Pages

Wednesday, March 16, 2011

3 in 1 - Magic Videos...

 

ඉතිං කොහොමද යාලුවනේ... මාසෙකට විතර පස්සෙ තමයි බ්ලොග් එක පැත්තෙ එන්න ලැබුනෙ. මම නම් හිතන් හිටියෙ මේ වෙනකොට බ්ලොග් එකේ මකුණු දැලුත් බැදල ඇති කියලයි. ඒත් Stats බැලුවමයි ආපු ඊ මේල් බැලුවමයි නම් පෙනුන ඒක එහෙම නෙමෙයි කියල. මාසයක් විතර post එකක් දාන්න බැරිවුනත් කට්ටිය බ්ලොග් එකට ඇවිත් ගිහින් තිබුනා. පසුගිය මාස 2ක 3ක කාලය ගොඩක් කාර්යයබහුල වුනා. ඒකයි බ්ලොග් එක පැත්තෙ එන්න බැරිවුනේ.ඔන්න ඉතිං දැන් ආයෙත් සුපුරැදු විදිහටම බ්ලොග් එක කරගෙන යනවා.

මම මේ වෙනකොට ඔයාලට Magic Video Tutorials 3ක් දීල තියෙනවා. ඒ තමයි World Fastest Card Tick, 9 Cards Trick සහ Card Levitation Trick එකක්.

ඉතිං මෙච්චර කාලයක් අපි මැජික් කලේ කාඩ් පැක් එකේ කාඩ් උපයෝගී කරගෙන නේ. කාඩ් විතරක් නෙමේ කාසි,බෝතල්,ඔරලෝසු,පෑන්,පැන්සල් වගේ අපිට නිතර හමුවෙන ගොඩක් දේවල් උපයෝගී කරගෙන මැජික් කරන්න පුලුවන්. ඔයාල දැකල ඇතිනේ ඒ වගේ මැජික් ඉදිරිපත් කරනවා. තව දවස් කීපයකින් මම ඔයාලට කියල දෙන්නම් කාසි යොදාගෙන කරන්න පුලුවන් මැජික් කීපයක්. ඒකට අදාල Video Tutorial එක upload කරන්න උනේ නෑ තවම. ඒක upload කල ගමන් කාසි වලින් ඉදිරිපත් කරන්න පුලුවන් මැක්සා ප්‍රයෝග ටිකක් ඔයාලටත් ඉගෙන ගන්න පුලුවන්.

ඉතිං අද නම් මම අලුත් ප්‍රයෝගයක් කියල දෙන්නෙ නැහැ ඔයාලට. ඒත් මම කලින් දීපු Magic Video Tutorials 3 ගත්තෙ නැති අයට ගන්න මම ඒ ලින්ක් 3 අද ලබාදෙනවා. මේ තියෙන්නෙ ඒ ලින්ක් 3.

World Fastest Card Tick

9 Cards Trick

Card Leviation Trick (1)


මේ වීඩියෝ 3 ගත්තෙ නැති අය ගන්න. Card Levitation Trick එක සදහා උපදෙස් තමයි මේ තියෙන්නෙ.

Card Levitation Trick එකේ තියෙන සුදු පාට පටිය විදිහට ඔයාට විනිවිධ පෙනෙන (Transparent) පටියක් භාවිතා කරන්න පුලුවන්. එය  විනිවිධ පෙනෙන ෆයිල් කවරයකින් කපා ගන්න. විනිවිධ පෙනෙන ෆයිල් කවර stationary items තියෙන කඩවල් වල තියෙනවා.

ඒ වගේම ඒ පටිය කාඩ් එකට ති‍යල අලව ගන්න ඔයාට දෙපැත්තම ඇලවෙන ගම් ටේප් එකක් යොදා ගන්න පුලුවන්. නැත්නම් ගම් උනත් යොදාගන්න පුලුවන්.

මේ වීඩියෝ එකේ ඒ පටිය පැහැදිලිව පෙනෙන්නෙ පැත්තෙන් වීඩියෝ එක අරන් තියෙන නිසා. ඉදිරියෙන් බලන කෙනෙකුට මේ පටිය පෙනෙන්නෙ නෑ.

මැජික් එක ඉවර වෙනවත් එක්කම මේ පටිය කාඩ් එකෙන් වෙන් කරල ඔයාගෙ අතට අරන්, ඔයාගෙ සාක්කුවකට හරි වෙනත් නොපෙනෙන කොහේ හෝ තැනකට දාගන්න අමතක කරන්න එපා.

වෙන ප්‍රශ්න තියෙනව නම් mail එකක් හෝ comment එකක් දාන්න.



මෙන්න පාස්වර්ඩ් එක

magic4me


යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

8 comments:

Nimesh said...

Ko ban meke password eka?

♠♦ මැජික් | Magic ♥♣ said...

ඔය තියෙන්නෙ බං උඩ :P

සාරංග said...

එළ එළ,

මම දැකල තියනව කාඩ් අහසෙ පාකරනව, ඇඟ වටේ කරකවනව, එව්ව කරන්න කොහොමද කියල දන්නවද ?

♠♦ මැජික් | Magic ♥♣ said...

@ සාරංග
ස්තුතියි සාරංග කමෙන්ට් එකට.
කාඩ් අහසෙ පාකරනව, ඇඟ වටේ කරකවනව විතරක් නෙමේ. කොලයක් පුච්චල ඒකෙ අලු ඇගේ ගාලා කිසියම් සංඛේත මතුකරන හැටි, පණ තියෙන මිනිහෙක්ගේ ඇග ඇතුලෙන් රිංගන හැටි,පණ තියෙන මිනිහෙක් කපල ආයේ සෙට් කරන හැටි වගේ ඒවත් ඉදිරියෙදි කියල දෙනවා.

කතන්දර Kathandara said...

ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයා

♠♦ මැජික් | Magic ♥♣ said...

@ Kathandara
ගොඩක් ස්තුතියි යාලුවා !!!

Thilina said...

ඔයා කියල තියනව ඉදිරියට කොලයක් පුච්චල ඒකෙ අලු ඇගේ ගාලා කිසියම් සංඛේත මතුකරන හැටි, පණ තියෙන මිනිහෙක්ගේ ඇග ඇතුලෙන් රිංගන හැටි,පණ තියෙන මිනිහෙක් කපල ආයේ සෙට් කරන හැටි වගේ ඒවත් ඉදිරියෙදි කියල දෙනවා කියලා....
ඒත් ඒකෙන් ඔයාට ලෑබෙන වාසිය මොකක්ද...????
එහෙම කරන්න පුලුවන්නම් හොඩයි....
good luck...

♠♦ මැජික් | Magic ♥♣ said...

@ Thilina

ස්තුතියි Thilina කමෙන්ට් එකට.

අමතක කරන්න එපා Thilina මේවා මැජික් කියල.මැජික් කියන්නෙ ඇස්බැන්දුම්.ඒ කියන්නෙ ප්‍රේක්ෂකයාගේ ඇස රවට්ටල කරන දේවල්. ඒ නිසා කවදාවත් ඇත්තටම මිනිහෙක්ගේ ඇග ඇතුලෙන් රිංගන්නෙවත්, ඇත්තටම පන තියෙන මිනිහෙක් කපන්නෙවත් නෑ.මේකෙදි වෙන්නෙ ප්‍රේක්ෂකයාගේ ඇස රැවටෙන එක විතරයි.

මේකෙන් මට කිසිම වාසියක් ලැබෙන්නෙ නම් නෑ. මම කරන්නෙ මම මහන්සියෙන් ඉගෙන ගත්ත දෙයක් තව කෙනෙකුට කියාදෙන එක විතරයි.

Post a Comment