Pages

Sunday, January 16, 2011

World Fastest Card Trick - Magic Video

                              මම ගියපාර ඔයාලට ප්‍රයෝගය කියල දුන්නෙ Video Tutorial එකකින්.ඒ තමයි 9 Cards Trick.ගොඩක් දෙනා Video Tutorial වලින් කියල දෙන්න කියල ඉල්ලීම් කල නිසයි මම එහෙම කලේ. ඒත් සමහර අයට Video Tutorial වලින් දීපු එකත් ප්‍රශ්නයක් කියල තිබුනා. ඒ අයට අන්තර්ජාලය හා පරිගණක පිළිබද ප්‍රශ්න තියෙනව කියල තිබුනා. මොනව උනත් අදත් මම දෙන්න යන්නෙ Video Tutorial එකක්. Video Tutorial දැමීම ප්‍රශ්නයක් වෙන අය මාත් එක්ක තරහ වෙන්න නම් එපා. මම ඒකට විසදුමක් ලගදිම දෙන්නම්.

ඉතිං මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ තවත් අපූරැ ප්‍රයෝගයක්. මේ තමයි World Fastest Card Trick එක.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

මම අද දෙන Video Tutorial එක Card Changing Tutorial එකක්. මේක තමයි World Fastest Card Trick එක. World Fastest Card Trick එක කිවුවට World Fastest Card Trick එකයි දෙකයි දෙකම තියෙනවා මේකෙ. ඔයාල දැකල ඇතිනේ කාඩ් එකක් අතට අරන් පෙන්වල, snap එකක් දෙන ගමන්ම ක්ෂණිකව ඒ කාඩ් එක වෙනස් කරනවා. අන්න ඒ ප්‍රයෝගය ඉදිරිපත් කරන්නෙ කොහොමද කියල තමයි මෙවර Video Tutorial එකෙන් කියල දෙන්නෙ.

මෙන්න වැඩේ යන හැටි.

මේක අනිත් ප්‍රයෝගය වගේ එක පාරම කරන්න පුලුවන් ප්‍රයෝගයක් නම් නෙමේ. ටිකක් පුහුණු වෙලා කරන්න ඕන එකක්. ඒ නිසා එක පාරම කරන්න ගිහින් කරගන්න බැරැව වැඩේ අතෑරල දාල මිදි තිත්තයි කියන්න එපා.

ඉතිං කලින් වගේම මේ Video Tutorial එක ඕන අය පහත Email Address එකට Email එකක් දාන්න. Email එකේ Subject එකට Video Tutorial කියල දාන්න.



අමතක වෙලා කලින් පාර වගේ Email එකේ Subject එකට Magic Video කියල එහෙම දාන්න එපා. එහෙම උනොත් කලින් දුන්න 9 Cards Trick ප්‍රයෝගයම ආයෙත් ඔයාට ලැ‍බෙයි.

යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

0 comments:

Post a Comment