්න බැ.සර්වර් එකේ මොකක් හරි කේස් එකක්. ඊට පස්සෙ ඉතිං ‍ෆ්‍රී හොස්ටින් හොය හොය ඉන්න අතරෙදි තමයි වැප් බ්ලොග් එකේ තිබුන Google App Engine වල හොස්ට් කරන එක ගැන පෝස්ට් එක දැක්කෙ. ‍මේක දැක්ක වෙලේ ඉදන් මම වැඩේට බැස්ස. මම මුලින්ම කරපු වෙබ් ඇප් එක ඩේටාබේස් එක්ක යන Java Persistence එහෙම භාවිතා කරල කරපු ඇප්ලිකේෂන් එකක්. ඉතිං මේක Google App Engine එකේ හොස්ට් කරන්න කලින් මට හිතුන Google App Engine එකේ තියෙන වැඩ කෑලි ටික අල්ල ගන්නත් එක්ක වෙන පොඩි වෙබ් ඇප්ලිකේෂන් එකක් හදල දාන්න. වැඩේ කියන්නෙ Google App Engine එකේ විස්තර කරල තිවුනෙ Eclipse වලින් Google App Engine එකට වෙබ් ඇප් ඩිවලොප් කරන හැටි. ඉතිං 200MBට ටිකක් විතර වැඩියෙන් තිබුන Eclipse IDE එකත් අමාරැවෙන් භාගෙන වැඩේ සෙට් උනා. පුදන කොටම කාපි යකා කියල වැඩේට සෙට් වෙන කොටම JSP File Project එකට ඇඩ් කරන කොට Errors එන්න ගත්ත. ටික දවසක් වැඩේට ට්‍රයි කලා හරි ගියේ නැ. පස්සෙ ඉතිං ආයේ ගූගල් පීරල පීරල නෙට්බීන්ස් වලින් වැඩේ ගොඩදාගන්න ක්‍රමයක් හෙව්වා.සොයන්නාට සම්බවේ කියනවනේ. වැඩේ කරගත්ත කොහොම හරි.Google App Engine එකේ වැඩ ටික අල්ල ගන්නත් එක්ක කලේ පොඩි SEO සයිට් එකක්. දැන් ඉතිං මම මුලින්ම කරපු වෙබ් ඇප්ලිකේෂන් එකත් Google App Engine එකට දාගන්න ඕන. මේ දවස් ටිකේ ඒකට තමයි මහන්සි වෙන්නෙ. ඒ නිසා තමයි පෝස්ට් එකක් දාන්නත් බැරි උනේ.

මම ඊලගට කියල දෙන්න හිටියෙ කාසි වලින් කරන මැජික් ටිකක් ( Coin Tricks ). ඒත් ඒකේ වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න බැරි උනා. ඒ නිසා ඒක අප්ලෝඩ් කර ගන්න තෙක් වෙන මැජික් ට්‍රික් ටිකක් කියල දෙන්නම්.

ඊලග පෝස්ට් එක හෙට හෝ අනිද්දා විතර දාන්නම්. ඒ පෝස්ට් එකෙන් කියල දෙන්න බලාපොරොත්තු වෙන්නෙ කොහොමද මුද්දක් නූලක එල්ලලා නූල පුච්චන්නෙ මුද්ද වැටෙන්නෙ නැතිවෙන්න කියලයි.

එහෙනම් ඊලග පෝස්ට් එකෙන් හම්බවෙමු.

යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Wednesday, March 16, 2011

3 in 1 - Magic Videos...

 

ඉතිං කොහොමද යාලුවනේ... මාසෙකට විතර පස්සෙ තමයි බ්ලොග් එක පැත්තෙ එන්න ලැබුනෙ. මම නම් හිතන් හිටියෙ මේ වෙනකොට බ්ලොග් එකේ මකුණු දැලුත් බැදල ඇති කියලයි. ඒත් Stats බැලුවමයි ආපු ඊ මේල් බැලුවමයි නම් පෙනුන ඒක එහෙම නෙමෙයි කියල. මාසයක් විතර post එකක් දාන්න බැරිවුනත් කට්ටිය බ්ලොග් එකට ඇවිත් ගිහින් තිබුනා. පසුගිය මාස 2ක 3ක කාලය ගොඩක් කාර්යයබහුල වුනා. ඒකයි බ්ලොග් එක පැත්තෙ එන්න බැරිවුනේ.ඔන්න ඉතිං දැන් ආයෙත් සුපුරැදු විදිහටම බ්ලොග් එක කරගෙන යනවා.

මම මේ වෙනකොට ඔයාලට Magic Video Tutorials 3ක් දීල තියෙනවා. ඒ තමයි World Fastest Card Tick, 9 Cards Trick සහ Card Levitation Trick එකක්.

ඉතිං මෙච්චර කාලයක් අපි මැජික් කලේ කාඩ් පැක් එකේ කාඩ් උපයෝගී කරගෙන නේ. කාඩ් විතරක් නෙමේ කාසි,බෝතල්,ඔරලෝසු,පෑන්,පැන්සල් වගේ අපිට නිතර හමුවෙන ගොඩක් දේවල් උපයෝගී කරගෙන මැජික් කරන්න පුලුවන්. ඔයාල දැකල ඇතිනේ ඒ වගේ මැජික් ඉදිරිපත් කරනවා. තව දවස් කීපයකින් මම ඔයාලට කියල දෙන්නම් කාසි යොදාගෙන කරන්න පුලුවන් මැජික් කීපයක්. ඒකට අදාල Video Tutorial එක upload කරන්න උනේ නෑ තවම. ඒක upload කල ගමන් කාසි වලින් ඉදිරිපත් කරන්න පුලුවන් මැක්සා ප්‍රයෝග ටිකක් ඔයාලටත් ඉගෙන ගන්න පුලුවන්.

ඉතිං අද නම් මම අලුත් ප්‍රයෝගයක් කියල දෙන්නෙ නැහැ ඔයාලට. ඒත් මම කලින් දීපු Magic Video Tutorials 3 ගත්තෙ නැති අයට ගන්න මම ඒ ලින්ක් 3 අද ලබාදෙනවා. මේ තියෙන්නෙ ඒ ලින්ක් 3.

World Fastest Card Tick

9 Cards Trick

Card Leviation Trick (1)


මේ වීඩියෝ 3 ගත්තෙ නැති අය ගන්න. Card Levitation Trick එක සදහා උපදෙස් තමයි මේ තියෙන්නෙ.

Card Levitation Trick එකේ තියෙන සුදු පාට පටිය විදිහට ඔයාට විනිවිධ පෙනෙන (Transparent) පටියක් භාවිතා කරන්න පුලුවන්. එය  විනිවිධ පෙනෙන ෆයිල් කවරයකින් කපා ගන්න. විනිවිධ පෙනෙන ෆයිල් කවර stationary items තියෙන කඩවල් වල තියෙනවා.

ඒ වගේම ඒ පටිය කාඩ් එකට ති‍යල අලව ගන්න ඔයාට දෙපැත්තම ඇලවෙන ගම් ටේප් එකක් යොදා ගන්න පුලුවන්. නැත්නම් ගම් උනත් යොදාගන්න පුලුවන්.

මේ වීඩියෝ එකේ ඒ පටිය පැහැදිලිව පෙනෙන්නෙ පැත්තෙන් වීඩියෝ එක අරන් තියෙන නිසා. ඉදිරියෙන් බලන කෙනෙකුට මේ පටිය පෙනෙන්නෙ නෑ.

මැජික් එක ඉවර වෙනවත් එක්කම මේ පටිය කාඩ් එකෙන් වෙන් කරල ඔයාගෙ අතට අරන්, ඔයාගෙ සාක්කුවකට හරි වෙනත් නොපෙනෙන කොහේ හෝ තැනකට දාගන්න අමතක කරන්න එපා.

වෙන ප්‍රශ්න තියෙනව නම් mail එකක් හෝ comment එකක් දාන්න.



මෙන්න පාස්වර්ඩ් එක

magic4me


යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Tuesday, January 25, 2011

Card Levitation Trick - Magic Video

                           හොදයි යාලුවනේ සතියකින් විතර තමයි මේ ප්‍රයෝගයක් දාන්නෙ. මේ දවස් වල ටිකක් වැඩ වැඩියි. ඒ නිසා ටිකක් පරක්කු උනා ප්‍රයෝගයක් දාන්න. ගිය පාර මම ඔයාලට දුන්න Video Tutorial එක තමයි World Fastest Card Trick එක. ඒකෙ World Fastest Card Trick එකයි දෙකයි දෙකම තියෙනවා. ඉතිං අද මම දෙන්න යන්නෙත් තවත් ලස්සන Video Tutorial එකක්. මම හිතනවා ගොඩක් දෙනා මේකට කැමති වෙයි කියල.

ඉතිං මම අද ඔයාලට කියල දෙන්න යන ප්‍රයෝගය වෙන්නෙ Card Levitation Trick එකක්.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

මේ Video Tutorial එක Card Levitation Tutorial එකක්. ගොඩක් දෙනා නොපෙනෙන නූලක් ( Invisible Thread ) භාවිතා කරල තමයි Card Levitation Tricks ඉදිරිපත් කරන්නෙ. හැබැයි මේ වීඩියෝ එකෙන් නූලක් භාවිතා නොකර Card Levitation Trick එකක් ඉදිරිපත් කරන්නෙ කොහොමද කියල පෙන්‍වනවා.

ඒ වගේම තමයි නොපෙනෙන නූලක් ( Invisible Thread ) භාවිතා කරල මේ ප්‍රයෝගය කරන හැටිත් මම ඉදිරියෙදි ඔයාලට කියල දෙන්නම්.

මෙන්න වැඩේ යන හැටි.

ඉතිං කලින් වගේම මේ Video Tutorial එක ඕන අය පහත Email Address එකට Email එකක් දාන්න. Email එකේ Subject එකට Card Levitation (1) කියල දාන්න.

         magics4me@gmail.com
 යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Sunday, January 16, 2011

World Fastest Card Trick - Magic Video

                              මම ගියපාර ඔයාලට ප්‍රයෝගය කියල දුන්නෙ Video Tutorial එකකින්.ඒ තමයි 9 Cards Trick.ගොඩක් දෙනා Video Tutorial වලින් කියල දෙන්න කියල ඉල්ලීම් කල නිසයි මම එහෙම කලේ. ඒත් සමහර අයට Video Tutorial වලින් දීපු එකත් ප්‍රශ්නයක් කියල තිබුනා. ඒ අයට අන්තර්ජාලය හා පරිගණක පිළිබද ප්‍රශ්න තියෙනව කියල තිබුනා. මොනව උනත් අදත් මම දෙන්න යන්නෙ Video Tutorial එකක්. Video Tutorial දැමීම ප්‍රශ්නයක් වෙන අය මාත් එක්ක තරහ වෙන්න නම් එපා. මම ඒකට විසදුමක් ලගදිම දෙන්නම්.

ඉතිං මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ තවත් අපූරැ ප්‍රයෝගයක්. මේ තමයි World Fastest Card Trick එක.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

මම අද දෙන Video Tutorial එක Card Changing Tutorial එකක්. මේක තමයි World Fastest Card Trick එක. World Fastest Card Trick එක කිවුවට World Fastest Card Trick එකයි දෙකයි දෙකම තියෙනවා මේකෙ. ඔයාල දැකල ඇතිනේ කාඩ් එකක් අතට අරන් පෙන්වල, snap එකක් දෙන ගමන්ම ක්ෂණිකව ඒ කාඩ් එක වෙනස් කරනවා. අන්න ඒ ප්‍රයෝගය ඉදිරිපත් කරන්නෙ කොහොමද කියල තමයි මෙවර Video Tutorial එකෙන් කියල දෙන්නෙ.

මෙන්න වැඩේ යන හැටි.

මේක අනිත් ප්‍රයෝගය වගේ එක පාරම කරන්න පුලුවන් ප්‍රයෝගයක් නම් නෙමේ. ටිකක් පුහුණු වෙලා කරන්න ඕන එකක්. ඒ නිසා එක පාරම කරන්න ගිහින් කරගන්න බැරැව වැඩේ අතෑරල දාල මිදි තිත්තයි කියන්න එපා.

ඉතිං කලින් වගේම මේ Video Tutorial එක ඕන අය පහත Email Address එකට Email එකක් දාන්න. Email එකේ Subject එකට Video Tutorial කියල දාන්න.



අමතක වෙලා කලින් පාර වගේ Email එකේ Subject එකට Magic Video කියල එහෙම දාන්න එපා. එහෙම උනොත් කලින් දුන්න 9 Cards Trick ප්‍රයෝගයම ආයෙත් ඔයාට ලැ‍බෙයි.

යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Monday, January 10, 2011

9 Cards Trick - Magic Video

                            ඔන්න යාලුවනේ 2011 අලුත් අවුරැද්දෙ පළමු ප්‍රයෝගය කියල දෙන්නයි යන්නෙ.ඔයාලට මතක ඇතිනේ මම කලින් වතාවෙ කියල දුන්න ප්‍රයෝගය. ඒ තමයි Simple Card Trick. මම හිතනවා දැන් ඔයාලට මම කලින් කියල දීපු ඒ ප්‍රයෝගය හොදින් කරන්න පුලුවන් ඇති කියල. ඉතිං මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ තවත් අපූරැ ප්‍රයෝගයක්. මේ තමයි 9 Cards Trick කියන ප්‍රයෝගය.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

මේකට අවශ්‍ය වෙන්නෙ කාඩ් 9ක් විතරයි. නරඹන්නා තෝරා ගත්ත කාඩ් එක අපි පෙන්වන එක තමයි මේකෙදි වෙන්නෙ.

මෙන්න වැඩේ යන හැටි.

වැඩේ කරන්නෙ කොහොමද කියල මම අද ඔයාලට කියල දෙන්නෙ Video Tutorial එකකින්. ගොඩක් දෙනා කියල තිබුනා Video Tutorial වලින් කියල දෙන්න කියල. ඉතිං මේ Video Tutorial එක ඕන අය පහත Email Address එකට Email එකක් දාන්න. මතක ඇතුව Email එකේ Subject එක Magic Video කියල දාන්න.

                                        magics4me@gmail.com

යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣